හිටපු ජනපතිගේ ගල් කොරිය

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113

    පරාක‍්‍රම සමුද‍්‍රය ඉහත්තාවේ ඇති හිටපු ජනපතිගේ ගල් කොරිය, පුතාගේ නිවස, මල්ලිගේ හෝටලය ඉවත් කර ගන්න..- ඇමති රොෂාන්



    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පවුලට අයත් ගල්කොරියක් පරාක්‍රම සමුද‍්‍රය ඉහත්තාවේ ඇති බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයාගේ නිවස තනා ඇත්තේ වැව් තාවුල්ලේ බවත් ඩඩ්ලි සිරිසේන මහතාගේ අරලිය හෝටලය ඉදිකර ඇත්තේ වැව් තාවුල්ල ද අත්පත් කරගත් බවත් අමාත්‍යවරයා පවසයි.

    පරාක්‍රම සමුද්‍රය පූජනීය බව හිටපු ජනාධිපතිවරයා පවසන්නේ සද්භාවයෙන් නම් වැව් තාවුල්ලේ ඇති ඔහුගේ ඥාතීන්ගේ ගල්කොරි, හෝටල් සහ ගෙවල් ඉවත්කරගෙන වැවේ පූජනීයත්වය රැක දෙන්නැයි ඉල්ලා සිටියේය.

    හිරු රූපවාහිනී පැවති වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

    හටපු ජනාධිපතිවරයා තවදුරටත් කුමන්ත‍්‍රණකාරී වැඩපිලිවෙලක යෙදී සිටින බවත් එය තමන් හොදින් අවබෝධ කරගෙන සිටින බවත් ඔවුන්ගේ සහාය ඇතත් නැතත් ආණ්ඩුව පවත්වාගෙන යන බවත් එහිදී පැවසීය.
     
    • Like
    Reactions: Champ HB and vito