හිටපු ජනපතිනිය රන්ජන් ගැන තැබූ සටහන

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ranjan-768x432.jpg


    හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිරගත වූ රංජන් රාමනායක ගැන ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.

    ඒම සටහන පහතින්,

    මා හිතවත් රන්ජන් Ranjan Ramanayake

    ඔබට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම සැලවීමෙන් විස්මයටත්, කණගාටුවටත් පත්වීමි. ඔබට මේ තත්ත්වය ඇතිවූයේ මේ රටේ මුළුමනින් ම දූෂ්‍ය වී තිබෙන රාජ්‍ය තන්ත්‍රයට එරහිව නිර්භයව හඬනැගීම හේතුවෙනි.

    ටෙන්ඩර් සහ මහා පරිමාණ වංචා කළ සොරුන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින් නිදහසේ ඉතා ඉහළින් වැජඹෙන විට, අතිශයින් ම දූෂිත දේශපාලන සහ රාජ්‍ය තන්ත්‍රය පිරිසිදු කිරීමට අවංකවම උත්සාහ කිරීම නිසා, ඔබට අද සිරගත වන්නට සිදු ව තිබේ.

    මා ජනාධිපතිව සිටි අවධියේ දී මම ද, ඔබ අනුගමනය කළ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින් රටේ සියලු දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට, අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යභාරයක් ඉටුකළෙමි. අවාසනාවට මගෙන් පසු යුගය තුළ ඒ සියලු උත්සාහයන් උඩු යටිකුරු වී ගියේ ය.

    කිසිදු විටෙක අධෛර්ය නොවන්න. යුක්තිය අගයන සියලු ජනතාව ඔබ සමග සිටින බැවින් සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන්න.කුමන අභියෝග සහ බාධා එල්ල වුවද, අපේ දේශයේ සුබසිද්ධිය වෙනුවෙන් අපි බොහෝ කැපවීමෙන් වැඩ කළ යුතු වෙමු.

    අයුක්තියට, අසාධාරණයට, දූෂණයට එරෙහිව ඔබ විසින් ආරම්භ කළ සටන වඩාත් ශක්තිමත්ව ඉදිරියට මෙහෙය වීමට ඔබට ආශිර්වාද කරමින් විජය මාමාගේ ගීත කොටසක් සිහිපත් කරමි.

    “වරදට එරෙහිව අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදීව තපස් රකින්නේ
    පිට කොඳු බිඳ ගත් ඔල මොල නිවටුන්”

    මීට,
    හිතවත්,
    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මා ජනාධිපතිව සිටි අවධියේ දී මම ද, ඔබ අනුගමනය කළ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින් රටේ සියලු දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට, අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යභාරයක් ඉටුකළෙමි. අවාසනාවට මගෙන් පසු යුගය තුළ ඒ සියලු උත්සාහයන් උඩු යටිකුරු වී ගියේ ය.

    DpBL7GX.jpg
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඒකනෙ ඒ කාලෙ රත්තරන් දාන්නෙ නැතුව දියමන්ති දැම්මෙ..පුක තමයි 😐
     
    • Haha
    Reactions: BillionaireBoys

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    චන්ද්‍රිකා ජනාධිපති කාලේ එස්බී හිරේ ගියෙත් අධිකරණයට එරෙහිව නිර්භයව හඬනැගීම හින්ද වෙන්න ඇති නේද
    සිරාවටම.. මටත් ඒකාව තමා මතක් වුනේ.. :lol:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඉන්ග්ලන්ඩ් වල විලා එකක් ගන්න ගිහිල්ලා ඒ කාලේ රෙදි ගැලවෙන්න ගියේ මෙයාගේ......බලන්නකෝ දැන් ඒවා මතකත් නැහැනේ😂 අලිම අලි හෙර.. තමයි මෙයා නම්
     
    • Like
    Reactions: dinuksha_asela

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,468
    1,424
    113
    Buy Chaura Rajina (චෞර රැජින) by Victor Ivan (වික්ටර් අයිවන්) (ISBN: 9789551468033) from Amazon's Book Store.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    චන්ද්‍රිකා කියන්නේ රන්ජන්ගේ නැන්දා බං
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    වරදට එරෙහිව අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදීව තපස් රකින්නේ
    පිට කොඳු බිඳ ගත් ඔල මොල නිවටුන්”
     
    • Love
    Reactions: saja

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ආතල් ගන්න කට්ටියට ගන්නයි කියලා ආතල් දෙන කට්ටිය දෙනවා
    ගන්න කට්ටිය අරන් ආතල් එකේ ඉන්නවා