හිටපු ජනාධිපතිවරයාගේ සමාජ ජාල ක්රියාකා&
හිටපු ජනාධිපතිවරයාගේ සමාජ ජාල ක්රියාකාරීන් බෙදේ
(09) දින නෙළුම් මාවතේ තරුණ සංවිධාන එකමුතුව හා ක්රියාකාරී තරුණ ප්රජාව අතර විශේෂ හමුවක් පැවැත්විණි. දිවයින පුරා සිටින හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලනික කටයුතු සදහා සහය ලබා දෙන තරුණ ක්රියාකාරීන් අතරින් යම් තෝරාගත් පිරිසකට පමණක් රහසිගතව ආරාධනා කර මෙම හමුව පවත්වා ඇති බව වාර්ථා වේ.
මෙම අවස්ථාවට සහභාගී වී ඇති 90% පිරිස සමාජ ජාලා ක්රියාකරුවන් වන අතර ඔවුන් වර්ථමාන ආණ්ඩුවට විරුද්ධව ෆේස් බුක් පේජ් සහ ගෘප් පවත්වාගෙන යන්නන් සහ වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් බව තහවුරු වී ඇත.
කෙසේ නමුත් දිවයින පුරා සිටින ලක්ෂ ගනනක් පමණ වූ සමාජ ජාල ක්රියාකාරීන් සහ ක්රියාකාරී තරුණ ප්රජාව මෙම හමුව තුලින් නොසලකා ඇති බව දක්නට ඇත.මෙම වැඩපිළිවෙල තුලින් ආණ්ඩුවට එරෙහිව තම කාලය මුදල් හා ශ්රමය වැය කරන බොහෝ තරුණ තරුණියන් සහ සමාජ ජාල ක්රියාකාරීන් ෆේස් බුක් පේජ් ඇඩ්මින් වරුන් වෙබ් ඇඩ්මින්වරුන් ප්රතික්ශේප කර ඇති බව සක් සුදක් සේ පැහැදිලියි.
මෙම හමුව සංවිධානය කර ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගේ සමාජ ජාල මෙහෙයුම් කරුවන් යැයි කියා ගන්නා පුද්ගලයන් කිහිප දෙනෙක් වන අතර ඔවුන් ඒකා බද්ධ විපක්ශයේ හෝ නෙළුම් මාවතේ කිසිදු තනතුරක් හෝ වගකීමක් දරණ පුද්ගලයන් නොවන බව නෙලුම් මාවත කාර්යාලයෙන් කල විමසීමකදී දැනගැනීමට ලැබිණ.
අන්තර්ජාලයට සහ ෆේස්බුක් අඩවියට එහි ඡායාරූප බෙදා හැරීමත් සමග 99% පමණ වූ සමාජ ජාලා ක්රියා කාරීන් දැඩි පීඩනයකට සහ කළකිරීමකට ලක් වී ඇති බවත් පේජ් ඇඩ්මින් වරුන් පිරිසක් මේ වන විටත් එජාප තරුණ සංවිධානයට හා ග්රීන් වොයිස් සංවිධානයට එක් වීමට සාකඡ්ඡා කරමින් සිටින බවටත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග තහවුරු කර සිටියි.
හිටපු ජනාධිපතිවරයාගේ ඉදිරි දේශපාලන කටයුතු සහ සමාජ ජාලා ක්රියාකාරීන් යම් යම් පුද්ගලයන් යටතට පත් කර ගැනීමට දරණ උත්සහයක් ලෙස මෙවැනි උගුල් හැදින්විය හැක බොහෝ කන්ඩායම් පිලිබදව හිටපු ජනාධිපතිවරයා වෙත කේලාම් පවසමින් ඔහුව තව තවත් උගුලකට හසු කරමින් අපකීර්තියට පත් කිරීමටත් පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට යම් යම් පුද්ගලයන් මේ වන විටත් කූඩැල්ලන් සේ සාරය උරා බොමින් සිටින බව වාර්ථා වේ.

Last edited: