හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට !

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113

    හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට !​


    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත් අඩංගුවට ගෙන තිබේ.

    ඒ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබුණු අතර එම ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

    වික්‍රමසිංහ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණේ ඔහු ජනාධිපති ධුරය දරණ සමයේදී රජයේ වියදමෙන් ලන්ඩනයේ පෞද්ගලික සංචාරයක නිරත වී ඇති බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.