හිටපු නියෝජ්‍ය ඇමතිට දුන් සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි.... onna ohomai mainage amathila weda kare

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    2007 වසරේ දෙසැම්බර් මස 01 වනදා සහ එම මස 26 වනදා අතර කාලසීමාව තුළ අම්පාරේදී ජී. පුංචි නෝනා නමැති කාන්තාවකගේ පුත්‍රයාට ලංකා විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබාදීම සඳහා රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විත්තිකාර අභියාචක ශාන්ත ප්‍රේමරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

    මෙම සිද්ධිය වූ අවස්ථාවේ විත්තිකාර අභියාචක දේශපාලන පක්ෂයක දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කර ඇති අතර ඔහු වෘත්තීයෙන් නීතිඥවරයෙකු ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කර ඇති බවත් නඩු තීන්දුවේ සඳහන් විය.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2017 වසරේ නොවැම්බර් 02 වනදා සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ මහාධිකරණය විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බව තීන්දු කළේය.

    ඒ අනුව විත්තිකරුට බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම් සහ රුපියල් 5,000ක දඩයක් නියමකළ මහාධිකරණය එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලබන්නේ නම් අමතරව මාසයක සිරදඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් වුණි.

    එම තීන්දුවට එරෙහිව ශාන්ත ප්‍රේමරත්න මහතා අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එල්ලකර තිබූ චෝදනා මහාධිකරණ නඩු විභාගයේදී සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වූ බවයි.

    ඊට අමතරව විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු මහාධිකරණ විනිසුරුවරයා විසින් සැලකිල්ලට භාජනය කර නොමැති බවත් ශාන්ත ප්‍රේමරත්න මහතා සිය ඇපෑලේ සඳහන් කර තිබුණි.

    ඉන් අනතුරුව එම ඇපෑල පිළිබඳ පූර්ණ විභාගයක් පැවැත්වූ සම්පත් අබේකෝන් සහ පී. කුමාරම් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචක විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා කොළඹ මහාධිකරණය හමුවේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි සඳහන් කළේය.

    ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි මත මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව නිවැරදි ආකාරයෙන් ප්‍රකාශයට පත්කර ඇති බවත් ඊට මැදිහත්වීමට අභියාචනාධිකරණයට අවශ්‍ය නොවන බවත් විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කර තිබුණි.

    ඒ අනුව අභියාචක විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත්කළ දඬුවම සහ දඩ මුදල් තහවුරු කරන බවත් ඊට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ප්‍රතික්‍ෂේප කරන බවත් නඩු තීන්දුවේ සඳහන් වෙයි.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    17 years gihin hire yanna 😟

    Lankaawe usaawi thawa 50k 60k aluthin demma nam hari. nethnam nadu kal yanawa wadi
    ------ Post added on Nov 6, 2024 at 12:34 AM