හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler

sanuri2007

Member
Jan 8, 2011
462
83
0
හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler

මේ ලිපිය ආරම්භ කරන්න සිතා ගෙන සිටියේ නම් මීට වඩා වෙනස් විදියට ඒ මේ සම්බන්ධයෙන් තියෙන පොත් දෙකක් පිළිබදව විස්තරද සමගයි. ඒත් ‍පොත් දෙක සොයාගන්න අද වෙලාව මදිකම නිසා ඒ ගැන වෙන දවසකට තියලා මෙම ලිපිය ලියන්න කියලා හිතුවා.

ඒකාධිපතිවාදයේ ප්‍රතිමූර්තිය කුමක්ද කියලා‍ ඇසුවොත් බහුතර‍යකගේ අදහසවන්නේ හිට්ලර් පිළිබදවයි. ඒ තරමටම හිට්ලර් පිළිබදව ලෝකය පුරාම රටවල් රාශිකම වාසය කරන්නන් තුල ඇත්තේ බියකරු මතකයක්. ඒ ගැන දොසක් කියන්නත් බැහැ. මොකද ඔහුගේ ආර්යය ජාතිය පිළිබද සංකල්පය නැතහොත් එය තවත් විස්තරාත්මකව
"One people, One Germany, One Führer” යන සංකල්පය නිසා ඔහු මෙන්ම ඔහුගේ මඟ ගත් හිට්ලර්ගේ මිනීමරු අනුගාමිකයන් පිරිස මෙන්ම මෙම වියරු අදහස උදෙසා ලෝකයේ රටවල් ගණනාවක අහිංසක මිනිසුන් මිලියන ගණනාවකට සිය ජීවිතයෙන් වන්දිගෙවන්න වුනා සේම එයින් සිදුවූ දේපල හානියත් අතිමහත්.


1a.jpg

මේ Life සඟරාව වෙනුවෙන් William Vandivert නම් ඡායාරූප ශිල්පිය
සෝවියට්-ජර්මන් හමුදා සටන් කල බර්ලිනයේ එම යුද්දය අවසන් වී සති දෙකකට පසු ගන්නා ලද
සේයාරුවකි
.

2a.jpg

Life සඟරාව වෙනුවෙන් ගන්නා ලද ඡායාරූපය එහි පල කරන ලද්දක් නොවේ‍.
මේ යුද්දයෙන් පසු බර්ලින් නගරයට ඉහලින් ගුවන් යානාවකින් ගන්නා ලද
සේයාරුවකි. මෙම නගරයට සෝවියට් ගුවන් යානා මගින් 350 වාරයකට වඩා
බෝම්බ හෙලා ඇති බව පැවසෙන අතර එයින් මියගිය සංඛ්‍යාව දසදහස්
සංඛ්‍යාවක් වෙතැයි පැවසේ.විනාශ වූ ගොඩනැගිලි සංඛ්‍යාවද අතිමහත්ය.


3a.jpg

1933 දී නාසි යුගය ඇරඹුමත් සමගම හිට්ලර්ගේ ලෝකය යටත් කරගැනීමේ ආශාව මුදුන්පත් කරගැනීමට අවශ්‍ය සැලසුම් සම්පාදනය හා ඒවා ක්‍රියාත්මක කිරීම පියවරෙන් පියවර ආරම්භ කල අතරම ඔහු ඒ සදහා ව්‍යාජබාවයෙන් යුතු මාධ්‍ය ව්‍යාපාරයක්ද මැනවින් ක්‍රියාත්මක කරනු ලැබූවා. එහිදී ඔහු හා ඔහුගේ මාධ්‍ය ඇමතිවූ ආචාර්ය ගොබෙල්ස් ගේ එක් සිද්ධාන්තයක් වූයේ ඕනෑම බොරුවක් දිගින් දිගටම ඇසෙන්නට සැලැස්වීමෙන් එය අසන්නා එය සත්‍යයක් ලෙස විශ්වාස කිරීමට පෙළඹෙන බවයි. ඉතින් මේ න්‍යය පදනම් කරගත් ඔවුන්ගේ සන්නිවේදන ව්‍යාපාරය ජර්මනිය තුල පමණක් නොවෙයි බටහිර රටවල පවා බොරුවෙන් රවටා ගැනීමට හැකිකමක් දෙවන ලෝක යුද්දය ඇරඹීමට පෙර කාලවකවානුව වනවිටම ලබාගෙන තිබුනා. එය කෙතරම් සාර්ථකද කියතොත් ලෝකයේ රටවල් අතරින් ජර්මනිය ජීවන තත්වය උසස් හා වාසය කිරීමට සුදුසුම රටක් ලෙස මවා පෑමට රැවටුන ඇමරිකාවේ Times සඟරාව 1938 වසරේ ලෝකයේ හොදම මිනිසාට හිමි සම්මානයෙන් පවා හිට්ලර්ව පිදීමට පසුබට වුනේ නැහැ.

හිට්ලර් ජර්මනියේ තරුණ පරම්පරාව සිය අභිමතය උදෙසා මෙහෙවීම සදහා ඔවුන් කුඩා කල සිටම පාලනය කිරීමට අවශ්‍ය පියවරද ගනුලැබූවා. ඒ සදහා ඔහු විසින් එරට ගුරුවරුන්ට කුඩා කල සිටම ළමුන්ට නාසි වැඩපිළිවලටම අදාල වෙන පරිදි ඉගැන්වීම් කටයුතු කිරීමටද බලකෙරුනු ලැබුවා. ඒ අනුව කුඩා කල සිටම යුදෙව්වන්ට අවමන් කිරීමට හා ඔවුන් පහත් කොට සැලකීමට ජර්මන් දරුවන් පුරුදු පුහුණු කරනු ලැබූ අතර හිට්ලර් විසින් පිහිටුවීමට හා වසර දහසක් පුරා නොනැසී පවත්වා ගැනීමට බලාපොරොත්තුවූ තුන්වන අධිරාජ්‍ය එසේත් නැතහොත් බෙහෙවින් ප්‍රචලිත
Third Reich වෙත පක්‍ෂපාතී වීමටත් ඔවුන්ව හුරුකරනු ලැබූවා. එපමණක් නොවේ. හිට්ලර් විසින් වැඩපිළිවක් ඇතිකරනු ලැබූවා තරුණ තරුණියන් වෙනුවෙනුත්. එය හැදින්වූයේ Hitler’s Youth නමින්. එයට එරට සිටි වසර නමයට වඩා වැඩි සියළු ජර්මානු ජාතික දරුවන් ඇතුලත් කරගනු ලැබූ අතර 1936-1938 කාලයේදී එරට මිලියන 8 ක් වූ දරුවන් මෙම වැඩසට‍හනට යොමුකොට තිබුනා.

1935 දී යුදෙව්වන්ට එරෙහිව සිය ප්‍රථම නීතිය හිට්ලර් විසින් නිකුත් කරනු ලැබූවා. ඒ ජර්මනියේ වාසය කල සියළුම යුදෙව් වැසියන් එරට පුරවැසිභාවයට හිමිකම් නොකියන බවයි. එහෙමත් නැත්නම් තවදුරටත් යුදෙව්වන් ජර්මනියේ වැසියන් නොවන බවයි.එපමණකින් නොනැවතුන ඔහු යුදෙව්වන් හා ජර්මානුවන් අතර විවාහ හෝ ලිංගික එක්වීම්ද සපුරා නීති විරෝධී බවටද ප්‍රකාශයට පත්කලා.


එසේම ඔහු මෙම කාලවකවානුවේ ජර්මානු සුදු ජාතික ආර්යය තරුණියන් දහස් ගණනක් ගර්භනීභාවය ඇතිකරගැනීමට පොළඹවනු ලැබීමක්ද කරනු ලැබුවා. ඒ සදහා ඔහුගත් ක්‍රියාමාර්ගයක් වූයේ එරට තරුණියන්ට
Nuremberg rally camps නම්වූ කදවුරට සහභාගී වන ලෙස නියම කරනු ලැබීමයි. ඒ එයට සහභාගීවන තරුණයන් හා එක්කොට ඔහුගේ මෙම ආර්යය ජාතීයේ ජනගහනය වර්ධනය කර ගැනීමේ වැඩපිළිවක සාර්ථක කරගැනීම පිණිසයි. කෙසේවෙතත් 1936 දී මෙම තරුණියන් අතරින් 900 ක පමණ පිරිසක් නැවත සිය නිවසට පැමිනෙන විට ගර්භනී තත්වයට පත්ව තිබූ බව කියන අතර‍ මෙම අවිවාහක තරුණ මාතාවන් හැදින්වූයේ Führer’s brides ලෙසයි.

හිට්ලර්ගේ රටවල් ආක්‍රමණයද සුවිශේෂ වූ අතර විටෙක එය සෘජුවම නොනවත්වා සිය ප්‍රහාරක බලය යෙදවීමෙන්ද, තවත් විටෙක කපටි යුද උපක්‍රම භාවිතයෙන් මෙනම තවත් විටෙක රටවල නායකයන් සිය කපටි ඥානය මගින් ගිවිසුම් ආදියෙන් මුලාකොට එම රටවල් යුද්‍දයෙන් ටිකකලක් ඈත්කොට තබා පසුව ප්‍රහාර එල්ල කොට යටත් කර ගනු ලැබූවා. විශේෂයෙන්ම රුසියානු විප්ලවයට හා ක්‍රියාකාරීව සම්බන්ධවූ, දේශපාලනයෙන් තෙම්පරාදුවී සිටි සෝවියට් දේශයේ
Joseph Stalin පවා රැවටීමට හිට්ලර්ට හැකිවුනා. මුලින්ම මෙම ලෝක මට්ටමේ යුද්දයෙන් සෝවියට් දේශය ඈත්කොට තබාගෙන තමන්ට අවශ්‍ය රටවල් යටත් කරගත්තාට පසුව අතිමහත් සම්පත්වලින් අනූන සෝවියට් දේශය යටත් කර ගැනීම පිණිස Operation Barbarossa නම් වූ මෙහෙයුම මගින් සෝවියට් දේශය යටත් කර ගැනීමේ වැඩපිළිවල ආරම්භ වූ අතර එයින් සෝවියට් දේශයට සිදූවු මිනිස් හා දේපල හානිය අතිමහත්වූවා.

එසේම යුද්දයට සම්බන්ධව එකම පතරොමක් හෝ පත්තු නොකල අහිංසකයන් මිලියන ගණනාවක‍ගේ සිරුරු ගොඩ ගැසුන මිනී කදුද එදා හිට්ලර්ගේ සිර කදචුරු තුල සුලභ දසුනක් වුනා. මෙම සිරකදවුරු තුල ප්‍රධාන වශයෙන් යුදෙව්වන්ද, කොමියුනිස්ට්වාදීන්ද, ආදී නොයෙක් සමාජ ස්ථරවල මිනිසුන් තිරිසන් ලෙස ගාල්කරන්නට එදා භාවිතා කලා.

4a.jpg

මේ විනෝද චාරිකාවක් යන මිනිසුන් පිරිසක් නොවේ.
හිට්ලර්ගේ Buchenwald සමූහ සිරදකවුරේදී අකල් මරණයකට ලක්වූ
අහිංසක මිනිසුන් රැසක් ට්‍රක් රථයක් මත ගොඩගසා ඇති ආකාරයයි


5a.jpg


මේ ඔබ සිතන්නේ ජර්මනියේ හොදම ‍බේකරියේ උදුන් කියාද?
නැත. ‍මේ Buchenwald සමූහ සිරකදවුරේ මිය ගිය මිනිසුන්ගේ දේහ
පුළුස්සනු ලැබූ උදුන්ය

...........................
 
Last edited:

sanuri2007

Member
Jan 8, 2011
462
83
0
6a.jpg


1939 සිට 1945 දක්වා දෙවන ලෝක යුද්දය පැවති අතර මුල් කාලයේ සීඝ්‍රගාමී ආකාරයෙන් හා සාර්ථකව රටවල් යටත් කර ගනිමින් යුද්දයේ වාසිය ජර්මනිය පැත්තට තිබුනත් පසුව ඇමරිකාව යුද්දට සම්බන්ධවීම, සෝවියට් දේශයේ අංශක ඍන අගයක් ගන්නා ශීත ඍතුවට මුහුණදීමට සැලසුමක් නොතිබීම හා පසුබැස සිටි සෝවියට් හමුදාවන්ගේ ‍ධෛර්යය වැඩිදියුණුවී කෙසේ හෝ ජර්මානුවන්ට ස්ටාලින්ග්‍රෑඩය යටත් කරගන්නට ඉඩ‍ නොදීමේ තිරඅදිටනින් යුතුව සටන්කොට එතැනින් පසුව ජර්මනිය නැගෙනහිර යුදපෙරමුනෙන් සෝවියට් දේශය වෙතින් පරාජයට ලක්වීම ඇරඹිමත්, යුද පෙරමුනේ සටන් වැදුන අත්දැකීම් සපිරි ජර්මන් ජනරාල්වරුන්ගේ නිර්දේශවලට හා යුද සැලසුම් වලට වඩා හිට්ලර් තමන්ගේ මතයන්වල අත්‍තනෝමතික ලෙස එල්ඹ ගෙන සිටිමත් සහ තවත් හේතු ගණනාවක් නිසා ජර්මනියේ ජයග්‍රහණය ක්‍රමයෙන් දුරස්වන්නට විය
.

7a.jpg


තමන්ගේ සිහිනය ජයග්‍රහණය කරන්නට, එසේත් නැත්නම් වසර දහසක් පුරා නොනැසී පවතින ආර්යය අධිරාජ්‍ය බිහිකිරීම කෙසේවෙතත් පරාජයේ අදුරු සෙවනැලි පෙනෙන්නට වූ කල හිට්ලර්ගේ හමුදාවේ ඉහල නිලයන් දැරූ නිළධාරීන් සමහරක් පැනයන්නටත්, තවත් සමහරක් සියදිවි නසා ගන්නටත්, තවත් පිරිසක් මිත්‍ර පාර්ශවයට භාරවෙන්නටත් වුනා. කෙසේවෙතත් තමන් නොසෑහෙන්න හිරිහැර කල සෝවියට් හමුදාවන්ට හසුවී වදවේදනා විදිනවාට වඩා සියදිවි නසා ගැනීම සැපක් ලෙස සැලකූ හිට්ලර් ඒ අයුරින් සිය දිවි තොර කර ගැනීමටත් අවසානය දක්වා ඔහු සමග සිටි ඔහුගේ පෙම්වතිය හා මිය යාමට ඔන්න මෙන්න තබා තිබියදී සිය බිරිද බවට පත්වූ Eva Braun ද සිය ස්වාමියාව අනුගමනය කරමින් වෙඩි තබාගැනීමෙන් සිය ජීවිතය තොරකරගත් අතර හිට්ලර්ගේ අභිමතය පරිදි සිරුරවත් හතුරාට හසුනොවන්නට ඔහුගේ බංකරය අසලදීම සිරුරු ගිණිතබා විනාශකරන ලදි.

8a.jpg

මේ හිට්ලර්ගේ අවසන් දින කිහිපය ගෙවූ බංකරය ඇතුලත
දුර්ලභ සේයාරුවක්ය. මෙවැනි සේයාරූ බොහෝමයක් ප්‍රසිද්ධ නොකරන ලද බවද පැවසේ.



9a.jpg

සෝවියට් සොල්දාදුවන්ගේ පරීක්‍සාවට ලක්වන්නේ හිට්ලර් හා
ඔහුගේ බිරිද ඊවා බ්‍රවුන් සියදිවි හානිකරගත් අවස්ථාවේ
වාඩිවී සිටි සෝපාවයි. මෙහි ලේ තැවරී ඇති ස්ථානයේ සිට ඇත්තේ ඊවා බ්‍රවුන් බව සැකලකේ.


10a.jpg
තවත් දුර්ලභ හා ‍ප්‍රසිද්ධ නොකෙරුන සේයාරුවක් වන මෙහි මොවුන්
පරීක්‍ෂාකරන්නේ හිට්ලර් හා ඔහුගේ බිරිද මියගිය පසු
පෙට්රල් දමා ගිණිතැබූ ස්ථානය බවට සැලකේ.
 
Last edited:

sanuri2007

Member
Jan 8, 2011
462
83
0
මේ එදා පුවත් පත් හිට්ලර් මිය ගිය පුවත වාර්තා කල ආකාරයයි.

11a.jpg

12a.jpg

13a.jpg
 

sanuri2007

Member
Jan 8, 2011
462
83
0
14a.jpg

කතාවක් තිබේ. එනම් සෝවියට් හමුදා බර්ලිනයට ඇතුළුවන විට ඔවුන්ගේ සොල්දාදුවන්
බොහෝමයක් අත් ඔරලෝසු පැලද සිටි බවයි. මෙහි අරුමයක් තිබේදැයි ඔබ සිතන්නට

පුළුවන.
මෙයයි එයට හේතුව එකල එම හමුදාවේ අත් ඔරලෝසු පැලද සිට ඇත්තේ ඉහලම නිලවල
හමුදා නිලධාරීන් පමණක් බව පැවසේ.
ඉතින් එම හමුදාවේ සොල්දාදුවන්ට අත් ඔරලෝසු ලැබී ඇත්තේ ඔවුන් අල්ලා ගන්නා ලද හෝ මරාදමන ලද ජර්මානුවන් පැලද සිටි ඒවා බව පැවසේ. එම කරුනේදී එම හමුදාවද "අහිංසක" ෙනාවූ බව පවසන්නට සිදුවන්නේ මෙහි දැක්වෙන හිට්ලර්ගේ බංකරය තුල තිබෙන වටිනා හා අතේ ගෙන යා හැකි සියල්ලක්ම පාහේ ඔවුන් ගෙන ගිය නිසාය.


ලෝකයේ බොහෝමයක් දෙනා මෙතුවකට පහලවූ නරකම ඒකාධිපතියා ලෙස හිට්ලර් ගැන සිතුවත් ඔහුට ලැබී ඇත්තේ වෙනත් පාලකයන් දෙදෙනෙකුට නොලැබුන තැනක් බව අන්තර්ජාලයෙන්ම ලැබුන මෙම පින්තූරයෙන් පෙනෙන අතර මීට පෙර ගුලාග් ලිපි මාලාවේදීද මීට සමාන අදහසක් දක්වා තිබූ බව ඔබට මතක ඇති.

15a.jpg

දැන් මෙම ලිපිය අවසන් කරන ‍මොහොතයි. සාමාන්‍යයෙන් යම් සිදුවීමක් ගලා යන ආකාරයෙන් පියවර පියවර ඉදිරිපත් කරනවාට වඩා වෙනස් මුහුණුවරකින් මෙම ලිපිය ඉදිරිපත් කිරීමට අදහස් කල අතර ඉදිරි දිනක මීටත් වඩා තොරතුරු ඇතුලත් පොත් දෙකක් පිළිබදව තොරතුරු ගෙන එන්නට බලාපොරොත්තුවෙමි.


උපුටා ගැනීම: sathsamudura.blogspot


 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මට පෙන්නන්ම බැරි ගොනෙක් තමා මේ...........
ඕකා සියදිවි නසා ගත්ත එක හොඳයි..........
නැත්තං පනුවො ගහලා මැරෙන්නේ...............
ඇත්තටම මම නං හිතන්නේ මූ විතරක් නෙමෙයි මේ දේවල් වලට වග කියන්න ඕන..........
මුළු ජර්මනියෙම වැඩි දෙනා හිත යටිං උනත් කැමති උනා හිට්ලර්ගේ උමතුවට............
 

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    අපි ඔක්කම හිට්ලර් ගැන දැන ගත්තේ බටහිර මාද්‍ය වලින්. බටහිර මාධ්‍ය පාලනය වෙන්නේ කාට ඕනි විදියටද කි‍ල දන්නවනේ. හිට්ලර් ගේ පාලනය කාලේ හොයා ගත්තු තාක්‍ෂණය තමයි අදටත් ලෝකේ හැම තැනම තියෙන්නේ. වැඩිය ඕනි නැ සුද්දෝ පාවිච්චි කරන කොමඩ් එකේ ෆ්ලාශ් කරන සිස්ටම් පවා හොයා ගත්තේ ජර්මන් කාරයෝ . මම හිතනවා හිට්ලර් හිටියනම් මිට වඩා ලෝකේ ගොඩක් හොද වෙයි කියලා අඩු ගානේ හම්බයෝ ටික වත් වද දෙන් නැතුව ඉදි