හිට්ලර් දිවි නසා ගත්තාද ? නැතිනම් පලා ගියා&#35

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හිට්ලර් දිවි නසා ගත්තාද ? නැතිනම් පලා ගියා&#35

    "දෙවැනි ලෝක යුද්ධය. ලෝකයේ මිනිසුන් ලක්ෂ ගණනාවකට මරු කැඳවූ හා ලෝකයේ ආයුධ නිෂ්පාදනයේ විශාල වෙනස්කම් රාශියක් එකතු වුනු සමයක් මේ යුද්ධය. මේ යුද්ධයේ ජර්මානු නායකයා උනේ ඇඩොල්ෆ් හිට්ලර්. ඔහු 1945 දී සිය දිවි නසාගත් බව සඳහන්. නමුත් එවකට ලෝකයේ මහා බලවතෙක් මෙන්ම තාක්ෂණය අතින් දියුණු වූ රටක් පාලනය කල හිට්ලර් වන්නෙක් සැබවින්ම එසේ සිය දිවි නසා ගත්තාද?

    0_0_255_288.jpg

    අප්‍රේල් 30, 1945 : හිට්ලර් සහ ඔහුගේ දිගු කාලින සහයිකාව ඊවා බ්‍රවුන් fuhrerbunker නම් භූගත බංකරයේ හිට්ලර් හට අයත් වූ කොටසේ දී දිවි නසාගත්තා.. ඊවා බ්‍රවුන් මියගියා යයි සැලකෙන්නේ සයනයිඩ් විෂවීමකින්. හිට්ලර් වෙඩි තබාගෙන දිවි නාසාගෙන. ඒත් කවුරුත් වෙඩි තබාගන්නවා දැක්කේ නෑ. කිසිම ශබ්දයක් ඇහුන බවට වාර්තා වෙන්නෙත් නෑ (එකිනෙක පරස්පර කට උත්තර අවසානයට බංකරයේ සිටියවුන් විසින් ලබා දීම මේ කතාව සම්බන්ධව ගැටළු සහිත බව මතු කරනවා). කිසිම පින්තුරයක් වෙඩි තබාගත් වෙලේ අරගෙනත් නෑ. හිට්ලර්ගේ සහායකයෝ ඒ මල මිනි දෙක, හිට්ලර් අවසානයේ හිටියා යයි සැලකෙන බංකරයේ දොරටුව කිට්ටුවෙන්, රුසියන් හමුදාව එල්ල කල කාලතුවක්කු ප්‍රහාර වලින් හැරුණු වලක දාලා, පැට්‍රොල් වලින් පොඟවලා පුළුස්සා දාලා තියනවා. නමුත් මුළුමනින්ම පිළිස්සීමට නොහැකිවූ මේ මල සිරුරු හිට්ලර්ගේ සහායකයින් විසින් නැවත වල දැමීමක් කරනවා.

    fuhrerbunker-hitler-bunkewr-berlin-1945-001.jpg

    මල සිරුරු පිලිස්සුවේ මෙහිය. (හදිසි දොරටුව ඉදිරිපස)


    Bundesarchiv_Bild_183-V04744%252C_Berlin%252C_Garten_der_zerst%25C3%25B6rte_Reichskanzlei.jpg

    හිට්ලර් රැඳී සිටි බංකරයේ හදිසි දොරටුව.(වම් පස)



    මැයි 2, 1945: සෝවියට් හමුදා හිට්ලර්ගේ භූගත බංකරයට කඩා වදිනවා. මැයි පලවෙනි දා දක්වා බංකරය අල්ලාගන්නට නොදී 33 වන වෆන් එස්.එස් රෙජිමේන්තුවේ ප්‍රංශ ස්වෙච්චා සෙබළු එහි සටන් වැදී තියනවා. එසේ කඩා වැදුණු සෝවියට් හමුදාවට අඩක් දැවුණු හිට්ලර්ගේ මල සිරුර හමුවෙනවා. මේ තියෙන්නේ ඒ පින්තුරය. (සෝවියට් හමුදාව ගන්නා ලද)

    hitlerdoppelganger.jpg


    ඔවුන් හිට්ලර්ගේ මල සිරුර නැවතත් ඔවුන්ගේ ස්මෙර්ෂ් ඒකකයේ මැග්ඩෙබර්ග් ශාඛා පරිශ්‍රයේ වල දමනු ලබනවා. 1970 අප්‍රේල් 4 වැනිදා ඔවුන් මේ මල සිරුරු කොටස් ගොඩ ගෙන පුළුස්සා එල්ම් ගංගාවට දැමු බව කීවත් නැවතත් රුසියාව වසර 2000 දී පැවසුවේ හිට්ලර් ගේ හිස් කබලේ කොටසක් සහ ඔහු අවසන් වරට සිටි බංකරයේ තිබු කවිච්චියක රුධිර පැල්ලම් සහිත කොටසක් තවමත් ඔවුන් සතු බවයි. ඒ හිස්කබලේ නළලේ වූ වෙඩි සලකුණ ඔවුන් හිට්ලර් දිවිනසා ගත් බවට වූ සාක්ෂි සමගින් ගැලපුවා. ඒ පිලිබඳ පර්යේෂණයක් කිරීමට ඇමරිකාවේ කනෙක්ටිකට් සරසවියේ පර්යේෂකයින් පැමිණියත් රුසියන් අධිකාරීන් ඔවුන් හට පරීක්ෂණය සිදු කිරීමට දුන්නේ එක පැයක් පමණයි. ඒ පැයේදී ඔවුන් හිස් කබලේ සාම්පල් කොටස්, ජායාරුප හා රුධිරය තැවරුණු කවිච්චියේ සාම්පල් ලබාගත්තා. ඒ සාම්පල් නිරීක්ෂණය මගින් ඔවුන් පැමිණියේ මේ හිස්කබල වයස 20 ගණන් වල සිට 40 ගණනක් වූ ගැහැණියකගේ බවයි. රුධිරය ගෑවුණු කවිච්චියේ රුධිර පැල්ලම් පිරිමි රුධිරය ගෑවු ඒවා බව පරීක්ෂකයින් සොයාගත්තත් හිට්ලර්ගේ ඥාතීන් විසින් DNA සාම්පල ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හඳුනා ගැනීමට නොහැකි උනා. කොහොම වුනත් හිට්ලර්ගේ මරණය පිළිබඳව අද පවතින මතය නිර්ණය කරපු එක්සත් රාජධානියේ මේජර් හියු ට්‍රැවරූපර් හට වුවත් හිට්ලර්ගේ fuhrerbunker නම් භූගත බංකරයට ඇතුළුවීමේ අවස්ථාව එවකට ඒ බංකරය පාලනය කල රුසියානුවන් ලබා දීල නෑ


    article-0-00288eae00000258-934_468x388.jpg

    හිට්ලර්ගේ යයි රුසියාව කියන හිස් කබල.


    ඒත් අපි කියන්නේ හිට්ලර් 1945 දී පලා ගියා මිසක් මිය ගියේ නෑ කියන එක. බොහෝ දෙනා කියන්නේ හිට්ලර් අප්‍රේල් 30 වෙනිදාට පෙරම පලා ගිය බවයි. ඒ කුඩා ගුවන් යානාවකින්.

    1945 අප්‍රේල් 26 වැනිදා: හිට්ලර් විසින් හිම්ලර් ගෝරින් ලුෆ්ට්වාෆා ගුවන් බලකායෙන් ඉවත් කරනවා. ඒ ඔහු සාම සාකච්ජා සඳහා ගත් ප්‍රයත්නයන් හෙළිවීමෙන් අනතුරුව. ඒ වෙනුවට කර්නල් ජෙනරාල් රොබට් රිටර් වොන් ග්‍රේම් පත් කරනවා. ඔහු පත්වීම භාර ගන්නට හිට්ලර් හමුවට හැනා රයිච් සමගින් කුඩා ගුවන් යානයකින් හිට්ලර්ගේ බංකරය වෙත ගොඩ බසිනවා. ඔවුන් නැවතත් 1945 අප්‍රේල් 29 වැනිදා කුඩා ගුවන් යානයකින් බංකරයෙන් පිට වෙනවා. හැනා රයිච් 1979 මරණයට පත්වන තුරුම උග්‍ර නාසි වාදී කාන්තාවක්. ඒ වගේම ඈ බර්ලිනය රුසියානු හමුදා වට කරගෙන ඉඳිද්දී තමයි මේ ගමන එන්නෙත්, ඇවිත් නැවතත් යන්නෙත්. නමුත් හැනා රයිච් තමා සමග හිට්ලර් කිසිදා නොපැමිණි බව කියනවා.

    ජර්මනිය කියන්නේ දෙවන ලෝක යුද්ධයේදී වැඩිම සබ්මැරීන භාවිතා කල රටක්. යුබෝට් (unterseeboat ) නමින් ඔවුන් හැඳින්වූ සබ්මැරීන ඉන්දියන් සාගරයේ පවා මෙහෙයුම් කටයුතු සිදු කර තියනවා. එවන් රටක නායකයෙක් මෙසේ දිවි නසා ගැනීම ප්‍රහේලිකාවක්.

    ජුලි 10, 1945: ජර්මන් U -530 සබ්මැරීනය ආර්ජන්ටීනාවේ මාර් ඩෙල් ප්ලටා මුහුදෙන් මතුවී යටත් වෙනවා. මේ සබ්මැරීනය මුහුදෙන් මතුවන්නේ යුද්ධයෙන් මාස 2 කට පසුවයි. මේ සබ්මැරීනයේ කපිතාන් දෙවැනි ලුතිනන් ඔටෝ වර්මුත් සහ කාර්ය මණ්ඩලය සතුව කිසිදු හැඳුනුම්පතක් තිබී නෑ. ඒ එක්කම ඒ යාත්‍රාවේ ලොග් පොත යටත් වූ මොහොතේ තිබී නෑ. ඒ වගේම යාත්‍රාවේ තට්ටුවේ සවි කර තිබු මිලිමීටර් 105 තුවක්කුව යාත්‍රාවේ බර සැහැල්ලු කිරීමට ගලවා දමා තිබුනා. ඒත් මේ කිසිවකට හේතු යාත්‍රාවේ කපිතාන් ලබා දී නෑ. යාත්‍රාව කොහේ සිට ආවාදැයි කිසිවෙකු මෙතෙක් හෙළි කරගෙන නෑ.

    U-530A+-+US+crew.jpg

    U-530 සබ්මැරීනය ඇමරිකානු හමුදාව භාරයේදී.


    මේ සබ්මැරීනයට අමතරව ජර්මන් U-977 සබ්මැරීනය නොර්වේ සිට පිටත් වී 1945 අගෝස්තු 17 වන දින නැවතත් මාර් ඩෙල් ප්ලාටා මුහුදු වෙරළින් මතු වෙනවා. ඒත් මේ සබ්මැරීනයේ කිසිවක් අඩු වෙන්නේ නෑ, ඒ වගේම එහි කාර්ය මණ්ඩලය චන්දයකින් පසුව මෙහි පැමිණීමත් විශේෂිත කාරණයක්. සම්පුර්ණ ලොග් පොතක්, ආයුධ හා වෙනත් සියල්ල එහි කපිතාන් වරයා යටත් වූ මොහොතේ අර්ජන්ටීනියානු නාවික හමුදාවට බාර දෙනවා.

    මේ සබ්මැරීන ගමන් වලට අමතරව 1944 ජුලි 3 වැනිදා හෝ ඊට පෙර ජර්මානු බුද්ධි අංශය විසින් සැන්ටා බාර්බරා නම් රුවල් යාත්‍රාවක් මගින් සියලු උපාංග සහිත ජර්මන් ඔත්තු කරුවන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ගොඩ බස්වනවා. ඒ පුන්ටා මොගෝටෙස් වෙරළ තීරයට. සම්පුර්ණයෙන්ම සාර්ථක මෙහෙයුමක් වූ මේ සම්බන්ධව මිත්‍ර පාර්ශවය දැනගන්නේ මාස කීපයකට පසුව වීම මෙහි විශේෂත්වයයි. මේ එතරම් ප්‍රචලිත නොවූ ගොඩ බැස්වීම අපිට ඉතා වැදගත් වුවක්. ලෝක යුද්ධය පැවති වකවානුවේ පවා මේ කොටසේ ආරක්ෂක හිදැස් තිබුණු බව මේ කරුණ ඔස්සේ කියවෙනවා.

    දැන් අපි බලමු මේ ගොඩ බැස්වීම් සිද්ධ කල අර්ජන්ටීනාවේ දේශපාලන හා සාමාජීය පසුබිම. 1944 ජුලි 8 වැනිදා උප ජනාධිපති ලෙස බලයට පත්වන ජුවාන් පෙරොන් ආර්ජන්ටීනාවේ එක වැදගත් නායකයෙක්. 1946 ඔහු ආර්ජන්ටීනාවේ ජනාධිපති බවට පත් වෙනවා. එහි 1955 වනතුරු රැදී සිටීමට ඔහු සමත් වෙනවා. 1939 දී හමුදා සේවයේ දී සිටියදී යුධ කටයුතු පිලිබඳ අමාත්‍යංශය මගින් කඳුකර යුද්ධෝපක්‍රම හැදෑරීමට ඉතාලියානු ඇල්ප්ස් කඳු වෙත යවනු ලබන ඔහු එහිදී ටියුරින් විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඔහු මුසෝලිනි පාලන තන්ත්‍රය පිළිබඳවත් ජර්මානු පාලන තන්ත්‍රය පිළිබඳවත් හැදෑරීමක් කරනවා. ඔහු එහිදී ඒ පාලන ක්‍රම ඇගයීමකට බඳුන් කරනවා.

    සාමාජයීය වශයෙන් ගත් කල අදටත් ආර්ජන්ටීනාව තුල ජර්මානුවන්ගෙන් පැවතෙන්නන් විශාල ප්‍රමාණයක් රැදී ඉන්නවා. ඔවුන් ලක්ෂ 4 ත් 5 ත් අතර ප්‍රමාණයක් අතර අදටත් කතාකරන්නේ සාමාන්‍ය ජර්මානු භාෂාවයි. 1945 දී පවා මේ තත්වය වෙනස් වන්නේ ඉතා සුළු වශයෙන්.

    හරි එහෙනම් අපි මේ කොටස් දෙක දැන් එකිනෙක සම්බන්ධ කරමු. ජනාධිපති ජුවාන් පෙරොන් ගේ පාලනය යටතේ වූ ආජන්ටීනාවට යුද්ධයෙන් පසු බොහෝ ඉහල පෙලේ SS නිලධාරින් පැනගනු ලැබුවා. ඉනුත් ඉතාමත් ප්‍රසිද්ධ පුද්ගලයා වන්නේ ඇඩොල්ෆ් අයික්මාන්. ඊට අමතරව හිට්ලර්ගේ අවුස්විච් වධකාගාරයේ මිනීමරු දොස්තර ජෝශප් මෙන්ගල් ඇතුළු බොහෝ දෙනා දකුණු ඇමරිකාව හරහා පලා ගියවුන්. මේ අනුව පැහැදිලි වන්නේ ආර්ජන්ටීනාව නාසීන් හට රැකවරණ සැපයු තැනක් බවයි.

    ඉතින් මේ අනුව ගත්කල ඇඩොල්ෆ් හිට්ලර් හට නාසි ජර්මනියෙන් පලාවිත් ආර්ජන්ටීනාවටද එතනින් වෙනත් දකුණු ඇමරිකානු රටක් හරහා වෙනත් රටකට පලා යාමට හෝ ඒ රටේම විසීමට කිසිඳු බාදාවක් නැති බව පෙනී යන කරුණක්. මේ බවට ඇමරිකානු FBI සංවිධානයට විශාල වශයෙන් ලැබුණු වාර්තා පෙන්විය හැකියි. ඒ වාර්තා වලින් කියවුනේ හිට්ලර් කොලොම්බියානු රටක ජීවත් වෙන බවයි.

    එහෙනම් මියගියේ කවුද? මේ ප්‍රශ්නයට උත්තර සැපයීමේදී මට ඔබව 1944 ජුලි මස 20 වැනි දිනට ගෙනයාමට සිද්ධ වෙනවා. එදා පෝලන්තයේ රස්ටෙන්බර්ග් හි පිහිටි හිට්ලර්ගේ වුල්ෆ්ස් ලෙයාර් නම් බංකරයේ යුධ සැලසුම් කාමරයේදී හිට්ලර් ඔහුගේම නිලධාරින් විසින් අටවන ලද බෝම්බයකින් දිවි ගලවාගන්නවා. මේ සිද්ධිය නිසා බිය පත්වන හිට්ලර් තමන්ගේ බොඩි ඩබල් භාවිතය (එනම් තමන්ට සමීප රුවක් ඇත්තෙකු තමා වෙනුවට භාවිතය ) වැඩි කරලා තිබෙනවා. මේ බවට අනියම් සාක්ෂියක් වන්නේ රුසියානුවන් සොයාගත් මල සිරුර අඟල් 2ක් කොට බව සොයාගැනීමෙන්.

    ඉතින් එහෙනම් හිට්ලර් දෙවන ලෝක යුද්ධයෙන් මියගිහින්ද? නැතිනම් මැරුණේ යුද්ධයට පසුවද? තීරණය ඔබට භාරයි."

    230px-Bundesarchiv_Bild_183-S33882,_Adolf_Hitler_retouched.jpg


     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    වෙන්නැති ජෝසප් මෙන්ගල් පවා පැන්නා අන්තිම මොහොතේ බ්‍රසීලයට.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වෙන්නැති ජෝසප් මෙන්ගල් පවා පැන්නා අන්තිම මොහොතේ බ්‍රසීලයට.

    ඇත්තද බන් මම හිතුවේ පිස්සු දොස්තර හමුදාවට අහු වුනා කියලා :confused:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේ ලිපිය මම කියෙව්වා දියත පත්තරේ ගියා වගේ මතකයි ඇත්තටම මූ පැන ගන්න ඇති බන්
     
    • Like
    Reactions: Sadeepa Arosha

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙන්න පුලුවන්. හේතුව හිට්ලර් ගේ මල කද ඇත්තටම දකින්න ලඅබුනේ නැ. හමුවුන එක අගල් 2ක් කොටයි. යුද්ධයේ අවසන් හරිය ඉතා ම අපහැදිලියි.
    කියවෙන්නේ හිට්ලර් සහ ඊවා බ්‍රොන් 1970 පමන ආසන්න වන තෙක් රැදී සිටි බවයි ආර්ජන්ටිනාවේ.පසුව ඔවුන් අතුරුදන් වු බවත්, මේ දක්වා තොරතුරු නැති බවත් කියවෙනවා.
    මතක තියා ගන්න. මොන කරම් පරයෙක්ට වුනත් රැකවරනය දෙන රටවල් තියනවා. ඉඩි අමීන් පවා මිය ගියේ දැනට වසර කිපයකට පෙර................
     

    Similar threads