හිතට වැදුන ගීත 1

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
හිතට වැදුන ගීත 1

සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්
මගෙ සවනත පාරයි...//

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට...//
මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිඹදේ - මුළු ලොව වෙත
එතෙර වන්න නිඹදේ...

සැදෑ අඳුර ලොව...//

නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට...//
අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි
ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ...//

සැදෑ අඳුර ලොව...//
ගායනය : සෝමතිලක ජයමහ
පද රචනය : සෝමතිලක ජයමහ

 

willpower

Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    විදුලි මිණි පහන් දැවී
    බොළඳ ගී සිනා රැළී
    නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා
    ඔබේ මන්දිරේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා
    ඔබේ මන්දිරේ


    එන්න කන්න බොන්න මිහිරේ
    සැමටයි ආරාධනා
    ඔබේ හඬ කිදී සිදී යයි
    කතා සරිත් සාගරේ
    ඔබේ හඬ කිදී සිදී යයි
    කතා සරිත් සාගරේ

    සුරාගෙන පිරූ විතේ
    විසුළු කෙලි නැටුම් සිනා
    යොමා ඇස බලන් යළි සොඳුරේ
    මැදුරු දොර දිහා


    දෙන්න කන්න බොන්න නොකියා
    දෙනෙතින් ආරාධනා
    දෑත පා ඉඳුල් යදී ඇස්
    ගයා හංස ගීතිකා
    දෑත පා ඉඳුල් යදී ඇස්
    ගයා හංස ගීතිකා

    ඔබේ මන්දිරෙන් එහා
    මගේ ලොව බලා සිටී
    පළා යයි ඔබේ ලොවෙන් මා
    දෙපා සමු නොදී


    ගායනය - ගුණදාස කපුගේ
    ගී පද - ලූෂන් බුලත්සිංහල.
    සංගීතය - ගුණදාස කපුගේ
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හීන විල… මල් පිපී… මුදාහල සිරියාව…
    හෙමි හෙමින්… ඇවිත් හිත්… මාලිගේ දොර ගාව…
    හමන විට… ඒ සුවඳ… ආදරේ නුඹ පෑව…
    දැවටෙන්න හිතයි… ආයෙමත් නුඹ ගාව… //

    පිනි වැටී… හිනාවෙන… මල් දෙවැට අද්දරට…
    මගේ… නෙතු පියාගෙන… හිඳින්නම් එනවාද…
    තවත් එක… වතාවක්… නුඹේ සුවඳ විඳගන්න…
    හංසියේ… එනවාද… ගුරු පාරේ ඇවිදින්න…

    තාරුකා… නෙතු හරින… නිහඬ රෑ මැදියමක…
    ඈතටම… දිව ගිහින් විත්… හිත මවයි මල් හීන…
    නෙතු හරින… එකම එක… ඇසිල්ලක නුඹ පැමිණ…
    දිග හරී… සෙනෙහසින්… මගේ සමනල මතක…

    හීන විල…

    ———————————————————————————————————————
    |♪| ගායනය : ඉන්සිත් ගායන කණ්ඩායම |♪|
    |♪| සංගීතය : කසුන් කල්හාර |♪|
    |♪| පද : වගීෂා රන්සිමාලි |♪|
    ———————————————————————————————————————
     
    Last edited:

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
    සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත //
    ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
    පියාඹන්න සැරසෙන්නේ
    අහංකාර බැලම කොයින්දෝ

    ඇල ඉවුරේ ගුරු පාරේ
    වැට අයිනේ අඩි පාරේ
    මා දැකලා හැම වාරේ
    ආ හා ඇයි රවන්නෙ මා දිහාද
    පෙම්කරන්න අපි එපාද දැන්

    කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
    සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත //
    ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
    පියාඹන්න සැරසෙන්නේ
    අහංකාර බැලම කොයින්දෝ

    ඈත තියා දුටු වේලේ
    අහක බලා යන තාලේ
    තාම දුරයි මගෙ කාලේ
    ආ හා තරහ ගන්නෙ පව් නොවේද
    ඇයි රවන්නෙ අපි එපාද දැන්

    කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
    සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත //
    ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
    පියාඹන්න සැරසෙන්නේ
    අහංකාර බැලම කොයින්දෝ

    ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
    පියාඹන්න සැරසෙන්නේ
    අහංකාර බැලම කොයින්දෝ
     

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //

    මිණිසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ
    ඔබගේ සිනා දෑස නේදෝ
    නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
    ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
    සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
    වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ

    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවි
    අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ

    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //
     

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
    පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
    මන්ද නුඹ ගියේ කියාපන් පුංචි සාවියේ

    ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
    ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
    උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ
    අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

    චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
    පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
    මන්ද නුඹ ගියේ කියාපන් පුංචි සාවියේ

    මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල වනේ
    මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිවු වෙලේ
    හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
    පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ

    චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
    පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
    මන්ද නුඹ ගියේ කියාපන් පුංචි සාවියේ