හිතට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිතට ගොඩක් සංවේදී පින්තූරු ටිකක්.

    IMG_3904.gif


    IMG_3908.gif


    IMG_3910.gif


    IMG_3958.gif


    IMG_3984.gif


    IMG_3988.gif


    IMG_4003.gif


    IMG_4013.gif


    IMG_4030.gif


    IMG_4038.gif


    IMG_3867.gif


    IMG_3876.gif


    IMG_4041.gif


    IMG_4055.gif


    තිස් වසරක කුරිරු යුද්ධයේදී දේ්ශය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදාවේ අභීත රණවිරුවන් අනුස්මරණය කිරිමේ උත්සවයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ සහභාගිත්වයෙන් ගුවන් හමුදා ඒකල කඳවුරේදී පැවැත්විණි

    ත්‍රස්තවාදීන් සමග වු සටනේදී මිය ගිය රණවිරුවන් වෙනුවෙන් ඉදිවු රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස පැවති මෙම උත්සවයට මියගිය රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයෝද එක්ව සිටියහ.

    ඉතා හැගිම්බර අයුරින් රණවිරු ස්මාරකය වෙත පිය නැගූ ඔවුහු මිය ගිය තම සහෘදයා සිහි පත්කරමින් පුෂ්පෝපහාර දැක්වුහ.

    මියගිය තම පුතු වෙනුවෙන් සමරු සටහන් තබන මව්වරුන්ද, අහිමි වු තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් සමරු සටහන් තබන බිරින්දෑවරුන්ද, මිය ගිය තම පියානන් වෙනුවෙන් සමරු සටහන් තබන දරුවෝද මේ අතර වුහ.

    ගුවන් හමුදාපති වරයාද ඔවුන් සමග එහිදී සුහද කතා බහක නිරත වුවේය.

    නිර්මාණාත්මක ලෙස ඉදිකර තිබු රණවිරු ස්මාරකය වෙත පියනගන විට ප්‍රථමයෙන් හමුවන පිවිසුමි ද්වාරය රුදූරු යුද්ධයේ බියකුරු බව සංකේතවත් කරයි. එහි ඇතුලත පිළිබිිඹු කරනුයේ යුද්ධය නිමාවූ පසු ඇති වු සන්සුන් බවයි.

    එතැන් සිට ඇති දිගු මාවත නිර්මාණය කර ඇත්තේ එතැන සිට පියනගන අප හට රුදූරු යුද්ධය අහිමි කළ අපේ සහෘදයන් සිහිපත් කිරිමටය.

    ඉන් ඉදිරියේ ඇති උස්බිමි දෙක දෙලොවක් සංකේතවත් කරයි ඒ අප ඡිවත් වන ලෝකය හා මරණීන් මතු ලෝකයයි.

    එම දෙවැනි උස්බිම මිහිදන් වු ඹවුන් සුවසේ සැතපෙන බවද සංකේතවත් කරයි.

    මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින්, ගුවන් හමුදා ඒකළ කදවුරේ අණදෙන නිළධාරි ගෘෘප් කැප්ටන් රංඡිත් සේනානායක ඇතුළු නිළධාරින් මෙන්ම සෙසු නිළයන් හා මියගිය රණවිරුවන්ගේ පවුල් වල සාමාඡික සමාඡිකාවෝ විශාල පිරිසක් සහභාගී වුහ.


    :(:(:(