හිතන්න පුලුවන් අයට විනාඩියක් !

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    හිතන්න පුලුවන් අයට විනාඩියක් !

    (1) ඔබේ දරුවාට පිහිණීමට අනිවාර්යයෙන් උගන්වන්න...දක්ෂ පිහිනුම් කරුවකු කරන්න... කවදාහෝ එය දරුවාගේ ජීවිතය සහ තවත් අයගේ ජීවිත රැක දෙනු ඇත.

    (2) ඔබේ දරුවාට සතුරකු ක්ෂණිකව අඩපණ කළ හැකි...ඉතා දරුණු පහර කිහිපයක් ක්ෂණිකව, අනපේක්ෂිතව එල්ල කරන අන්දම...හොඳ කරාටේ ශිල්පියකු ලවා පුහුණු කරවා තබන්න එය නිරතුරුව පුහුණු වෙනලෙස දරුවාට උපදෙස් දෙන්න සොරෙකුගෙන්, මැරයෙකුගෙන්, ස්ත්‍රී දූෂකයෙකු ගෙන් ජීවිතය බේරා ගැණීමට එය ඉවහල් වනු ඇත. කළුපටි ධාරියකු වීම අවශ්‍ය නැත. කරදරයටපත් අයකුට නිහඬව බලා නොසිට...පිහිට වීමටද ඔහු හෝ ඇයට හැකිවනු ඇත. අප ජීවත් වන්නේ තිරිසන් සතුන් පිරි කැලෑවකය.

    (3) සතියට සම්පූර්ණ එක දිනක් අධ්‍යාපන කටයුතු වලින් දරුවා ඈත්කර තබන්න.. හොඳ නවකතාවක් කියවීමට...ඔහු කැමති විනෝදාංශයක යෙදීමට ඔහුට ඉඩ දෙන්න...මුහුදුවෙරල වැනි තැනකට දරුවා රැගෙන යන්න...ටියුෂන් රේස් එක නිසා ඔබේ දරුවා කායිකවත් මානසිකවත් හෙම්බත්වී ඇත.

    (4) ඔබේ දරුවා ගණිතය විද්‍යාව වැනි විෂය කරුණු ඉගෙනීමට අදක්ෂ නම් ඔහුට ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, ජපන්,අරාබි වැනි භාෂා කථනය, ග්‍රැෆික් ඩිසයින් වැනිදේ ඉගෙන ගැනීමට හැකිදැයි උත්සාහ කරවා බලන්න. ඔහුට එය හැකිනම් උපාධිය දක්වා යාහැකිය. බොහෝ විට විෂය කරුණු තේරුම් ගැනීමට අදක්ෂයෝ...භාෂා කථනය ඉගෙනීමට අති දක්ෂයෝ වෙති. මාළුවාට ගස් නැගීමට නොහැකි නමුත් වතුරට දැමූ විගස වේගයෙන් පිහිණයි. ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහිපයක් චතුර ලෙස කථා කිරීමට දන්නේ නම්...ලොකු වැටුපක් සහිත රැකියාවක් ලබාගැනීම සිම්පල් වැඩකි !.

    (5) ඉගෙනීමට අති දක්ෂයකු නොවේ නම්...නම්බුව රැකගැනීම සඳහා පමණක් උසස්පෙළ (A/L) කිරීමට යොමු නොකරන්න. තරඟය ඉතා ඉහලය...අවස්ථාවක් නැත. කිසියම් පුද්ගලික ආයතනයකට යවා IT, Management, වැනි කැමති ක්ෂේත්‍රයක උපාධියක් ලබා ගත හැකිය. ඒ සඳහා අති විශාල මුදලක් අනවශ්‍යය. රජයේ විශ්වවිද්‍යාල දරුවා පාරේ පොලිස්කාරයින් ගෙන් ගුටිකමින් සිටිනවිට ඔබේ දරුවා පුහුණුවන විධායක නිලධාරියකු ලෙස පෞද්ගලික ආයතනයක වැඩ කරමින් සිටිනු ඇත.

    (6) ඔබට මේවා කිරීමට මුදල් නැත්නම්...පළමුව පොහොසතුන්ට ඊර්ෂ්‍යා කිරීම නවත්වන්න...ඔබ නිරෝගී පුද්ගලයකු නම් කිසියම් කාර්මික ආයතනයකින්...නිවාස වයරින් කිරීම...ටයිල් ඇල්ලීම...මෝටර් කාර්මික ශිල්පය, ජලනළ කාර්මික ශිල්පය, ඇළුමේනියම් ෆැබ්‍රිකෙටින්, වෙල්ඩින් ශිල්පය වැනි ලොකු ගණන් අයකරගත හැකි වෘත්තියක් පුහුණුවන්න... මේවා පහත් රැකියා නොවේ. වැඩකට නැති එවුන්ගෙන් බැණුම් අසමින් කරන...මාසිකව සොච්චමක් ලැබෙන...ඔබේ තුට්ටුදෙකේ හිඟන රැකියාවෙන්...බය නැතිව ඉවත් වෙන්න. කලක් ගතවූ පසු වැඩකරන්නේ ගෝලයෝය ඔබ කොන්ත්‍රාත් බාරගන්නා බොස්ය.

    උපුටාගැනීම - Sarath Wimalasuriya
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඔබට මේවා කිරීමට මුදල් නැත්නම්...පළමුව පොහොසතුන්ට ඊර්ෂ්‍යා කිරීම නවත්වන්න...ඔබ නිරෝගී පුද්ගලයකු නම් කිසියම් කාර්මික ආයතනයකින්...නිවාස වයරින් කිරීම...ටයිල් ඇල්ලීම...මෝටර් කාර්මික ශිල්පය, ජලනළ කාර්මික ශිල්පය, ඇළුමේනියම් ෆැබ්‍රිකෙටින්, වෙල්ඩින් ශිල්පය වැනි ලොකු ගණන් අයකරගත හැකි වෘත්තියක් පුහුණුවන්න... මේවා පහත් රැකියා නොවේ. වැඩකට නැති එවුන්ගෙන් බැණුම් අසමින් කරන...මාසිකව සොච්චමක් ලැබෙන...ඔබේ තුට්ටුදෙකේ හිඟන රැකියාවෙන්...බය නැතිව ඉවත් වෙන්න. කලක් ගතවූ පසු වැඩකරන්නේ ගෝලයෝය ඔබ කොන්ත්‍රාත් බාරගන්නා බොස්ය

    සිරා කතාව බන් අපේ උන් තේරුම් ගන්නේ නැත්තෙත් ඕකයි
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඔබට මේවා කිරීමට මුදල් නැත්නම්...පළමුව පොහොසතුන්ට ඊර්ෂ්‍යා කිරීම නවත්වන්න...ඔබ නිරෝගී පුද්ගලයකු නම් කිසියම් කාර්මික ආයතනයකින්...නිවාස වයරින් කිරීම...ටයිල් ඇල්ලීම...මෝටර් කාර්මික ශිල්පය, ජලනළ කාර්මික ශිල්පය, ඇළුමේනියම් ෆැබ්‍රිකෙටින්, වෙල්ඩින් ශිල්පය වැනි ලොකු ගණන් අයකරගත හැකි වෘත්තියක් පුහුණුවන්න... මේවා පහත් රැකියා නොවේ. වැඩකට නැති එවුන්ගෙන් බැණුම් අසමින් කරන...මාසිකව සොච්චමක් ලැබෙන...ඔබේ තුට්ටුදෙකේ හිඟන රැකියාවෙන්...බය නැතිව ඉවත් වෙන්න. කලක් ගතවූ පසු වැඩකරන්නේ ගෝලයෝය ඔබ කොන්ත්‍රාත් බාරගන්නා බොස්ය

    සිරා කතාව බන් අපේ උන් තේරුම් ගන්නේ නැත්තෙත් ඕකයි

    ඔව් බන් මම තාමත් දුක් වෙනවා හරියට ඒ වගේ වැඩක් ඉගෙන ගන්න බැරි විම ගැන...
     
    • Like
    Reactions: King_cobra

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    සිරා කතාව බන් අපේ උන් තේරුම් ගන්නේ නැත්තෙත් ඕකයි

    ඔව්, අපේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප නිසා තමයි හැමදාම එක තැන ඉන්නෙ. තුට්‍ටු දෙකේ පඩියකට හරි කමක් නෑ ටයි එකක් දාන රස්සාවක් නම් හොඳයි කියල හිතන්නෙ. පදින වාහනේ දිහා බලල status එක කියන්නෙ.
    මම දන්න කෙනෙක් ඉන්නවා. ලංකාවෙ ප්‍රසිද්ධ ගාමන්ට් එකක් මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක් විදියට වැඩ කරා. ලොකු පඩියක් හම්බවෙන රස්සාවක්! ලොකු වාහනේකුත් කොම්පැනියෙන් දීල තිබුනා. අන්තිමට ඒකෙන් අයින්වෙලා (හෝ අයින් වෙන්න සිද්ද වෙලා) එයාගෙ වයිෆ් එක්ක එකතුවෙලා වෙඩින් හා කේක් සම්බන්ද බිස්නස් එකක් කරනවා. ඒකෙ ඩිලිවරි වලට ත්‍රීවිල් එකක් ගත්තා. පැජරෝ එකක් එලවපු මිනිහ ත්‍රීවිල් එකක් එලවන එක ලැජ්ජාවක් කියල හිතුවෙ නෑ. දැන් එයා ලංකාවෙ සුන්දර පලාතක තමන්ගේම සාර්ථක ව්‍යාපාරයක් කරගෙන සතුටින් ජීවත් වෙනවා. කාටවත් අත නොපා තමන්ගේ බිස්නස් එකකින් MD පඩියට වඩා හොඳ ආදායමක් ලබනවා.
     
    • Like
    Reactions: King_cobra

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93

    (1) ඔබේ දරුවාට පිහිණීමට අනිවාර්යයෙන් උගන්වන්න...දක්ෂ පිහිනුම් කරුවකු කරන්න... කවදාහෝ එය දරුවාගේ ජීවිතය සහ තවත් අයගේ ජීවිත රැක දෙනු ඇත.

    (2) ඔබේ දරුවාට සතුරකු ක්ෂණිකව අඩපණ කළ හැකි...ඉතා දරුණු පහර කිහිපයක් ක්ෂණිකව, අනපේක්ෂිතව එල්ල කරන අන්දම...හොඳ කරාටේ ශිල්පියකු ලවා පුහුණු කරවා තබන්න එය නිරතුරුව පුහුණු වෙනලෙස දරුවාට උපදෙස් දෙන්න සොරෙකුගෙන්, මැරයෙකුගෙන්, ස්ත්‍රී දූෂකයෙකු ගෙන් ජීවිතය බේරා ගැණීමට එය ඉවහල් වනු ඇත. කළුපටි ධාරියකු වීම අවශ්‍ය නැත. කරදරයටපත් අයකුට නිහඬව බලා නොසිට...පිහිට වීමටද ඔහු හෝ ඇයට හැකිවනු ඇත. අප ජීවත් වන්නේ තිරිසන් සතුන් පිරි කැලෑවකය.

    (3) සතියට සම්පූර්ණ එක දිනක් අධ්‍යාපන කටයුතු වලින් දරුවා ඈත්කර තබන්න.. හොඳ නවකතාවක් කියවීමට...ඔහු කැමති විනෝදාංශයක යෙදීමට ඔහුට ඉඩ දෙන්න...මුහුදුවෙරල වැනි තැනකට දරුවා රැගෙන යන්න...ටියුෂන් රේස් එක නිසා ඔබේ දරුවා කායිකවත් මානසිකවත් හෙම්බත්වී ඇත.

    (4) ඔබේ දරුවා ගණිතය විද්‍යාව වැනි විෂය කරුණු ඉගෙනීමට අදක්ෂ නම් ඔහුට ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, ජපන්,අරාබි වැනි භාෂා කථනය, ග්‍රැෆික් ඩිසයින් වැනිදේ ඉගෙන ගැනීමට හැකිදැයි උත්සාහ කරවා බලන්න. ඔහුට එය හැකිනම් උපාධිය දක්වා යාහැකිය. බොහෝ විට විෂය කරුණු තේරුම් ගැනීමට අදක්ෂයෝ...භාෂා කථනය ඉගෙනීමට අති දක්ෂයෝ වෙති. මාළුවාට ගස් නැගීමට නොහැකි නමුත් වතුරට දැමූ විගස වේගයෙන් පිහිණයි. ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහිපයක් චතුර ලෙස කථා කිරීමට දන්නේ නම්...ලොකු වැටුපක් සහිත රැකියාවක් ලබාගැනීම සිම්පල් වැඩකි !.

    (5) ඉගෙනීමට අති දක්ෂයකු නොවේ නම්...නම්බුව රැකගැනීම සඳහා පමණක් උසස්පෙළ (A/L) කිරීමට යොමු නොකරන්න. තරඟය ඉතා ඉහලය...අවස්ථාවක් නැත. කිසියම් පුද්ගලික ආයතනයකට යවා IT, Management, වැනි කැමති ක්ෂේත්‍රයක උපාධියක් ලබා ගත හැකිය. ඒ සඳහා අති විශාල මුදලක් අනවශ්‍යය. රජයේ විශ්වවිද්‍යාල දරුවා පාරේ පොලිස්කාරයින් ගෙන් ගුටිකමින් සිටිනවිට ඔබේ දරුවා පුහුණුවන විධායක නිලධාරියකු ලෙස පෞද්ගලික ආයතනයක වැඩ කරමින් සිටිනු ඇත.

    (6) ඔබට මේවා කිරීමට මුදල් නැත්නම්...පළමුව පොහොසතුන්ට ඊර්ෂ්‍යා කිරීම නවත්වන්න...ඔබ නිරෝගී පුද්ගලයකු නම් කිසියම් කාර්මික ආයතනයකින්...නිවාස වයරින් කිරීම...ටයිල් ඇල්ලීම...මෝටර් කාර්මික ශිල්පය, ජලනළ කාර්මික ශිල්පය, ඇළුමේනියම් ෆැබ්‍රිකෙටින්, වෙල්ඩින් ශිල්පය වැනි ලොකු ගණන් අයකරගත හැකි වෘත්තියක් පුහුණුවන්න... මේවා පහත් රැකියා නොවේ. වැඩකට නැති එවුන්ගෙන් බැණුම් අසමින් කරන...මාසිකව සොච්චමක් ලැබෙන...ඔබේ තුට්ටුදෙකේ හිඟන රැකියාවෙන්...බය නැතිව ඉවත් වෙන්න. කලක් ගතවූ පසු වැඩකරන්නේ ගෝලයෝය ඔබ කොන්ත්‍රාත් බාරගන්නා බොස්ය.

    උපුටාගැනීම - Sarath Wimalasuriya

    අනිවාර්යෙන්ම එකගයි.:yes::yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සතියට සම්පූර්ණ එක දිනක් අධ්‍යාපන කටයුතු වලින් දරුවා ඈත්කර තබන්න..

    එහෙනම් සතියට දවස් 8ක් ඕනෑ.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සතියට සම්පූර්ණ එක දිනක් අධ්‍යාපන කටයුතු වලින් දරුවා ඈත්කර තබන්න..

    එහෙනම් සතියට දවස් 8ක් ඕනෑ.

    :rolleyes::rolleyes::rolleyes:

    මටත් කියලා දීපන්කො සතියට දවස් 8 ආපු හැටි;)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :rolleyes::rolleyes::rolleyes:

    මටත් කියලා දීපන්කො සතියට දවස් 8 ආපු හැටි;)

    :baffled::baffled: මටත් දැනගන්න ඕන ඒකම තමා. සතියට දවස් 8ක් හදාගන්නහැටි. එතකොට එක දවසක් නිකම්ම හිටියෑකි. :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සතියට සම්පූර්ණ එක දිනක් අධ්‍යාපන කටයුතු වලින් දරුවා ඈත්කර තබන්න..

    එහෙනම් සතියට දවස් 8ක් ඕනෑ.

    සතියකට එක දවසක්වත් පවුලේ හැමෝම එකට හිටියනම් හොඳයි කියලා හිතෙන්නේ නෑද්ද.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සතියකට එක දවසක්වත් පවුලේ හැමෝම එකට හිටියනම් හොඳයි කියලා හිතෙන්නේ නෑද්ද.

    :) මම සතියකට දවසක් විතර තමයි එහෙම නැත්තේ. ඒ නිසා ලොකු අවුලක් නෑ බං. නමුත් පොඩි අයට එහෙම සතියට දවසක් වෙන් කලොත් බලහන්කො. දවස් 5 ඉස්කෝලෙ. සති අන්තේ පන්ති. සති අන්තේ නිකම්ම හිටියොත්දවසක්, අනික් උන්ක්ලාස් ගිහින් ගොඩ යයි. අරූ නිකමෙක් වෙයි. :( අද කාලෙ හැටි ඉතින්.