හිතන්න යමක්++නිකමට කියවපල්ලා ....

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
හිතන්න යමක්++නිකමට කියවපල්ලා ....

අපේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට පිල් දෙකක්‌ නෑ. අපිට තියෙන්නේ එක පිලයි. එක රටක්‌ පමණක්‌ යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

හැව්ලොක්‌ ටවුන් හි හෙන්රි ප්‍රේද්‍රිස්‌ ක්‍රීඩාංගණයේදී ඊයේ (28 දා) පෙරවරුවේ පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්‌වීමේ උත්සවයට එක්‌වෙමින් මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කළේය.

"රටට පණ දෙමු, අලුතෙන්ම පටන්ගමු" තේමා කරගෙන "අනාගතයට සහතිකයක්‌" මැයෙන් වූ සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය සුබ මොහොතින් ඊයේ එළිදැක්‌විණි.

මෙහිදී පැමිsණ සිටි පිරිස දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නාහිමිපාණන් පංචශීලයෙහි පිහිටුවා ආශිර්වාද පළ කළහ.

ඉන් අනතුරුව හින්දු, ඉස්‌ලාම්, ක්‍රිස්‌තියානි පූජකතුමන්ලා ආශිර්වාද එක්‌ කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, අපි අපේ මාතෘභූමියේ අනාගතය සඳහා ඉතාම වැදගත් වන ලියවිල්ලක්‌ ඉදිරිපත් කරන මොහොතයි මේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන මොහොතේ මට මතක්‌ වෙනවා මේ රටට නිදහස ගේන්න හේතු වුණු "මහින්ද චින්තනය" එදා 2005 දී ජනතාව අතට පත්කළ මොහොත. ලංකාව දෙකඩ වෙන්න ආසන්න යුගයක බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තමයි අපි එදා "මහින්ද චින්තනය" ඉදිරිපත් කළේ.

අද වාගේ නොවෙයි එදා ඒ උත්සවයට හැමෝම ආවේ ලොකු මරණ බයක්‌ තුරුල් කරගෙන. කොළඹ තිබුණ ආරක්‍ෂක බංකර්, මුර කපොලු, මැද්දෙන් තමයි හැමෝම බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ආවේ. එදා වව්නියාවෙන් එහාට අපිට ඡන්දේ කරන්න යන්න බැරිවුණා.

අද උතුරේ ගොවියො ලූනු වවන ගානට ඒ පළාතේ බිම් බෝම්බ වළලලා තිබුණා.

දැන් ජනතාව ඉතාම නිදහසේ හැන්දැවට කොළඹ පාරවල්වල ඇවිදිනවා. නමුත් එදා කොළඹ ඇවිද්දේ කුණු ගොඩවල් මැද්දෙන් නහය වහගෙන. අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර, මඩකලපුව, මොනරාගල, කුරුණෑගල, හම්බන්තොට හැම කන්නයක්‌ අවසානයේම වී විකුණා ගන්න බැරිව ගොවියො වහ බීපු ප්‍රවෘත්ති පත්තරවල ගියා. අද ඡන්දේ කරන්න මේ රටේ කෙළවරටම පැය ගණනකදි යන්න පුළුවන්. අද එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයකුට උදේ හම්බන්තොට ගිහින් රැස්‌වීම් කරලා එදාම රෑ හතට දේශපාලන සාකච්ඡාවට කොළඹ එන්න පුළුවන්. ඒක ඉවර කරලා ආපහු රෑ 9.00 ට කුරුණෑගල රැස්‌වීමට යන්න පුළුවන්. නමුත් 2005 ඡන්දයේදී හම්බන්තොට ගියොත් ආපහු ආවේ පහුවෙනිදාට.

ඔබවහන්සේලා නිතර කියනවා සිංහලයාට බොහොම දේවල් ඉක්‌මනින් අමතක වෙනවා. ඒ නිසා එදා රට තිබුණ හැටි මතක්‌ කරලා දෙන්න කියලා. නමුත් මම ඉතාම සතුටු වෙනවා වසර හතරක්‌ තුළ හිතාගන්නත් බැරි තරමට මේ රට වෙනස්‌ කරන්න පුළුවන්වීම ගැන.

දැන් යු. එන්. පී. ය අහනවා මහින්ද රාජපක්‍ෂ ඇයි ආයෙත් එන්නේ කියලා. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන කොට උතුරේ හොර මැරකම් ඉහළ ගිහින් කොල්ල කෑම් වැඩි වෙලා. උතුරට යන්න ජනතාව තුළ බියක්‌ ඇති වෙනකොට ජනතාව ආයෙත් මාව හොයාගෙන ආවා. අපි ජනවාරි අට වෙනකොට මේ රටේ සංවර්ධන ව්‍යාපෘති 58,000 ක්‌ කරගෙන ගියා. ඒ සංවර්ධන ව්‍යාපෘතිවලින් ප්‍රයෝජන ගත්තේ කොළඹ අයිස්‌ කාමරවල ඉන්න අය නොවෙයි. ගමේ ඉන්න තරුණයන්ටයි ගමේ ජනතාවටයි ඒ වරප්‍රසාද ලැබුණේ.

ඒ අවස්‌ථාව ගමේ තරුණයාට නැති කළ නිසයි ජනතාව මාව හොයාගෙන ආවේ. අපි අවුරුදු අටක්‌ තිස්‌සේ මේ රටේ ගොවියාට පොහොර සහනාධාර දීලා වී මිලට ගත්තා. ලෝක වෙළෙඳපොළේ රබර් මිල රුපියල් 210 ට බැස්‌සත් අපි රුපියල් 300 ට රබර් ගත්තා. නමුත් අද ගොවියාගෙ වී ටික මිලට ගත්තේ නෑ. රබර් ෂීට්‌ ගඟට දානවා. සුළු තේ වගාකරුවෝ 400,000 ක්‌ අතරමං. ජාවාරම්කාරයන්ගෙන් පවරාගෙන ගොඩගත්ත ආයතන සතොස පවා ආයෙත් කඩාවට්‌ටලා ඉවරයි.

රජයේ සේවකයෝ වැඩියි. ඉදිරි මාසවල පඩි ගෙවා ගන්නත් බැරි වෙන බව දැනටමත් මේ ආණ්‌ඩුව හදපු අය කියනවා.

යු. එන්. පිය රට වසර විසිපහක්‌ ආපස්‌සට හැරැව්වේ නැතිනම් මහින්ද රාජපක්‍ෂට ආයෙත් එන්න ඕනේ වෙන්නේ නෑ.

මට ආයෙත් මේ රටේ ජනතාව එන්න කියන්නෙ මේ ගොඩනැගීගෙන යන භයානක තත්ත්වයෙන් රට ගොඩගන්න.

අපි අතීතයෙත් ඉගෙන ගන්නවා. ඉවසන්න ඕනෑ තැන ඉවසනවා. රට වෙනුවෙන් යුද්ධ කරන්න ඕනෑ තැන යුද්ධ කරනවා. ඒ වාගේම අලුත් වෙන්න ඕනෑ නම් අලුතින් හිතනවා. ඒ නිසා ගෙවුණ හය මාසය තුළ අපි අලුතින් හිතුවා. භික්‍ෂූන්වහන්සේ ඇතුළු පූජක උතුමන්, රටට ආදරය කරන බුද්ධිමතුන් උසස්‌ රාජ්‍ය නිලධාරීන් සන්ධානයේ නායකයන් වගේම වැඩ කරන ජනතාවගේ තරුණයන්ගේ පොදු ජනතාවගේ අදහස්‌ විමසලා තමයි මේ ලියවිල්ල රට වෙනුවෙන් ගොඩනඟලා තියෙන්නේ.

අපි නවීන දේශයක්‌, අභීත රටක්‌ සහෘද සමාජයක්‌ ගොඩනඟනවා. අපිත් එක්‌ක තියෙන වෛරය නිසාම නතර කළ සංවර්ධන ව්‍යාපෘති 58,000 ක්‌ ආයෙත් පටන් ගන්නවා. කොළඹ නගරය ආයෙත් පිරිසිදු කරනවා. රටේ අනෙක්‌ නගරත් ඒ වාගේම ගොඩනඟලා සුන්දර කරලා ලස්‌සන කරන කාර්ය පටන් ගන්නවා.

අපි එදා උපාධිධාරීන්ට රජයේ රැකියා දුන්නා. මගනැඟුම ගම නැඟුමේ දහස්‌ ගණන් රැකියා දුන්නා. අද ලක්‍ෂ ගණනකට රස්‌සා නෑ. ඒ සියලු දෙනාට යළිත් අපි රැකියා දෙනවා.

මටත් මතක්‌ කරන්න වෙනවා එදා රනිල් වික්‍රමසිංහ තරුණ කටයුතු ඇමැති කාලේ මේ රටේ තරුණයන්ට වුණු දේ. නන්දා මාලිනිය ගේ ගීතයක මෙහෙම තියනවා.

යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්‌ වධය පමුණුවන්න
අලුත් ලොවක්‌ ගැන සිතීම
දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය
නීතිය සහ විනිසුරන්

එදා අලුත් ලොවක්‌ ගැන හිතපු තරුණයන්ට සැලකුවේ එහෙමයි. ඔය සිංදුව ලියපු මහාචාර්ය සුනිල්ටත් රටින් පැනලා යන්න වුණා. යු. එන්. පි.යෙන් එදා මරපු හැටදාහ හිටියා නම් ඒ බොහොම දෙනෙක්‌ අනුර කුමාරගෙ වයසෙ බව ඒ මැරුම් කෑව තරුණයන්ගේ අම්මලට මම මතක්‌ කරන්න ඕනෑ. අද රනිල් එක්‌ක එකතුවෙලා ඉන්න ජනතා විමුක්‌ති පෙරමුණ ඒ අම්මලාව බලාගන්න බවට සහතිකයක්‌ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දීලා නෑ. නමුත් අපි ඒ අම්මලාත් පවුල්වල අයත් ජීවත් කරවන්න පොරොන්දු වෙනවා.

ගමේ රටේ තරුණයො ආයුධ අතට ගන්න පෙළඹෙන සමාජ කාරණා අපි අහෝසි කළා. නමුත් මේ ආණ්‌ඩුව ශිෂ්‍යයන්ගේ මහපොළ ප්‍රමාද කළා. පෙළපාලි ගිය තරුණයන්ට දින සියයක්‌ යන්නත් කලින් රනිල්ගෙ ආණ්‌ඩුවෙන් ගැහුවා. අද එහෙම නම් හෙට මොනවා කරයිද? මහ බැංකුවට අත තියපු රනිල් මේ රටේ නිදහස්‌ අධ්‍යාපනයට අත නොතබයි කියලා දෙන සහතිකේ මොකක්‌ද? මේ රටේ අධ්‍යාපනයට දාපු අධ්‍යාපන ඇමැතිගෙන් පෙනෙනවා යූඑන්පියෙ අධ්‍යාපන හා තරුණ ප්‍රතිපත්තිය.

අපි නිදහස්‌ අධ්‍යාපනය දිවිහිමියෙන් රකිනවා. ඒ විතරක්‌ නොවෙයි වයස අවුරුදු 18 ට වැඩි හැම තරුණයෙකුම තරුණියකුටම ඉහළට ඉගෙනගන්න රුපියල් 50,000 ක්‌ ලබා දෙනවා. විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන හැම තරුණයෙකුටම පොත්පත් ගන්න රුපියල් 10,000 ක්‌ දීලා මහපොළ රුපියල් 6000 දක්‌වා වැඩි කරනවා. උසස්‌ පෙළ සමත් වුණත් විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙන අයගෙ වගකීම රජයක්‌ ගන්න ඕනෑ. ඒ අයට විශ්වවිද්‍යාලයෙන් පිටත ඉගෙනගන්න අවශ්‍ය ආධාර වැඩ පිළිවෙළක්‌ ඇති කරනවා. අපි මේවා කරන්නේ මේ රටේ මානව සම්පත් දියුණු කරන්න.

අපි පරිගණක සාක්‌ෂරතාවය සියයට 3 ඉඳන් 45 දක්‌වා ඉහළ නැංවූවා. ඒ පරිගණක ශිල්පයෙන්ම තමයි අපිවත් පරාද කරන්න වැඩ කළේ. බොරු ප්‍රචාර ගෙන ගියේ. එහෙම වුණොත් අපි මේ රටේ හැම නිවසකම බ්‍රොaඩ් බෑන්ඩ් පහසුකම් දීලා තරුණ පරපුරට ඔන් ලයින් වෙළෙඳපොළ හඳුන්වා දෙනවා. අපි ආරම්භ කරන්නේ රට නවීකරණයට තරුණයො එක්‌ක යන ගමනක්‌.

අපි අවුරුදු හතර තුළ රටටම පාරවල්, විදුලිය දීලා රටේ යටිතල පහසුකම් හැදුවා. දැන් ඒවායින් ප්‍රයෝජන අරගෙන පොදු ජනතා ජීවිතය සුවපත් කරන යුගය උදා කරනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කියලා කහයි කොත්තමල්ලියි අඩු කරන අයවැය නොවෙයි ඕනෑ. අපි හදන්නේ සහල්වල ඉඳන් කුකුළු මස්‌ දක්‌වා ලදරු කිරිපිටි වල මිලත් සාධාරණ මට්‌ටමකට පවත්වාගෙන යන රටක්‌. සෑම පවුලකටම නිවසක්‌ ලබා දෙන්න ඕනෑ. මධ්‍යම පන්තියේ අයට ගෙයක්‌ තනාගන්න එක තව දුරටත් සිහිනයක්‌ වූ යුගය අවසන් කරනවා. ලෝක ආහාර අර්බුදය ආවත් එක වේලක්‌ බඩගින්නේ තියපු නැති අපට මේවා කරන්න පුළුවන්.

රාජ්‍ය සේවකයාගේ වාගේම රණවිරුවාට පොලිසියට අපි යුතුකම් ඉටු කරනවා. එදා බයිසිකලයට ගෙවපු 50,000 ගාස්‌තුව ආපසු දෙනවා කියලා පොරොන්දු වුණා. ඒ පොරොන්දුවට මොකද වුණේ. අපි කවදාවත් රජයේ සේවකයාට ඒ රැවටීම කරන්නේ නෑ.

අපි රජයේ සේවකයාගේ අවම වැටුප රුපියල් 25,000 ක්‌ කරනවා. ඒකට ජීවන වියදම් දීමනාව ඇතුළුÊදීමනා එකතු වුණාම ඒ වැටුප විශාල වෙනවා. ඒ වැටුප තනතුර ඉහළ යන කොට 1(4.25 අනුපාතයට වැඩි වෙනවා. අපේ මේ වැඩ පිළිවෙළ නිසා ඉතිහාසයේ පළමු වතාවට රජයේ සේවකයා ලක්‍ෂපතියෙක්‌ වෙනවා.

ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයන්ට රු. 3,000 ක වැටුප් වැඩිවීමක්‌ කරන්න අපි වග බලා ගන්නවා. අද මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව අසරණයි. කොටස්‌ වෙළෙඳපොළ කඩා වැටිලා. අපි ව්‍යාපාරිකයන්ට, ආයෝජකයින්ට අවශ්‍ය දිරි දීම් දීලා ඒ අයව නංවනවා.

පොලිසියට, සන්නන්ධ සේවා වලටත් වැටුප් සංශෝධන කමිටු පිහිටවලා මාස තුනකදී වැටුප් වැඩි කරනවා. මේ රටේ සමෘද්ධි ලාභීන්ගේ ජීවන තත්ත්වය උසස්‌ කරන්න ඕනෑ. ඒ පවුල් වලට ගෑස්‌ ලිපක්‌, සිලින්ඩරයක්‌ පමණක්‌ නොවයි රුපියල් 350 ක්‌ ගෑස්‌ වියදම හැටියට අපි ලබා දෙනවා. අපි කවුරුත් එක සමාන ජීවිතයක්‌ ගත කරන්න ඕනෑ.

ත්‍රී රෝද රථ හිමිකාරයාගේ ඉඳන් පෙර පාසලේ ඉඳන් සුළුÊකර්මාන්තකරුවා දක්‌වා ප්‍රතිලාභ ලැබෙන ලියවිල්ලක්‌ මේ. පිරිවෙන් වලට වගේම දහම් අධ්‍යාපනයට පසුගිය අයවැයේ දුන් සහන ඉක්‌මනින් ක්‍රියාවට නගන්න ඕනෑ. තේ රුපියල් 90 ට අරන් වී 50 ට අරන් රබර් මිල ඉහළ දාලා ආයෙත් මේ රටට පණ දෙන්න ඕනෑ.

අපේ සන්ධානයේ පිල් දෙකක්‌ නෑ. එක පිලයි. ඒ පිළ එක්‌සත් ජාතික පක්‍ෂ විරෝධී පිලයි. එක පිලයි එක රටයි. නමුත් යූ. එන්. පිය පිල් ගොඩක්‌ ඒ අය කියනවා ජවිපෙත් ටීඑන් ඒ එකත් එකතු කරගෙන ආණ්‌ඩුව හදනවාලු. අපි අහනවා එතකොට ටීඑන්ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයට මොකද වෙන්නේ. ඒ ස්‌වයං පාලනයත් දීලා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරලා ජිනීවා යුද අධිකරණයට අපිව ගෙනියන්න පොරොන්දු වෙලාද ඔය ජාතික ආණ්‌ඩුව හදන්නේ. එදා මේ ගොල්ලෝ හැදුවේ කැඳ හැලියක්‌. දැන් හදන්නේ මජර පෙරමුණක්‌. මුස්‌ලිම් ජනතාවට සපුරා විරුද්ධ වුණ හෙළ උරුමයත් එතන, 89 ප්‍රා, කහ බළල්ලුත්, කළු බළල්ලුත් එතන, ජනතා විමුක්‌ති පෙරමුණෙත් එතනට එනවාලු. මහින්ද රාජපක්‍ෂ ඡන්දෙට එන එක වළක්‌වන්න ප්‍රජා අයිතිය අහෝසි කරවන්න ඉදිරියට දාන්න හදන්නේ ජවිපෙ, මගේ ආරක්‍ෂාව අඩු කරන්න ඉදිරියට දාන්නෙ ජවිපෙ. 89 දීත් ජවිපෙ අයව පාවා දෙන්න යූඑන්පීය යොදා ගත්තේ ජවිපෙ ගෝනිබිල්ලෝ. අද රනිල්ට පුළුවන් වෙලා තියෙනවා ජවිපෙ නායකයාව ගෝනි බිල්ලා කරගෙන රට පාවා දෙන්න.

මේ රටේ සිංහල වාගේම දෙමළ ජනතාවත් මුස්‌ලිම් ජනතාවත් මරණ බයෙන් මුදා ගත්තේ අපි. 80 ඉඳන් කඩා වැටුණු මුස්‌ලිම් පල්ලි, කතෝලික පල්ලි දේවස්‌ථාන ඉදිකළේ අපි, නමුත් වසර හතරක්‌ ඇතුළත දෙමළ ජනතාව තුළත් මුස්‌ලිම් ජනතාව තුළත් භීතියක්‌ වැපිරෙව්වා. අද ඒ ජාතිකයන්ට වැටහෙන්න ඕනෑ මේ රටේ කුමන්ත්‍රණයක්‌ තිබුණ බව, මේ ජාතිවාදීන් මර්දනය කරන්න හදනකොට එදා කැබිනට්‌ටුවේ මුස්‌ලිම් ජාතියට එරෙහිව කතා කළ අය අද යූඑන්පීයේ. මතක තියාගන්න යූඑන්පීය මුස්‌ලිම් ජනතාවට කළ සේවයක්‌ නෑ. පලස්‌තීනයට සහාය දෙන්න පාර්ලිමේන්තුවේ මම යෝජනා කරනකොට ඒකත් වැළැක්‌කුවේ රනිල්. එහෙම පක්‍ෂයකින් මුස්‌ලිම් ජාතියට වෙන සේවය මොකක්‌ද? එදා මුස්‌ලිම් ජනතාවට බිය ඇති කරන කුමන්ත්‍රණය කළ අය ඉන්නෙ යූඑන්පීයේ. ඒ නිසා මතක තියාගන්න මේ රටේ කිසිම ජනකොටසකට ජාතියකට වෙනස්‌කමක්‌ වෙන්න බියක්‌ ඇති කරන්න මම ඉඩ තියන්නේ නෑ. අපිට ඕනෑ සුහදශීලී සමාජයක්‌.

මතුගම නගරයේ මහජන නියෝජිතයෙක්‌ දණ ගස්‌සලා පටන් ගත්ත නීතියේ ආධිපත්‍ය අතට ගැනීමේ ගමන යූඑන්පීය දිගටම යනවා. විදේශ මුදල් වංචා කළ හොරු නිදහස්‌ කරන කොට නීති ක්‍ෂේත්‍රයම කැළඹුණා. මේ විදියට නීතිය අතට ගැනීමේ යුගය හමාර කරන්න ඕනෑ. නීතියේ ආධිපත්‍ය අධිකරණයේ ස්‌වාධිපත්‍ය රකින්න අවශ්‍ය ප්‍රතිසංස්‌කරණ අපි හඳුන්වා දෙනවා.

අපි යහපත් විදේශ සම්බන්ධතා නැවතත් ගොඩ නඟනවා. ඒ වගේම පාර්ලිමේන්තුව, ව්‍යවස්‌ථාදායක සභාවක්‌ බවට පත් කරලා මාස හයක්‌ ඇතුළත මේ සියවසට ගැළපෙන නව ව්‍යවස්‌ථාවක්‌ හදනවා. මේ රජය පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ නැතුව මග ඇරපු නව මැතිවරණ ක්‍රමය අපි මේ රටට ගෙනෙනවා. ඒ වගේම ගමේ ජනතාව මේ රටේ පරිපාලනයට සම්බන්ධ කරගන්න ගම් සභා නැවත ඇති කරනවා. මේ වෙන කොට යූඑන්පීය ඔප්පු කරලා තියෙනවා මේ එකක්‌වත් තමන්ට කරන්න බැරි බව.

අපි අපේ සාර්ථකත්වය පෙන්වපු රජයක්‌. සාර්ථකත්වය පෙන්වන්න පුළුවන් සන්ධානයක්‌, ඒක ඉතිහාසයෙන් ඔප්පු කරලා තියෙනව. මතක තියා ගන්න 1948 ඉඳන් ආණ්‌ඩු ගණනාවක්‌ රට කරලත් ජාතික ආදායම තිබුණේ ඩොලර් බිලියන 25 යි. අපි වසර අට තුළ ඩොලර් බිලියන 75 කින් තුන් ගුණයකින් ජාතික ආදායම ඉහළ දැම්මා.

රාජකීය පණ්‌ඩිත මැදගොඩ අභයතිස්‌ස හිමි-

අපේ බුදු හාමුදුරුවෝ වඩින අවස්‌ථාවේ වූ සිද්ධියක්‌ මට මතක්‌ වෙනවා. බුදු හාමුදුරුවෝ දවසක්‌ සැරියුත් මුගලන් හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ සමග වඩින විට එක මනුෂ්‍යයෙක්‌ ඇළක්‌ ළඟ මාලු බාමින් සිටිනවා දුටුවා. බුදු හාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ගේ පැත්තට හැරිලා අහනවා ඔබ වහන්සේගේ නම මොකක්‌ද? මගේ නම සැරියුත් කියලා උන්වහන්සේ කියනවා. ඊට පස්‌සේ මුගලන් හිමියෝ පැත්තට හැරිලා අහනවා ඔබ වහන්සේගේ නම මොකද්ද කියලා. උන්වහන්සේ කියනවා ස්‌වාමීනි මගේ නම මුගලන් කියලා. ඒ අවස්‌ථාවේ බිලී බාන මනුෂ්‍යයාට හිතෙනවා අනේ මේ ශේ්‍රෂ්ඨ උත්තමයා මගේ නමත් අහනව නම් කොච්චර දෙයක්‌ද කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ඔහුගෙන් අහනවා ඔබගේ නම මොකක්‌ද කියලා. ඔහු කියනවා ස්‌වාමීනි මගේ නම අරිය කියලා. එවෙලේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නම අරිය වුණාට ප්‍රාණඝාත කරනව නම් ආර්යවෙන්නේ නෑ කියලා. සියලු සත්වයන්ට අවිහිංසාව දක්‌වන්නේ නම් ඔහුට තමයි අරිය කියන්නේ කියලා.

මට මේක මතක්‌ වුණේ මේ යහපාලනය නම තිබුණට යහපාලනයක්‌ වෙන්නේ නැති නිසයි. ඒකත් හරියට අරිය කියල නම තිබුණට අරිය වෙන්නේ නෑ වගේ.

පසුගිය ජනවාරි 8 වැනිදා සිදුවුණේ මහ මැතිවරණයක්‌ නොවේ. ජනාධිපතිවරණයක්‌ මහ මැතිවරණයකින් වුණ දේවල් වුණාට, එදා ජනාධිපතිවරණයක්‌ තිබුණත් අගමැතිවරයෙකුත් අලුතෙන් පත්වුණා. පුදුමය කියන්නේ තමන් ජනතා වරමකින් පත්වූ අගමැතිවරයෙක්‌ කියලා හිතාගෙන එතුමා අභියෝග කරනවා. මේ පැරදුණු අය ඉස්‌සරහට එන්නේ ඇයි කියන වගන්තියත් එක්‌ක. හැබැයි රනිල් මහත්තයා දිනුවේ නෑ. එතුමා අනුන්ගේ පහනින් ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමයි කළේ. ඒක නිත්‍යනුකූල නොවන සදාචාර සම්පන්න නොවන ආණ්‌ඩුවක්‌. ඒ නිසා ඒක තුළ යහපාලනයක සේයාවක්‌වත් නැහැ.

අද අප රට ජාතික ආරක්‍ෂාව පිළිබඳ බරපතළ අභියෝගයක පවතිනවා. දෙමළ සන්ධානේ නායක සම්බන්ධන් කියනවා 2016 වන විට ඔවුන්ට ෙµඩරල් පාලනයක්‌ ලැබෙනවා කියලා. මේ අනුව රට බෙදීමේ තැනට කෙමෙන් ඇදී යනවා.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා-

සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාශයට පත් කළා. එය අද දිනයේ ජනතාවට බෙදා දීමට කටයුතු කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අංශ ගණනාවක්‌ කෙරෙහි විශේෂ අවධානය යොමුකර දොළොස්‌ වැදැරුම් වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කර තිබෙනවා.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Noted

lol_vladimir_putin.gif