හිතවත් මොහොමඩ් ......

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    හිතවත් මොහොමඩ් ......

    https://www.facebook.com/srinath.bandara/videos/10208422414811365/

    හිතවත් මොහොමඩ් ......
    කාලයක ඉදල උබට ලියන්න හිතන් හිටියත් නෑ කමක් නෑ පස්සෙ ලියනව කියල හැමදාම පස්සට දදා හිටියා... ඒත් අද නම් ලියන්නම වෙනව සහෝදරයා...
    උබ දන්නව අපි පොඩි කාලේ ඉදල එකට හිටියේ... අපි එකට සෙල්ලම් කරා.. සෙල්ලම් ගෙවල් හැදුවා.. කඩ දැම්මා... හොරා පොලිස් කරා... අපි එකට හැදුනේ ... එකට ඉස්කෝලෙ ගියේ..
    උබ අපේ පන්තියේ හිටිය එලකිරි කොල්ලෙක්. අපි බත් කෑවෙ එකට.. උබේ අම්මගේ බුරියානි එක කන්න ඉස්කොලේ කොල්ලො කෙල්ලො විතරක් නෙවෙයි ගෙවල් වල මහ එවුනුත් බලන් හිටියා.. ඒ වගෙම තමයි අපේ සින්හල අව් රුද්දට.. උබල අපේ ගෙවල් වල... කැවුම් කිරිබත් කාල දවල්ටත් කාල හවස් වෙලා ගෙවල් වලට ගියේ .. උබ නෝම්බි කාලෙට හොරෙන් කන්න ආවෙත් අපේ ගෙදර..
    උබලගේ පාතිමා අක්කයි අපෙ අක්කයි කියල අපිට බේදයක් තිබුනෙ නෑ... නස්ලා නන්ගි ඉර්ෆාන් මල්ලි එතකොට පොඩිම එකී ෆස්නා උන් අපි ඔක්කොම සෙල්ලම් කරේ එකට ...
    උබලගේ තාත්ත අපි ඔක්කොටම අව්රුදු කාලේට රතිඤ්ඤා ගෙනත් දෙනව.. මතකද උබට ??
    අපි කට පුරා නැන්දා මාමා කියල තමයි කතා කරේ ...

    මචන් මෙහෙම හිටපු උබලට මොකද මේ උනේ ??...
    උබලගේ අම්මා සාරි පොට ඔලුවට දාගෙන තමයි ගමනක් යන්නෙ ඒ දවස් වල

    අක්කල නන්ගිලා නම් එහෙමත් නැතුව සල්වාර් තම්යි ඇන්දේ ..
    මේ ලගදි මම බැන්කුවේ ඉද්දි පුතා කොහොමද කියල කව්දෝ ඇහුවා.. පුරුදු කටහඩක් .. ඇස් දෙක විතරක් ඇරපු නින්ජා කෙනෙක්..
    දෙය්යෝ සාක්කි .... උබලගෙ අම්මා... තවත් නින්ජල දෙන්නෙක් එක්ක. මම හිතන්නේ නන්ගිලා ඩබල ...

    මොකද බන් මේ ?? උබලට මොකද මේ උනේ ??
    උබලගෙ අම්මත් අපෙ අම්මගෙ වයස... බලපන් අපෙ අම්මා කොයි තරම් නිදහසේ එයාගේ සැදෑසමය ගත කරනවද කියලා ... ඒත් උබ සව්දි රස්සාවට ගිහින් අම්මට ගෙනත් දුන්නේ මේකද ??
    ඇරත් බැන්කුවේ ?? ඔහොම ඇදගෙන
    අනේ මන්දා බන් ...
    මට නම් තේරෙන්නේ නෑ ...

    උබල අපි ඉස්කොලෙ යනකාලෙ කෑවෙ හලාල් බලලද බන් ?? බත් එක අරින පමාවෙන් වාශ්ප උනේ හලාල් බල බල ද ??
    හරි කමක් නෑ ඒවා උබලට අදාලයි නම් කරගෙන පලයල්ලා මචන් .. හැබැයි හලාල් ලේබල් එක ගහපු එක රුපියල් 2.50 වෙලා නොමල් එක රුපියල් 2ක් උනා නම් අපිට බලා ගන්න පුලුවන් ඔය හලාල් ඉල්ලන අය මිලදී ගන්නෙ මොකක්ද කියලා ...
    මචන් මොහොමඩ්
    උබ ඉපදුනෙත් මේ රටේ... උබලගේ තාත්තලා වෙළදාමේ අවේ අම්මලත් එක්ක නෙවේ. උබලගෙ අම්මලගේ සම්භවය සින්හල උබත් දන්නව මේක. එහෙමයි කියල අපි උබලට කිව්වේ නෑ අපේ ආගමට වරෙන් කියලා. ඒත් හරියට කියනව නම් උබල වෙන්න ඔනි සින්හල මුස්ලිම්. උබලා අරාබි මුස්ලිම් වෙන්න හදන්නේ මොකටද බන් ?? අරාබියට ගියාම උබලට පිලිගැනීමක් තියෙනවද කියපන්කො ? උබත් රට රටවල් වලට ගිය මිනිහෙක් නේ ...
    වෙන රටකට ගියාම උගේ ආගම මොකද්ද කියල කිසිම කෙනෙක් අහන්නෙත් එකේ වැදගත් කමක් වත් නෑ. අහන්නේ කොහෙන්ද ආවෙ කියලා විතරයි.
    කොටින්ම අරබියේ උන්ට අපිව පේන්නේ උන්ගේ කක්කුස්සි හෝදන්න එන එවුන් වගේ. උන්ට උබලා මුස්ලිම් කියලා පඩයක් වටින්නෙ නෑ. රිසානාට සලකපු සැලකිල්ල කොහොමද මචන් ??
    ඒ උනාට උබලගෙ උන් මේ සින්හල රට අරාබියක් කරන්න යනහැටි දැක්ක්ම මටනම් හිතෙන්නේ උන් ඔක්කොම මෙහෙම රටක ඉපදුන පින ගැනවත් නොදන්න මරු කතරක හීන දකින අද බාලයො කියල.

    මට ලොකු ප්රශ්නයක් තියෙනවා මොහොමඩ්...
    ඇයි බන් උබලගේ නායකයො කියා ගන්න උන් උබලව මේ විදියට ගෝත්රික කරන්න හදන්නේ ?
    නැති ප්රශ්න ඇති කරන්න හදන්නේ ?
    ලේ රස ම ඉල්ලන්න හදන්නේ ??
    කාගේ උවමනාවකටද ??

    මේ රටට බුදු දහම සන්ක්රමනය උන දවසේ ඉදල බුද්ධ ධර්ශනයයි අපේ ජනජීවිතයයි සන්ස්කෘතියෙ බොහෝ දේවලුයි වෙන් කරන්න බැරි තරම් එකට බැදුනා.
    කළින්ඝ මාග ලා ගෙන් පරන්ගියාගෙන් ලන්දේසියාගෙන් අන්තිමට සුද්දාගෙනුත් අපි අපේකම රැකගෙන අදටත් උබලටත් නිදහසේ ආගම අදහන්න පුලුවන් රටක් අපි ඉතුරු කරගෙන ඉන්නවා...
    මොන ප්රශ්නෙ තිබ්බත්

    උබම හිතපන් මක්කම කුරුසයක් ගැහුවොත් මොනව වෙයිද කියලා ...
    බ්වුද්ධ කොඩියක් එල්ලුවොත් මොනව වෙයි ද කියලා ...

    ඒත් බලපන් මහනුවර ....
    බවුද්ධයාගේ මුදුන්මල්කඩ
    උබලට අඩුමගානේ උදේ හවස ශබ්ද පූජාව තියන්න හරි එපා කියල තියෙනවද ??

    උබලගෙ මක්කම කිට්ටුව පිරිත් දාන්න දෙනවද මොහොමඩ් ??
    වෙන එකක් තියා පල්ලිය හදන්න ඉඩම දීල තියෙන්නෙත් දළදා මාලිගවෙන්ම නේද ?
    බලපන් කන බත් පතේ අර මොනවද කරනව කියන්නෙ මේවට නේද ?
    අර වඩිග කාලකන්නියාගේ අතිශය කුරිරු පලිගැනීමකට ලක් උන ඇහැලෙපොල කුමාරිහාමි නමින් තිබ්බ මාවත මුස්ලිම් පල්ලිය පාර උනා නේද හොර රහසෙම
    කව් රුත් මොකුත් කිව්වෙ නෑ නේද ?

    එහෙමයි කියල හැමදේම තමුන්ට ඕනි විදියට කරන්න යන්න එපා මොහොමඩ්
    මහනුවර ඉපදුන උබම දන්නවා මාලිගවට ඉහලින් යන්න ගොඩනැගිලි හදන්න අවසර නෑ කියල ... ඕක අන්තිම සරළ සාමාන්ය කතාවක්.. අපි කව් රුත් ඒක දන්නවා.. අපි ඒකට ගරු කරනවා..

    රට අල්ලගෙන මාළිගා භූමියේ ශාන්ත පාවුලු පල්ලියකුත් අටවපු සුද්දාවත් කරන්න නොහිතපු මේ සරළ සිද්ධාන්තය මේ හදිස්සියේ බිදින්න උබලට ඕනි උනේ ඇයි කියල මට කියල දීපන් මොහොමඩ් ... මට ඇත්තටම තේරෙන්නෙ නෑ
    හිතවත් මොහොමඩ්
    උබල උබලගේ ආගමට කරන ගරු නම්බුව අනිත් ආගම් වලටත් දෙන්න පුරුදු වෙයල්ලා.
    අපේ රටේ තියෙන යම් යම් චාරිත්ර වාරිත්ර කොන්දේසි තෙරුම් ගනින්...
    ඊයේ මහනුවරත් බේරුවල වගේ වෙන්න තිබුනා එක ගඩොල් භාගයක් කොහෙන් හරි ආවනම් ...
    ඒ දළදා වහන්සෙට පින් සිද්ද වෙන්න එහෙම දෙයක් මේ පූජනීය නගරයේ සිද්ද උනෙ නෑ

    මොහොමඩ්
    වහසිබස් කියකිය උබලව චූන් කර කර අපේ උන්වත් අව්ස්සගෙන ලේ රස ඉල්ලන උබලගේ නායකයන්ට කියපන් අපි දෙගොල්ල බොහොම හොදින් ඉන්නවා කරුණාකරල අනවශ්ය ප්රශන ඇති කරන්න එපා කියලා
    මොකද්ද බන් මේ දළදා මාලිගාවටත් උඩින් යන කුලුනු ගහන්න හදිස්සියේ ඇතිඋන අවශ්යතාවය ??
    මතක තියාගනින් මේ ඉල්ලන්නෙ ලේ ...
    මෙ රටේ මෙච්චර ප්රශ්න තියෙද්දි මේ කරන්නේ උබල අපි කොටවන වැඩක්. . ඉල්ලන්නේ ලේ ... බන්කොලොත් දේශපාලකයන්ගේ උගුල් වලට අහුවෙලා මේ රට ගිනිගොඩක් කරන්න එකතු වෙන්න එපා මොහොමඩ් ..

    මම මේක ලිව්වේ මාත් එක්ක පොඩි කාලේ ඉදල එකට හැදුන වැඩුන මගෙ මිතුරට. උබ මුස්ලිම් කියල අපි අතරෙ කවදාවත් ගැටලුවක් තිබ්බෙ නෑ. උබත් වෙසක් කූඩු හැදුව අපිත් එක්ක .. උබත් රතිඤ්ඤා දැම්ම අපේ අව්රුද්දට.. උබත් වෙසක් බලන්න ගියා අපිත් එක්ක,, දන්සැල් flat කරා .. පෙරහැර බැලුවා අපිත් එක්ක....
    අපි සහජීවනය ඉගෙන ගත්තේ සහජීවනය මාකට් වෙලා කුජීත වෙන්න කලින් ...