රෑට ඇහැරන් ඉන්න අයට තේරෙනවද 12 විතර පහු උනාම අමුතු දේවල් හිතෙන්න ගන්නවා.දවල් කාලෙට මේ ෆීලින් එක එන්නෙ නෑ.
ඔහේ කෙලවරක් නැතුව කල්පනාවක අතරමන් වෙනව.
මම මේක ටයිප් කරන්නෙත් ඒ ආපු ෆීලින් එක හින්දා,දවල් ආය බලද්දී හිතෙයි මොන මගු ක් ද මේ දාල තියෙන්නෙ කියලා
ඇයි අපි ජීවත් වෙන්නෙ වගේ philosophical දේවල් ගැන වැඩියෙන් හිතෙනවා,
මේ වගේ වෙලාවට charitha attalage ටයිප් එකේ සින්දුවක් ඇහුවත් අමුතුම ෆීලින් එකක් එනවා ,සතුටකුත් නැති දුකකුත් නැති හෙන අමුතුම දෙයක් දැනෙනවා
අනේ මන්දා,අපි කොහොම logically හිතන්න පුරුදු වෙලා හිටියත් හැගීම් කියන ඒවා අමුතුම දෙයක්
තව කොච්චර අපි ෆීල් නොකරපු දේවල් ඇතිද මානසිකව
අර උඩ කිව්ව වගෙ quality මියුසික් එකකට පුලුවන්නම් mind එකට ඒ වගේ ආතල් එකක් දෙන්න, තව mind එකෙන් විදපු නැති දේවල් කොච්චර ඇතිද,
මැරෙන්න කලින් එ හැමදේම දැනගන්නවත් බැරි වෙන එකට දුකයි....
මනස කියන්නෙ මාර දෙයක් නෙද
මුකුත් වැදගත් දෙයක් නෑ මේකෙ,කික් එකක් ආපූ හින්දා කියන්න කෙනෙක් නැතුවට ටයිප් කරේ..