හිතේ හැටියට දන් දෙන්න - ඔබ මේ භවයේ ති⁣යෙන හැටියට දන් දෙන්න.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    හිතේ හැටියට දන් දෙන්න - ඔබ මේ භවයේ ති⁣යෙන හැටියට දන් දෙන්න.
    ඔබට මේ මොහොතේ සල්ලි මිල මුදල්, ආහාර අල්ප වෙන්න පුලුවන්, නමුත් සිතන්න තමා සසරේ දන් නොදුන් නිසයි මේ භවයේ දූගීව ජීවත් වන්නේ, තමා වැපිරූ අස්වැන්නයි මේ නෙලන්නේ, ඒ නිසා මතු සසරෙත් නිවන් දකිනා ජාති දක්වා යස ඉසුරින් ස්වම්පෝෂිත ජීවිත ගත කිරීමටත්, සසරේ තව තවත් දාන පාරමිතා සම්පූර්ණ කිරීමටත් දැන් දැන්ම තමන්ට හැකි පමණින්, තියෙන අයුරින් දන් දෙන්න.. තුන් සිත පහදාම දන් දෙන්න.

    මතක තියාගන්න නෙලාගත් අස්වැන්න ක්‍රමයෙන් අඩු වී යන බව, ඒ අස්වැන්නේ බොල් ටික අයින් කරලා හොද අස්වැන්නෙන් හිස් වෙන අටුකොටු පුරවාගන්න ඔබ දක්ෂ ⁣විය යුතුයි, තවකෙකුට බෑ ඔබේ අස්වැන්න වැඩ් කරවන්න, තමාමයි එය සපුරාගත යුත්තේ..
    ......................෴෴෴෴෴...................................