හිතේ_ඉන්නෙ_හැමදාමත්..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත
    හිතේ_ඉන්නෙ_හැමදාමත්..

    රන් පාටින් හිරු බැස යන
    හැන්දෑවක් වගේ...
    මන්දාරම් අදුර මැදින්
    හිතට පාළු දැනේ....
    නිසන්සලේ ඉගිලී ගිය
    සැහැල්ලුවෙන් ඔහේ....
    කුනාටුවට හසුවී ඇත...
    සිතුවිලි හිතුමතේ.....

    එකම මගක එකම ලෙසින්
    දෙහද බැඳී එදා....
    ප්‍රාර්ථනා පිරූ තරම්..
    පෙම උගසට තබා.....
    නෙතු අංජන පෙම් සිතුවම්...
    දසත ඉරා දමා......
    වෙනතක අද පියමැන්නේ...
    නෙතු ඉවතට යොමා.....

    සොවින් බරව නෙතින් නැගෙන
    කඳුළු බිඳක් දිගේ....
    ගලා යන්නෙ නුඹේ මතක...
    මගෙ ජීවිත මගේ.....
    අහිමි උනත් සදාකල්ම
    නුඹෙ සෙනෙහස නගේ...
    හිතේ ඉන්නෙ හැමදාමත්..
    මට රැජිනක් වගේ......

    හිතේ ඉන්නෙ හැමදාමත්..
    මට රැජිනක් වගේ......

    :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිතේ ඉන්නෙ හැමදාමත්..
    මට රැජිනක් වගේ......
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සව්සිරි සැම මා අතහැර
    අද වෙනතක රැදිලා
    මින් මතු තනිකම තනියට
    මගෙ පැලතුල රැදිලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත
    :sorry:
    9.gif