හිත සසල වුනු ජායාරූපයක් ගැන කෙටි සටහනක්.

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    හිත සසල වුනු ජායාරූපයක් ගැන කෙටි සටහනක්.

    image001tw.jpg


    හිත සසල වුනු ජායාරූපයක් ගැන කෙටි සටහනක්.

    දිඹුලාගල ආරණ්සේනාසනයේ වැඩවසන මේ පුංචි සාමනේරයින්වහන්සේලා දෙනම තමන්ට ලැබුණු සරල දානවේලක් මේ වන සතුන් එක්ක බෙදාහදාගෙන වළඳන මේ ජායාරූපය මගේ හිතට ගෙනදුන්නේ මහාබරක්.

    ගාමිණී ඔබේසේකරගේ කැමරා කාචයට ලක්වූ මේ සේයාරුව බලන්න. පුංචිහාමුදුරුවන්ගේ ඇඟපුරාමත් බත් හලහලා මේ වඳුරුපැටවුන් පාත්තරේට අත දාලා දානය භුක්ති විඳිනවා. හරිම අපූරුද සුනක්. කරුණාව පිරී ඉතිරී
    යන පින්තූරයක්.

    අපි කවුරුත් දන්නවා දිඹුලාගල ආරණ්සේනාසනය පහුගිය හතළිස්වසරක් මුළුල්ලේම කොටිත්රස්තවාදීන්ගෙන් අනේකවිධ තාඩන පීඩනවලට ලක්වෙලා තිබුණු විහාරස්ථානයක්. සුප්රසිද්ධ මාතර කිතලගම ශ්රී සීලාලංකාර දිඹුලාගල නායකහාමුදුරුවෝ අමානුෂික ලෙස ඝාතනය කරපු මිනිමරුවන් අද රජසැපවිඳිමින් සිටිනවා.

    ප්රේමදාස ජනාධිපති තුමාජීවත්ව ඉන්නකාලේ හැම මාසෙකටම සැරයක් කොළඹ මැනිංමාර්කට් එකේ වෙළඳුන්ගෙන් එකතුකරගන්නා අත්යාවශ්ආහාරලොරියක් දෙකක් එතුමා විසින් සෑම මාසයකම දිඹුලාගලසේනාසනයට යැව්වා මට තාම මතකයි
    . පිංකමට සුචරිතේ සිසුවන්සිටි අපිත් එතුමා සමඟ දායක වුනා.

    මේ ජායාරූපය මා රැගෙන ගියේඅතීතයටයි.

    බොහෝ දේ වෙනස් වෙලා. වුනාට දිඹුලාගල තාම වෙනස්වෙලා නැහැ.

     
    Last edited:

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    දුප්පත්කම, දරිද්රතාවය තාමත් මේ පළාත් වල පන්සල්වල ඉහවහලා ගිහිල්ලා. ෆේස්බුක් එකෙන් බුදුදහම ගැන ලොකු කැක්කුමකින් කතාකරන, සටන්කරන්නටඋත්සහකරන පිංවතුන් ගොඩක් මා දැක තියෙනවා.

    බුදු දහම බේරාගන්න ඔබට පුලුවන් බොහොම සුළු කාරියක් තියෙනවා. පුළුවනි නම් හැම මාසෙම හරි, මාස දෙක තුනකට සැරයක් හරි තන්ගේයාළුවෝ, මිත්රයෝ, පවුලේඅය, සේවය කරන ආයතනයේ හැමෝම එක්ක එකතුවෙලා මේ වගේ දුෂ්කර ගම්මානවල අමාරුවෙන් නඩත්තු කරගෙන යන විහාරස්ථානයක හාමුදුරුවරුන්ට දනක්, පැනක් ගිහින්දෙන්න. ඉගෙනගන්න සාමනේරයින්වහන්සේකෙනෙකුට පොතක්පතක් අරන්දෙන්න. අඳිනකඩයක්, තුවායක් ගිහින්දෙන්න.

    අනිත් ආගම් අදහන මිනිස්සුන්ට ගරහන්නේ නැතිව තමන් අදහන ආගමට වඩා ආදරයකින් ගෞරවයකින් සළකන්න පටන් ගන්න.

    ෆේස්බුක් බෞද්ධකමට වඩා ලොකු සේවයක් ඔබට බුද්ධාගම රැකගන්නට කළහැකියි.

    ඔබ තවමත් ප්රමාද නැහැ.

    අද සිට මඔබට එය පටන් ගත හැකියි.

    ඔබ එසේකරන පුණ්ක්රියා පිළිබඳ විස්තර අපිටත් එවන්න.

    අනෙක් අයගේ දැන ගැනීම පිණිස ඒවා අපට පළකරන්නට පුළුවනි.

    ඔබට,
    තිසරණසරණයි..!

    සුදේශ්කරුණාතිලක ~

    උපුටාගැනීමමුහුණුපොතෙන්/E-mail
     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඔව් ඔයාගේ අදහසත් එක්ක මං එකඟයි. වටිනා පින්තුරයක් වගේම වටිනා අදහසක්
    You have given out too much Reputation in the last 24 hours, try again later.