හිනාවෙන්නට සතුට ගෙන දුන්..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිනාවෙන්නට සතුට ගෙන දුන්..

    හිනාවෙන්නට සතුට ගෙන දුන්..
    හඩන්නට‍ මට කදුළ ගෙන දුන්..
    සුසුම් ලන්නට මතක ගෙන දුන්...
    ඔබේ ගැන හිත විමසනා මේ රෑ.......‍
    පාළුවයි... තනිකමයි....
    අතර අවතැන් වෙලා........
    මා පවා මට නැතිවෙලා......

    පැතූ පැතුමන් අනාගතයට...
    ගැයූ පෙම් ගී අතීතයෙ හිද....
    එලෙස කෙලිලොල් ආල හැගුමන්..
    නොමැති මේ හිත ගොළුවෙලා....
    සෝ දුකෙන් හිත ගොළු වෙලා.....

    හිනාවෙන්නට සතුට ගෙන දුන්..

    අවිශ්වාසය සැකය තරමට...
    බියක් ගෙනදෙන දෙයක් තව නැත..
    ඔබේ දෙගුරුන් කියූ වදනින්....
    මගේ ආලය බොරු වෙලා......
    විසක් හිත යට සැගවිලා......

    හිනාවෙන්නට සතුට ගෙන දුන්..

    16_I%27m%20Sad_unknown.jpg

     
    • Like
    Reactions: Rukaef

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නිසදස් නැතුව සින්දු ටිකක් ලියපන් මචන්..
    උබට හොද ගමනක් යන්න පුලුවන් වෙයි.. සිරාවට.. :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොඳ සින්දු ටිකක් ලියල ගායකයෝ දෙතුන් දෙනෙකුට දීපන්කො. උඹ හොඳට ලියනවා බන්..:D:D
    :):) බොහොම ස්තූතියි අයියේ..
    ගායකයන්ට දෙන එකනේ අමුරුම වැඩේ.. ඒ අය අපෙං සල්ලි ඉල්ලනවා නෙ දැං :sorry:
    සින්දු හදන අයියලා කීප දෙනෙක් සෙට් වෙලා ඉන්නවා.. බලමුකෝ ඉස්සරහට ;):cool:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේවට තනුවක් එහෙම නිර්මාණය කරල, ඕනෑවට වැඩිය නාහෙන් නාඬන පිරිමි වොයිස් එකක් හොයල රිලීස් කළොත් හොඳ නැද්ද..:yes:
    තේරුමක් ඇති සින්දුවක් දැන් කාලෙ එලියට එන්නෙම නැති එකේ මේවයේ හැම වචනෙකම වගේ හොඳ තේරුමකුත් තියෙනවනේ...:love: