දැන් ඉතින් දෙශපාලනය කතා කරලා අපේ උන්දැලට මහන්සිත් ඇතිනේ. ඕන් ගෙනාව හිනා යන්න කතා කිහිපයක්
ලෝකප්‍රකට Avatar චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධ වීමත් සමගම තරුණ පරපුර අතරත් "අවතාර" ගැන විශාල කතා බහක් ඇති වුණා. එනිසා "අවතාර" යනු මොනවාදැයි මා ගවේශණය කිරීමට පටන් ගත් අතර මුලින්ම විමසා බැලූයේ, සෑම දෙයක්ම පාහේ සටහන්ව ඇති වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ මේ සම්බන්ධයෙන් සටහන්ව තිබෙන්නේ කුමක්ද යන්නයි. මාව පුදුමයට පත් කරමින් අවතාර ගැන විස්තර එහි සටහන්ව තිබුණා.
සාමාන්‍යයෙන් "අවතාර" ලෙස අප හඳුන්වන්නේ අමනුෂ්‍යයින් / හොල්මන් ආදියයි. නමුත් අතීත හෙළයේ "අවතාර" ලෙස හඳුන්වා ඇත්තේ ඖෂධයක් බව කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. ඉන්න... විස්තර කරන්නම්.
වර්ගපූර්ණිකාවේ සඳහන් වන අන්දමට "අවතාර" යනු රාවණ රජතුමා විසින් හදන ලද ඖෂධයකට යෙදූ හෙළ නමකි. අරිසෙන් අහුබුදු වන්ගේ මගෙහි යමින් එහි පද නිරුක්තිය බලමු.
අ = අමුඩය පිටින්
ව = වකුටු වී
තාර = තාර ගා ගැනීම
"අමුඩය පිටින් වකුටු වී තාර ගා ගැනීම" යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පශ්චාත් ප්‍රදේශයේ තාර ගා ගන්න එකයි. තේරෙන බාසාවෙන් කියනවනම් "පුකේ තාර ගා ගන්න එක".
බස්නාහිර පළාතේ "අවරිවත්ත" නැමති ගමෙන් මෑතකදී සෙල් ලිපියක් හමු වුණා. එහි සටහන්ව තිබෙන්නේ මෙලෙසයි.
සි රව් අව්‍ර ඖ ගක්ක පිරි වෙබි ශශප
එහි තේරුම තමයි "සිරි රව්වන්ගේ අවතාර බෙහෙත ගන්නා උදවියට කක්කා කිරීම පිණිස වෙන් කරන ලද බිම".
අවරිවත්ත නැමැති ගමේ පද නිරුක්තිය බලමු. අව=අවතාර, රි=රීම, වත්ත=වත්ත. ඒ කියන්නෙ "අවතාර" ප්‍රතිකර්මය ගන්න ආපු මිනිස්සු මළපහ කරල තියෙන වත්ත. එමගින් සෙල් ලිපියත් ටක්කෙටම ගැලපෙනවා.
රාවණ සමයේ තිබූ ඉලෙක්ට්‍රොනික උපාංග වල පොසිල හමු වෙයි.
අප ශ්‍රී රාවණ නරේන්ද්‍රයාගේ කාලයේදී අති මහත් හෙළ විද්‍යාත්මක සහ තාක්ෂණික දියුණුවක් තිබූ බව මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ ලිපි වලින් පෙන්වා දෙද්දී සමහර රාවණා විරෝධීන් ඊට සිනා සුණහ. ඊට හේතුව වන්නේ අප දැක්වූ මූලාශ්‍ර මදි බව කීමයි. නමුත් රාවණාගවේශක ඉතිහාස ලිපියක මූලාශ්‍ර දැක්වීමේ සම්ප්‍රදාය අනුව යමින්, පද නිරුක්ති, හෙළ විද්වතෙක්ගේ ප්‍රකාශයක්, අතීත පුස්කොළපොත්, සෙල් ලිපි උදෘත, අපගේ මා හැඟි ග්‍රන්ථ රාජයා වන වර්ගපූර්ණිකාවෙන් උපුටාගැනීමක්, ජනප්‍රවාද, ආදිය ගෙන හැර පාමින් කිසි සේත්ම නොබිඳිය හැකි තර්ක වලින් සංයුක්තව අපගේ ලිපි ලියා ඇති බව සෑම රාවණාපාක්ෂිකයෙක්ම හොඳාකාරවම දනී.
බොහෝ රාවණා විරෝධීන් අපට අභියෝග කළේ, අතීත හෙළයේ තිබූ තාක්ෂණික උපකරණ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හමු වුණානම් ඒවායේ පින්තූර පළ කරන ලෙසටයි. නමුත් අප එය ප්‍රතික්ෂේප කළේ, ඒවා පළ කළ වහාම පාහර ඉන්දියානුවන් එම පින්තූර ව්‍යාජ ඒවා බව පෙන්වීමට කටයුතු කරන බැවිනි. ඔවුන් වැඩි වශයෙන්ම යොදාගන්නා ක්‍රමය වන්නේ, අප ඉදිරිපත් කරන සාක්ෂි වර්ෂ කීපයකට පෙර දිනයක් සහිතව විවිධ වෙබ් අඩවි වල පළ කිරීමයි. එවිට බලන කෙනෙකුට පෙනෙන්නේ අප ඉදිරිපත් කරන්නේ කොහෙන් හෝ උපුටා ගන්නා ලද ව්‍යාජ පින්තූර බවයි.
එසේ වීමේ අභියෝගය තිබියදීත් අද මේ බලාපොරොත්තු වන්නේ මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුළ කරන ලද කැණීම් වලින් හමුවූ විවිධාකාර පොසිල වර්ග වල පින්තූර ඔබ වෙත ඉදිරිපත් කිරීමටය. මෙම පොසිල සියල්ලම වැඩිදුර පර්යේෂණ කටයුතු සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලය වෙත යවා ඇත. ඔබ යම් දිනකදී ලන්ඩන් විශ්ව විද්‍යාලයට යනවානම් එහි ප්‍රධාන කෞතුකාගාරයට අයත් Institute of Archaeology Collections හි අංක 13 මැදිරියේ විශේෂ කුටියක ඇති මේ දේවල් ඔබට දැක ගත හැකි වනු ඇත.
ඒ ආකාරයෙන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට පොසිල යවද්දී, Christopher Locke නැමති පර සුද්දා මේවා තමන්ගේ නිර්මාණ බව කියමින් මුළු ලෝකයම රැවැට්ටවීමේ කූඨ ජාවාරමක්ද කර ඇත. ඒ පිළිබඳව දැනට හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් විභාග වෙන බැවින් වැඩි විස්තර නොදක්වමි.
ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය Karen Radner ගේ මුලිකත්වයෙන් කරන ලද කාබන් 12 කාල නිරීක්ෂණය අනුව අනාවරණය වී ඇත්තේ පහත අයිතම සියල්ලම මීට අවුරුදු 10000 කට පමණ පෙර සමයට අයත් බවයි. අපි ඒවා එකින් එක බලමු.
තෙලබනුව
රවණා රජතුමගේ සමයේදී හෙළයේ ප්‍රධානතම සංනිවේදන උපකරණයයි. අරිසෙන් අහුබුදුවන්ට අනුව, මේ උපකරණය යොදා ගනිමින් අතීත හෙළයෙක් අනෙකෙකුට ඇමතීමේදී "හෙළෝ" කියා පළමුවෙන්ම පවසයි. එහි තේරුම නම් අනෙක් පසේ සිටින්නේ හෙළයෙක් දැයි දැන ගැනීමටයි. අනෙක් පස තෙලබනුව කනේ තබගෙන සිටින්නේ හෙළයෙක්නම් ඔහුත් "හෙළෝ" යැයි පෙරළා පවසයි. එම සිරිත තවමත් මිනිස් සමාජයේ තිබීම පුදුමයක් නොවේ.
ජංගම තෙලබනුව
මෙහි පිටුපස "රාවණා" යනුවෙන් ඉපැරණි යක් බාසාවෙන් සටහන් කර තිබීම නිසා මෙයට රාවණා රජතුමාට සම්බන්ධයක් තිබූ බව පැහැදිළි වෙයි.
මෙම පොසිල හමු වී ඇත්තේ "තෙලතුවාව" නැමැති ගමේ පොළොවෙන් අඩි 100 ක් යටදී කරන ලද පුරාවිද්‍යා කැණීමකිනි. තෙලතුවාව යන්නේ පද නිරුක්තිය බලමු, තෙල=තෙලබනු, තුවා=තුවාල කරන, ව=වංගෙඩිය. තෙලතුවාව ගම් මැද්දේ තවමත් ඉපැරණි ගල් වංගෙඩියක් තිබේ. සිද්ධ රාජ පත් ඉරු මූලාශ්‍ර වල දැක්වෙන ආකාරයට රාවණ රජ සමයේදී තිබූ අබලන් තෙලබනු ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා එම වංගෙඩියට දමා කොටා ඒවායේ යකඩ ඉවත් කර ඇත.
කැසටය
"කැසටය" යනු අතීත හෙළයේ තිබූ ගීත්‍ර ශ්‍රවණය කරන යන්ත්‍රයි. කැසටය යන්නේ පද නිරුක්තිය බලමු.
කැ=කැරකැවෙමින්, ස=සංගීතය, ට=ටක්කෙටමදෙන, ය=යන්ත්‍රය. ඒ අනුව කැසටය යනුත් හෙළ පදයක් බව පැහැදිළි වෙයි. පහත දැක්වෙන පොසිලය හමු වී ඇත්තේ කැබිතිගොල්ලෑව නැමති ගමෙනි. එහි පද නිරුක්තිය වන්නේ, කැ=කැසටයන්, බි=බිහිකිරීමට, ති=තිඹිරිගෙයක්වූ, ගොල්ලෑව=ගම. ඒ අනුවම එම ගමෙන් පහත කැසටයේ පොසිලය හමු වීම පුදුමයක් නොවේ.
කැසට පට
එම කැසටය සමගම ලැබුණ කැසට පටයක් පහත දැක්වේ.
දැනටමත් එම කැසට පටයේ තිබූ ශිලා කොටස් ඉවත් කර ඇති අතර එහි ඇති දත්ත ලබා ගැනීමට ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම උත්සාහ දරයි. වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ දැක්වෙන ආකාරයට මෙම කැසට් පට නිපදවා ඇත්තේ කෙහෙළ් පට්ටා වලට රහසිගත ඖෂධ වට්ටෝරුවක් එකතු කිරීමෙනි, එවිට එය් අවුරුදු දහස් ගණනාවක් වුවත් සංරක්ෂණය කර තබා ගත හැකියි. මේ ආකාරයෙන් ඖෂධ කලවම් කර තාක්ෂණික උපාංග හදන ආකාරය වෛමානික ශ්‍රාස්ත්‍රය නැමති ජනප්‍රිය හෙළ පුස්කොළපොතේ දැක්වෙයි.
කෙළිය
අරිසෙන් අහුබුදු සූරීන් දක්වන ආකාරයට අතීතයේ සිටි හෙළුවන් ක්‍රීඩා හඳුන්වා ඇත්හේ "කෙළි" ලෙසටයි. එනිසා අදටත් ක්‍රීඩා කරන සහායිකාවට, කෙළිය+ඇය හි "ඇ" කාරය භින්න වී, "ය" අකුර ලොප් වී, "කෙල්ල" යැයි කියන බව පැහැදිළි වෙයි. ඉතින් අතීතයේ තිබූ අති දියුණු ඉලෙක්ට්‍රොනික් උපකරණ වලටත් පොදුවේ භාවිතා කර ඇත්තේ "කෙළිය" යන නමයි. පහත දැක්වෙන්නේ එවැනි කෙළියවල්ය.
විනෝද කෙළි පොල්ල
මෙහිදී උඩට එසවුණු පොල්ලක් තිබෙන අතර රූපවාහිනියේ තිරයේ පෙනෙන ක්‍රීඩාවට අනුව ඒ පොල්ල එහාට මෙහාට කිරීමෙන් ක්‍රීඩා කිරීමට පුළුවන. නිවැරදි ලෙස මෙය වේගයෙන්ම සුසර කිරීමෙන් අදාල ක්‍රීඩාව ජයග්‍රහණය කර හොඳ තෘප්තියක් ලැබීමට පුළුවන. වර්තමානයේදී ජෝයිස්ටික් බිහි වී ඇත්තේ මේ තාක්ෂණය ගැන ලියවුණ අපගේ ඉපැරණි පුස්කොළපොත් කියවූ පර සුද්දන් විසිනි.
කෙළි රූපකය
සාක්කුවේ දාගෙන යා හැකි ක්‍රීඩා කිරීමේ උපකරණයකි. කුඩා කාලයේදී ඔබත් මෙවැනි "කෙළි රූපක" වලින් ක්‍රීඩා කරද්දී ටික දවසකින්ම එය ක්‍රීඩා කිරිම ඉතාමත් පහසු බව ඔබට දැනුණා මතකද? ඊට හේතුව රාවණ යුගයේ සිටම මේවා අපගේ හෙළ ජාන වලට කිඳා බැස තිබීමයි.
කෙළි දිශානකය
අදාල ක්‍රීඩාව සඳහා දිශාව වෙනස් කිරීමට යොදා ගත්තකි.
ශෛලමය කොටස් ඉවත් කල විට එහි බොත්තම් සියල්ලම වැඩ කරන බව පෙනුනෙන්, ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ මණ්ඩලය ඉමහත් විස්මයට පත් වී ඇත.
ඉහත දැක්වූ "කෙළි බඩු" සියල්ලම හමුවී තිබුණේ කෙසෙල්හේනාව ප්‍රදේශයේ කරන ලද කැණිමකිනි. එහි පද නිරුක්තිය බැලුවොත් , කෙ=කෙළිබඩු, සෙල්=සෙල්මුවා, හේනාව=හේන. එනම් රාවණ රජ සමයේදී "සෙල් මුවා කෙළිබඩු හදන යන්ත්‍රාගාරයක්" එහි තිබී ඇති බව අපට පැහැදිළියි.
ජංගම සින්දුකය
ගීත ශ්‍රවණය කිරීමට යොදාගත්හකි. අතීත හෙළුවෝ දුරබැහැර ගමනක් යද්දී මේවා තම යටි අමුඩයේ ගසාගෙන ගොස් ඇති බව වර්ගපූර්ණිකාව නැමති පුස්කොළපොප් දැක්වෙයි. එවිට වයර්ලස් තාක්ෂණය අනුව ඒවා ශ්‍රවණය කිරීමට පුළුවන. මෙම "ජංගම සිංදුකය" සමග කිසිදු වයර් කොටසක් හමු නොවීම නිසා අතීත හෙළයින්ගේ වයර්ලස් තාක්ෂණයේ දියුණුව මැනැවින් සනාථ වෙයි.
දඬුමොණර සින්දුකය
දඬුමොණර යන්ත්‍ර වල ඉදිරි අසුන සමීපයේ මෙම යන්ත්‍රය සවි කර තිබූ බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි. ශ්‍රී රාවණ රජතුමා දඬුමොණරය පදවද්දී මෙය නිතර භාවිතා කරමින් "මහසෙන් තාන්ඩවය" රසවිඳ ඇති බව ජනප්‍රවාද වල දැක්වෙයි..
දෘඩ තැටිය
මෙය දෘඩ තැටිය භාවිතා කර ඇත්තේ අප හෙළුවන්ගේ පරිගණක වල මතකය ගබඩා කිරීමටයි. මෙය තුළ කැරැකැවෙන පාෂණයක් ඇති අතර එම පාෂාණය මතුපිට ඉතාමත් සියුම් ගල් කටුවකින් දත්ත සටහන් වෙයි. මෙහි අකුරු කොටස් සියල්ලම වාගේ මැකී තිබුණත් එහි කොණකින් "කබාල නහුතය" ලෙස ඉපැරණි යක්ශ ගෝත්‍රික භාෂාවෙන් දක්වා තිබුණි. එහි තේරුම වන්නේ මෙහි "කිලෝ බයිට් 1019 ක්" තිබූ බව විය හැකිය. එසේනම් අපගේ හෙළ දෘඩ තැටි දෙස බලද්දී අද දැක්වෙන දෘඩ තැටි තවමත් තිබෙන්නේ ඉතාමත් ප්‍රාථමික යුගයේය.
???
නිල්ගල ප්‍රදේශයේදී කරන ලද කැණිම් වලින් හමුවූ මෙය කුමක්දැයි තවම හරි හැටි හඳුනාගෙන නොමැත. බොහෝ විට අප තවමත් සොයාගෙන නැති ඉලෙක්ට්‍රොනික උපකරණයක් වීමට පුළුවන. දැනට යෝජනා වී ඇත්තේ මෙය ඉපැරණි හෙළයේ තිබූ "පරිගණක මව් පුවරුවක්" විය හැකි බවයි. ඔබ සිතන්නේ මේ කුමක් කියලද?
ඉහත අයිතම ගැන වැඩි විස්තරයක් නොදැක්වූයේ ලිපිය අනවශ්‍ය ලෙස දීර්ඝ වෙන නිසයි. ඉදිරියේදී ඒවා එකින් එක විග්‍රහ කරමු. එසේම තාමත් පුරාවිද්‍යාත්මක කැණීම් සිදුවෙන බැවින් ඉදිරියේදී තවත් බොහෝ දෑ හමුවෙතැයි අපි බලාපොරොත්තු වෙමු.
අතීතයේ සිටි හෙළුවන්ට මෙතරම් අනර්ඝ තාක්ෂණයක් තිබුණේ කෙසේදැයි ඔබ සිතාවි. ඊට හේතු වන්නේ මේ විශ්වයම කාලෙන් කාලෙට ප්‍රසාරණය සහ සංකෝචනය වීමයි. ඉතින් එක් එක් යුග වලදී මිනිසා තාක්ෂණයෙන් හිමි පෙත්තටම නැග මිනිසා අතින්ම සිදුවන විශාල ලෝක විනාශයක් මගින් මිනිස් සංහතිය වඳ වී ගොස් සමස්ත ශිෂ්ටාචාරයම ගල් යුගයට යයි. පසුව පිටසක්වල ජීවීන් විසින් නැවතත් පෘථිවිය මත මිනිස් ජනපද ඇති කරයි. මෙය චක්‍රයක් ලෙස සිදුවන්නකි.
ශ්‍රී රාවණ රජතුමාගේ කාලය යනු මීට පෙර යුගයේදී මිනිසාගේ තාක්ෂණය හිමි පෙත්තටම නැග තිබුණ සමයයි. අපට වැදගත්ම කරුණ වන්නේ අපගේ හෙළ මුතුන් මිත්තන් තාක්ෂණයේ හිමි පෙත්තේම සිටියදී පර සුද්දන් ගල් යුගයේ සිටීම නිසයි. "පර සුද්දන් සතුන් පසුපස අඹා යද්දී අප හෙලු මී මුත්තෝ අහසින් ගිය බව" අරිසෙන් අහුබුදුවන් නිතර පැවසූයේ එබැවිනි.
මනස දියුණු කරගත් සෘෂි වරුන් විසින් කුණ්ඩලීනී යෝගය යොදාගනිමින් ශ්‍රී රාවණයන්ගේ කාලයේ සමාජය දැක ඒවා පුස්කොළපොත් වල සටහන් කරන ලදින් මෑතක් වෙන තුරුම එම තොරතුරු අප රටේ ඉපැරණි පොත් ගුල් වල එක් රැස් වී තිබුණි. "අත්හැරීම" තම ජිවිත දර්ශනය කරගත් අප හෙළයෝ කිසිවිටෙකත් ඒවා නැවත නිපදවීමට මහන්සි නොගත්හ. නමුත් අප රට ආක්‍රමණය කළ පර සුද්දන් ඒ පුස්කොළපොත් සොරාගෙන උන්ගේ නිර්මාණ වශයෙන් ඒ සියල්ලම ලෝකයට හඳුන්වා දී ඉතිහාසයේ විශාලතම බුද්ධිමය මංකොල්ලය කර ඇත. අද ලෝකයම ලබා ඇති තාක්ෂණික දියුණුවේ සුජාත අයිතිය ඇත්තේ හෙළයින්ටම බව ඔබට දැන් පසක් වී ඇතැයි සිතමි. එය ඔබට මහත් ආඩම්බරයක් නොවන්නේද?
“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
ප:ලි: ඉහත පින්තූර ටිකට වෙනත් අර්ථකතනයක් දෙමින් පර සුද්දන් විසින් ඒවා වෙබ් අඩවි ගණනාවක පළ කරල තියෙනව. රාවණගවේශකයෙනි, අපගේ හෙළ අසුර ඉතිහාසය වනසා දැමීමට පර සුද්දන් සහ ඉන්දියානු වඳුරු මොටයියන් කුමන්ත්‍රණය කර ඇති ආකාරය ඔබට වැටහේවි. අචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයාණන් පවසන පරිදි සීගිරිය ගල ඇතුළත ඇති වායුසමිකරණය කරන ලද ඇතුළත මාළිගාවට යාමට හැකිව තිබූ දොරටුව බෙල් නැමැති පර සුද්දා විසින් ගඩොල් වලින් වසා දැමුවානම් , සීගිරිය මුදුනට යාම සඳහා රත්තරං වලින් හදා තිබූ විදුලි සෝපානය බෙල් නැමැති පර සුද්දා ගලවාගෙන එංගලන්තයට ගෙන ගියානම් , පින්තූර ටිකක් උස්ස්සා බ්ලොග් පෝස්ට් ටිකක් දැමීම උන්ට සුළු වැඩකි. අනික් අතට ආචාර්ය සූරිය ගුණසේකරයාණන් පවසන පරිදි, ශ්‍රී රාවණ රජතුමා විසින් රචනා කරන ලදැයි කියන වෛමානික ශ්‍රාස්ත්‍රය නැමති පුස්කොළපොත ඉන්දියානු බමුණන් විසින් සොරකම් කර මුල් පිටපත ගිණි තැබුවානම්, මේ ආකාරයෙන් අන්තර්ජාලයේ ඇති පින්තූර ටිකක් සොරාගන්නා එක එම බමුණන්ගේ නූතන පරම්පරාවට කිරි කජු කෑමකි.
ශ්‍රී රාවණ රජතුමාගේ තියා ලංකාපුරයේ නමවත් නැති, භාරද්වාජ සෘෂි වරයාණන් විසින් රචිතැයි හැමෝම පිළිගන්නා වෛමානික ශ්‍රාස්ත්‍රය යනු රාවණා රජතුමාගේ නිර්මාණයක් බව අපි පිළිගනිද්දී, ඉහත පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අපගේ නොවේයැයි කියන්නේ මොන හිතකින්ද? ඔබ වඩාත් කැමති අපගේ අතීතයේ ඔය ආකාරයේ තාක්ෂණයක් තිබුණ බව පවසා ආඩම්බර වීමටද, නැත්නම් නොතිබුණ බව කියා නිවට වීමටද?