maharishi Ramana, yogi Rama, and many.. I have almost all of those books...
if you can, look for tat wale baba!
Thanks
කලකට පෙර අපවත් උන බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගේ ජීවිතය ගැන කියවෙන කතා කිහිපයක හිමාලය, සහ එහි වසනා වසර සිය ගණන් වයසැති යෝගීන් පිලිබඳ තොරතුරු කියවෙනවා. එහෙම කතාවක් ලැබුනොත් දාන්නම්.
ඒ ගැන හොයන කොට මේ කතාව හම්බ උනා .
අභින්නඟාලත් තවත් යෝගීන්- බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා ස්වාමින්වහන්සේ
මේ හෙලදිවම පසුගිය කාලයේ ශේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාර ව සිටි අක්බාර් මහතා අපගේ මිතුරෙකි. දවසක් අප හා කතාකරමින් සිටියදී එතුමා තමා ලත් අත් දැකීම් කිහිපයක් අප සමග පැවසීය.
එතුමා මුලින්ම යාපනයේ පිසිර වන පෙදෙසක විසු “යෝග ස්වාමි” (Click the link for further reading) නම් බල සම්පන්න යෝගී වරයා හමුවන්නට ගිය ගමනද, එතැන් සිට එතුමාගේ උපදෙස් අනුව තමා ජීවිතය ගෙවන අයුරුද පැවසීය. ඒ මහතා කී පරිදි යෝගර් ස්වාමි තුමාට කොතරම් ඈතක වුවද සිටින කෙනෙකු කරන කියනා දෑ, දිව ඇසින් දක්නා, දිව කනින් අසනා, මහා යෝගියෙකි. භෞතික විද්‍යා මිම්මෙන් එවැන්නකු මිනිය නොහැක. පරලොවක් නොතකන, භෞතික විද්‍යාවම සාර්ව භෞම සත්‍ය කොට ගත් යතාර්ථවාදී (Rationalists) යි තමා ගැන සිතන උඩගු දොස්තර කෙනෙකු යෝග ස්වාමි වෙත ගොස් එඩි බිදී ගිය සැටිද අක්බර් මහතා කීය.
ලාමා කෙනෙක්
යෝග භාවනා බලයෙන් අහසට නැගීම භෞතික වාදීන් පිලි නොගනිති. ඔවුන් ගැන කුමක් කියා හැකිද?
බෞද්ධ නමින් සිටින පණ්ඩිත මානී විද්යාඥමානී ආචාර්ය වැරුම් යැයි දෑපුණු මෙරට සමහරු ද බුදු රජුන් අහසින් ලක් දිවට වැඩි පුවත පවා නො අදහති. මිහිදු මහා රහතුන්ගේ සෘද්ධි බලයෙන් හෙළ දිව වැඩි වගට මහා වංශයේ සදහන්ව ඇති පුවත, ඒ බව් සදහන් සෙල් ලිපියෙහි දැක්වෙන “ඉදුහයෙන්” යන්නේ අරුත විපරීත කොට, හෙළදිව වැස්සන්ගේ “භාග්‍යයෙන්” මෙහි වැඩියේ යැයි අරුත් පෙරලන්නට පවා සාහසික වුහ.
යෝග භාවනා බලයෙන් අහසට නැගීමට සමත් අය මෑතකද උන් බවට සාධක පුවතක් කලකට පෙර Indian Mirror පත්‍රයේ පලවිය. එයින් උපුටා ගත එම පුවත ඕල්කට් තුමා විසින් මෙහි පළවූ Buddhist සගරාවේ පලකරවා තිබිණි. එම පුවත මෙසේය.
ටිබෙටයේ සිට වන්දනාවී ආ ලාමා කෙනෙක් බුද්ධගයාවේ වැඩි කලක් ගත කොට සිය රට බලා පිටත් විය. ඩාජීලින් නුවරට පැමිණි විට ඔහු යෑ යුතු හිමාලය කදු මග හිම වැටීමෙන් ගමන් කිරීමට නුසුදුසු තත්වයකට පත්ව ඇති බැව් දන ගන්නට ලැබී හිම පතනය නවතින තුරු එහි රැදී සිටින්නට සුදුසු තැනක් සොයනුවෝ බ්‍රිතාන්‍ය රජයෙන් දේශ සීමාව රැක්මේ ධුරයට පත් කල නිලධාරි මහතා හමුව තමාට සති කීපයක් නවාතැන් දේත හැකි දැයි විමසුහ. “හැකි”යි කියා හේ සිය බංගලාවේ කාමරයක් ඔහුට පැවරීය. නිතරම පාහේ කාමරයට වී සිටින ලාමාට කථා කල නිලධාරියා නිතර කාමරයට වී අලස කමින් නොයිද ටිකක් පහතට විත් ඇවිදින ලෙස අවවාද කළේය. “මම මෙහි අලස කමින් නොසිටිමි. යෝග භාවනාවේ යෙදී ඉදිමි”යැයි ලාමා කීය. “ඔය යෝග භාවනා වලින් ලැබෙන ප්‍රයෝජනයක් නැති”යයි නිලධාරියා කීය.
“එසේ නොකියන්න යෝග භාවනාව මහත් ඵල දායී එකක” යැයි ලාමා පැවසීය. “ඔබ ඔය භාවනාවෙන් ලත් ඵලයක් මට පෙන්වත හැකි දැ”යි ඔහු ඇසීය. “පිලිවෙනි, කාමරයේ දොරකඩට වී බලා සිටින්න” යයි ලාමා කීය.
හේ පද්මාසනයේ හිදගෙන සමාධියට සම වැදුනේය. මද වෙලාවකින් ඔහුගේ සිරුර ඉහල නැංගේය. සීලිම් දක්වා නැග ටික වෙලාවක් අහසේ රැදී සිටියේය. පසුව සෙමෙන් පහතට බැස්සේය. ඉක්බිතිව ඇස හැර “දුටුවේද?” යැයි ඇසීය.
“දිටිමි , ඉතින් ඔය බලයෙන් හිමාලය තරනය කොට ටිබෙටයට යන්නට බැරි මන්ද යයි නිලධාරියා ඇසී.
“පිළිවන., අහසට නැගීම කල පමණින් ම ඈත යත නොහැක. හිමාල ප්‍රදේශයේ අමනුෂ්‍ය උපද්‍රව ඇත. ඇතැම් අමනුෂ්‍යයෝ මිනිසුන් යෝග බලයෙන් තමන් ඉක්මවා වැඩෙනු නොරුස්සති. එබැවින් එබදු භූතයන්ගේ බල මදින තරමට සෘද්ධි ශක්තියද , ඔවුන් දක්නා දිවසද ලැබිය යුතුය. තවම මට එය ලැබී නැතැ”යි ලාමා පැවැසීය.
------
Post added on Mar 25, 2022 at 5:09 PM