හිමිකරු බලා සිටියදී ගම්පොළ හෝටලයක් අටබාගේ ඔයට පෙරළෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ අටබාගේ ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් ව්‍යාපාරික මහල්
    ගොඩනැගිල්ලක් කඩා වැටී අටබාගේ ඔයට පෙරළී තිබේ. පවතින අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (නොවැ. 10) රාත්‍රියේ මෙම ගොඩනැගිල්ල නාය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය ප්‍රකාශ කර තිබේ.


    මෙය හෝටලයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් වන අතර එහි සිටි අයිතිකරු සහ ඔහුගේ පුතු ඊයේ
    (නොවැ. 10) රාත්‍රියේදී හෝටලය වසා දමා එළියට පැමිණි අවස්ථාවේදී මෙම ගොඩනැගිල්ල නාය
    ගොස් තිබේ.
    හෝටලේ අයිතිකරු සහ ඔහුගේ පුත්‍රයා හෝටලය අසල පිහිටි නිවසක පදිංචිව සිටින අතර එම නිවසේ
    කොටසක් ද නායයාමට හසුව තිබේ.මෙම සිද්ධියෙන් කිසිදු පුද්ගල හානියක් සිදු වී නොමැති අතර ඒ අසල සිටින
    නිවැසියන් මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කර ඇත.
    මේ අතර, ගම්පොළ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති කපිල බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, මේ
    හේතුවෙන් නුවරඑළිය මාර්ගය පුපුරා ගොස් ඇති බැවින් වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව ය.




    AVvXsEhkZ_HgrMcazAFlgiNulUAWaS8yYjcaw-2fOM9nDyNafJJAhhN-KEddcYQCNnHI3Emfun3iIWdoEJsKfveY1jD8cwn8jFLGseoQpsgO7lySIkeEQDzflGrlyl05VHNtjy1pH134LHnXLzXQv2f2rK-rg35FPnkossq6f1OZnTxv62c0uGijUadBqTf7Fw=s16000




    AVvXsEh5eo9KFo2LzjHvI-kTQs-Jt7ubyBrBXHYtcIpsm8ftvHVQTBBXC1wNqOmrSqMZClPsN7BLFvUaskCeK5CTCcYIeDH9ZZwX77zcdH8FBpUMDxDr84cIwPKjBGjc77mYv8tKfOzZLsgttKrRVPuZalh0WWZdTEAVIdN2zgAOfXkd1O4x0HNdmnmUGHratw=s16000




    AVvXsEjLwe0g7QVssK7nqMFXu2lzkyEDlkErCBlVfqyrir2cbPVsZnKbNEd5Lro7hLPt7RH-UmXmJVShCZp4OCwVTYWT8dF_IktahoGkHmpceZmU7zb0JmigrRv7tJWid84RzjpLwLcaMalBMQ_CxVuZMvsq5OTpri6OmqP_Iv2vXBv8nMewI8Krn4DfLreNWw=s16000
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    oya duppath minissu kohomath hadanne ehema thamai

    එක රටේ නීතියෙ වැරැද්ද. හරිහමන් design එකක් නැතුව ඕව හදන්න දෙන එක. පලාත් සබා වගේ ඒවයෙ ඉන්න ඕවට approval දෙන හිඟන්නො මොකක් හරි එකක් sign කරල දෙනව කිසිදෙයක් බලන්නෙ නෑ. උන් බලන්නෙ උන්ගෙ අතට වැටෙන ගාන විතරයි. බාස් කෙනෙක් කරත් එක වැරදි නම් අතේ ගාන තිව්වම ඒක approve වෙනවා . structural design කරන මහාචාර්ය කෙනෙක් කරත් අරූගෙ අතට ගාන නොදුන්නොත් approve වෙන්නෙ නෑ. අන්තිමට approve කරපු එකාට දඬුවමකුත් නෑ වැඩේ කෙළවුනාම. ඔහොම රටවල් ඔය වගේ තියාගෙන කවදාවත් හදන්න බෑ.