හිරැගෙන්_මහපොලොවට_කුනාටුවක්

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    හිරැගෙන්_මහපොලොවට_කුනාටුවක්

    හිරැගෙන් මහපොලොවට කුනාටුවක්



    Sun_Earth-thumb.jpg


    කුණාටු නැඟෙන්නේ පොළොවෙහි හා වායුගෝලයේ පමණක් නොවේ. සූර්යයා මතද එවන් කුණාටු ඇති වෙයි. මේවා සූර්ය කුණාටුය. මෙහිදී සූර්යා මතුපිට විදාරණයක් සිදුවෙයි. සුවිශාල ගිනිදළු නැගෙන්නාක් මෙන් හිරු මතුපිටින් නැඟෙන තාප දළු විදුලි ආරෝපිත වායු වලාවක් ලෙස විහිදෙයි. මේවා අතිශය භයානකය.මෙවන් භූ චුම්බක සූර්ය කුණණාටු දෙකක් ඉකුත්දා හිරු මතින් නැගී පොළොව දෙසට විහිදිණි. අභ්‍යවකශ චන්ද්‍රිකා සම්පෙ‍්‍ර්ෂණයන්ට ඉන් මහත් බාධා පැමිණුනු අතර, විදුලිබල සම්පෙ‍්‍ර්ෂණයන් පුර්වාරක්ෂක පියවරක් වශයෙන් අත්හිටුවීමටද බලපෑ බව ප‍්‍රකාශ වේ. විශේෂයෙන්ම උතුරු අමෙරිකානු විදුලිබල ජාලයත් එහි බලපෑමට අසුවී ඇත.

    සූර්ය ස්කන්ධ විදාරණය ලෙස හැඳින්වෙන හිරුමත හටගත් අධි කි‍්‍රයාකාරිත්වය හේතුකොටගෙන අධිවේගයෙන් මුදා හැරුණු විදුලි ආරෝපිත අංශු සහිත මෙම වලාවන් පැයකට කි.මි. මිලියන 8 (සැතපුම් මිලියන 5) ක් නැත්නම් තත්පරයට කි.මි. 2000 (සැ. 1250)ක වේගයෙන් කෙලින්ම පොළොව දෙසට ගමන් කරමින් තිබු බව විද්‍යාඥයන් ප‍්‍රකාශ කැර තිබිණි. හිරුගෙන් විදාරණය වූ තැන් පටන් පොළොවට ළඟාවීමට එයට පැය 19ක් ගත වු බවද ප‍්‍රකාශිතය.

    මේ නිසා සිය විදුලි සම්පෙ‍්‍ර්ෂණ ජාලයන්හි අධි සමේපෙ‍්‍ර්ෂණයක් ඇතිවනු වැළැක්වීමට ස්වීඩනයේ සිට නිව්ජර්සි දක්වා වන විදුලි බලාගාරයන් කටයුතු කළ අතර, මෙම සුර්ය කුණාටුවේ පශ්චත් බලපෑම් යටතේ ඉදිරි දිනවල සිදුවිය හැකි හදිසි බල නැගීම් උරාගනු පිණිස පියවර ද ගෙන තිබේ.මෙම සූර්ය විදාරණය මෙතෙක් නිරීක්‍ෂණය කෙරි ඇති තෙවනි ප‍්‍රබලම විදාරණය ලෙස ප‍්‍රකාශිතය. එය පොළොවට ළඟා වී ඇත්තේ අපේක්ෂිත කාලයට පැය කීපයකට කලින් බවද වාර්තා වේ. මෙම සූර්ය විදාරණයේ පුර්ව ඵලයන් නිසාද සමහර ප‍්‍රශ්න උද්ගත වූ බව විද්‍යාඥයෝ පවසති.

    මේ සම්බන්ධයෙන් සතියකට පෙර පළමු අනතුරු ඇඟවීම සිදුකරන ලද්දේ ජාතික සාගරික විද්‍යා හා වායුගෝලිය පාලන ආයතනයේ අභ්‍යවශ පරිසර කේන්ද්‍රයෙනි. මෙය අභ්‍යවකාශයෙන් නැඟෙන අනතුරු හා තර්ජන පිළිබඳ ෂජලිබල ජාල,ගුවන් යානා සහ සන්නිවේදන ජාලයන් වෙත කල් ඇතිව දැනුම් දෙන මධ්‍යස්ථානයකි.තාරකා භෞතික විද්‍යා සඳහා වන හවාඩ් ස්මිත් සෝනියන් මධ්‍යස්ථථානයේ ජෝන් කෝල් පවසන පරිදි, මුල්ම සුර්ය විදාරණයෙන් පසු තවත් විදුලි ආරෝපිත අංශු සමුදායක් කෙළින්ම පෘථිවිය දෙසට එල්ල වී ඇත.

    ඊටත් පසුව තවත් විදාරණයක් සිදුව ඇති අතර එය මුල් ඒවා තරම් විශාල නොවූව ද එහි විකිරණ බල පෑ මේ අඩුවක් ඇති නොවනු ඇති බව කෝල්කියා ඇත.මෙවන් තාපමය වායු වලාවන් පොළොව වටා ඇති චුම්බක ක්‍ෂේත‍්‍රයට අතිරේක බලශක්තියක් කා වද්දයි. එ අනුව භූ චුම්බක කුණාටු ඇතිවෙයි. මෙම පළමු සුර්ය කුණාටුව අදියර තුනකින් පැවැති අතර එහි අවසන් අදියරේදි මෙම භූ චුම්බක කුණාටු ඇති විය. මුලදී එය පොළව මත එක්ස් කිරණ පතිත කිරීමක් සිදු කැර ඇත. මෙම එක්ස් කිරණ ආලෝක වේගයෙන් ගමන් කරන අතර ඒ නිසා අවුල් වු ගුවන් ගමන් පාලන මෙහෙයුම්වලදී සන්නිවේදනය සඳහා විකල්ප මං සෙවීමට ඔවුනට සිදුව ඇත. එපමණක් නොව චන්ද්‍රිකා මගින් පොළොවට පණිවිඩ එවීමටද එය බාධාවක්ව ඇත.මෙහි දෙවැනි අදියරේ තාප විදාරණයේදී සුර්ය විකිරණයන් පොළොවට ළඟා වී ඇත.

    මෙම සුර්ය කුණාටු පිළිබඳව පළමුවරට සොයාගත් සුර්ය විමර්ශන සෝහෝ චන්ද්‍රිකාව ඉකුත් පොළොවට එවු ඡායාරූපද බොඳ වී පැවතියේ මේ නිසාය. මේ නිසා චන්ද්‍රිකාවට විවේක සුවයෙන් පසුවීමට ඉඩසලසන ලද බවද ප‍්‍රකාශ වේ.මෙම සුර්ය කුණාටුවේ බලපෑම් ප‍්‍රබලව පැවැතී ඇත්තේ ධ‍්‍රැව ප‍්‍රදේශවලය. මේ අනුව ඇලස්කාව හා ඈත පෙරදිග ප‍්‍රදේශවල විස්මිත එළි (උතුරු දකුණු එළි) හෙවත් “ අයුරෝරාවන්” දක්නට ලැබුණු බව ප‍්‍රකාශිතය.

    දෙවැනි සුර්ය කුණාටුවකටද පෘථිවිය ගොදුරු වීමෙන් පසු විද්‍යාඥයන් එය හඳුන්වා ඇත්තේ හිරු විසින් එල්ල කළ යෝධ තුවක්කුවකට හමුවේ පෘථිවියේ පැවතීමක් ලෙසය.මෙවන් සුර්ය කුණාටු දෙකක් ආසන්න දින දෙකක් තුළ සිදුවීම පෙර නොවූ විරූ සිද්ධියක් බවද ඔවුහු කියති.මෙවන් සුර්ය කුණාටුවලින් මිනිසාට සෘජුවම හානියක් සිදු නොවන නමුදු එහිදී ආරෝපිත විදුලි අංශු මගින් විදුලි ජාල, චන්ද්‍රිකා හා වෙනත් උපකරණවලට විශාල හානි පැමිණිය හැකිය.මෙවන් සුර්ය ස්කන්ධ විදාරණයන් වසර කීපයකට වරක් සිදුවන නමුදු මෙවර සිදුවුණු විදාරණයන් අති ප‍්‍රබල ව තාරකා විද්‍යාඥයන්ගේ මතයයි. 1755 සිටම මේ චකි‍්‍රය සුර්ය කි‍්‍රයාවලිය පිළිබඳ වාර්තා තැබි ඇති අතර මෙවර සිදුව ඇත්තේ 23 වැනි චක‍්‍රයේ අවසන් අදියර බවද ප‍්‍රකාශිතය.

    මෙහිදී එක්ස්කිරණ හා සුර්යවිකිරණය 11 වසරක අති ප‍්‍රබලම තත්ත්වය ෂදහන ලද බව කියවී තිබේ. මෙවර සුර්ය කුණාටුවේ දී නිකුත් විකිරණය කෙතරම් ප‍්‍රබලද යත් ඉන් වැලකෙනු පිණිස අන්තර් ජාතික අභ්‍යවකාශ නැවතුම් පොළේ ගගනගාමීන් ට එවන් අවස්ථාවලට සරිලන අයුරින් නිමවන ලද “ඉස්වෙස්ඩා” නම් ආරක්ෂිත යානයට වී සිටින ලෙස උපදෙස් ලැබී තිබිණ.මෙපමණක් නොව පළමු කුණාටුවෙන් පැරැණි ටෙලිග‍්‍රාෆ් යන්ත‍්‍රයකින් නැගෙන ක්ලික් හඬ හා සමාන හඬක් අසන්නට ලැබුණු අතර ඉන්පසු ජෙට් එන්ජිමක හඬ මෙන් “වූෂ්” යන හඬක්ද නිකුත් කැරුණු බව අයෝවා සරසවි තාරකා විද්‍යාඥයින් කියා තිබේ.

    ඉසුරු කවිෂ