විවිධ මත පලවෙන නිසා ඔන්න නැවතත් එම විස්තරයම
හොඳම quality එක කියන එක කොහොමද හොයාගන්නේ? කඩේ ඉන්න මුදලාලි කිව්වොත් මේක තමයි හොඳම quality එක කියලා? එහෙම රුපියල් ගානෙන් හොඳම quality තීරණය කරන්න බැහැ.
විශේෂයෙන්ම කියන්න ඕන මම මේ කියන දේ බලපාන්නේ ව්‍යාපාරයක් හැටියට බල්බ හදන අයට.
බල්බය ගන්න කොට අහන්න මෙන්න මේ කාරණා දෙක.
1. බල්බයේ දීප්තතාවය
මේක මනින්නේ luman හෝ MCD (millicandela) වලින්. මේ දෙක අතරේ වඩාත් සාධාරණ සම්බන්ධයකුත් තියෙනවා (luman to MCD conversion බලන්න)
මෙම අගය සාමාන්‍යයෙන් 80lm තිබිය යුතුයි. ඊට වඩා අඩුනම් ගන්නකොටම සැහෙන එලිය අඩු LED එකක් තමයි ඔගොල්ලන් ගන්නේ.
2. *** බල්බයේ ආයු කාලය ****
මේක තමයි ඉතාමත්ම වැදගත් කාරණය. චීනයේ මේ බල්බ නිෂ්පාදනය කරද්දී භාවිතා කරන රසායන ද්‍රව්‍ය ප්‍රමාණය අනුව මෙම පැය ගණන තීරණය කරනවා. ඒ අනුව පැය 1000 සිට පැය 50,000 දක්වා LED බල්බ චීන වෙළඳ පොලේ තියෙනවා. මෙහි තියෙන ප්‍රශ්නය වන්නේ මෙම පැය ගණන ඉකුත් වූ පසු වෙනත් බල්බ මෙන් LED එක පිච්චි නොයාමයි. ඒ වෙනුවට වෙන්නේ LED එකේ එලිය ශීග්‍රයෙන් අඩුවීමට පටන් ගන්නවා. ඒ වගේම current එක වැඩිපුර පිච්චෙන්න පටන් ගන්නවා. ඔක්කොම LED මෙහෙම උනොත් LED බල්බයක් නිවසට දැමීමෙන් වැඩක් වෙන්නේ නැහැ.
මෙතැනදී වැදගත්ම කාරණය වෙන්නේ පිටකොටුවේ market එකේ තියෙන්නේ පැය 1000 හෝ පැය 2000 වීම. එකට හේතුව එකක් මේ මුදලාලිලා මෙය පිටුපස ඇති තාක්ෂණික ක්‍රියාවලිය නොදන්නා කම. අනික ඒ අය quality එකට වඩා හැමවිටම මිල ගැන සිතා බැලීම. මෙවැනි බල්බ කෙතරම් කලක් භාවිතා කල හැකිද?
පැය 1000 බල්බ් එක ගන්න. දිනකට පැය 8 භාවිතා කරා කියන්න.
එලිය අඩුවීමකින්/current එක වැඩිපුර පිච්චීමෙන් තොරව භාවිතා කල හැකි කාලය = 1000 / 8 = දින 125 = ආසන්න වශයෙන් මාස 4ක්
පැය 2000 බල්බ් එක ගන්න. දිනකට පැය 8 භාවිතා කරා කියන්න.
එලිය අඩුවීමකින්/current එක වැඩිපුර පිච්චීමෙන් තොරව භාවිතා කල හැකි කාලය = 2000 / 8 = දින 250 = ආසන්න වශයෙන් මාස 8ක් - අවුරුද්දක් විතර.
බල්බය ඕනාවට වඩා රත් වීමෙන් මෙම ආයු කාලය ශීග්‍රයෙන් අඩුවෙනවා. එනිසා heatsink භාවිතය අවශ්‍යයි. ඒවගේම power supply එකේ ප්‍රශ්නත් බලපාන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඔයා දෙකටම වඩා ප්‍රභලයි බල්බයේ නිෂ්පාදිත ආයු කාලය. එලිය අඩුවෙනකොට, වැඩිපුර current එක පිච්චේනකොට, බල්බ් පිච්චේනකොට ඔබ හිතන්න එපා එය ඔබගේ දෝෂයක් නිසාම සිදුවන බව. මේ පිළිබඳව දැනුවත් වෙන්න.
හිතන්න ඔබ පැය 50000 බල්බය ගත්තා කියල. දිනකට පැය 8ක් භාවිතා කරොත් මෙය කොපමණ කාලයක් භාවිතා කරන්න පුලුවන්ද?
එලිය අඩුවීමකින්/current එක වැඩිපුර පිච්චීමෙන් තොරව භාවිතා කල හැකි කාලය = 50000 / 8 = දින 6250 = ආසන්න වශයෙන් මාස 208ක් = අවුරුද්දු 17ක් විතර
මුල්ම post එක දාපු සහෝදරයා දාල තියෙන ලංකාට්‍රොනික්ස් බල්බ පැය 50000 ඒවා. කාලයත් එක්ක සසඳලා බලන්න පොඩි මුදල් වෙනසට කෙතරම් කාලයක් ඔබට ඒවා භාවිතා කල හැකිද කියල.
මේ තියෙන්නේ ඔවුන්ගේ බල්බයේ සඳහන් දත්ත.
Emitting colour - cool white
Forward voltage(V)-3.2 - 3.6
Luminous flux: 80 - 90 lm
Colour temp.: 6000k -7000k
Life rating - 50000 hrs
මෙවැනි දෙයක් ඔබ බොහෝ දුරට අසා නැතුව ඇති. තමන් විකුණන භාණ්ඩය පිළිබඳව මෙවැනි තොරතුරු සැපයීමක් කරන්න බැරි නම් ඔබ ගන්නා බල්බ ගැන ඔබ විශ්වාසය තබන්නේ එය මිලදී ගන්නා මුදලාලි මතයි. තාක්ෂණික ක්ෂේත්‍රයේ මෙවැනි දෙයක් බලාපොරොත්තු නොවිය යුතුයි. ඔවුන් චීනයෙන් ආනයනය කල බල්බයේ දත්ත පාරිභෝගිකයාට සැපයිය යුතුයි. නමුත් එසේ ප්‍රශ්න කල විට ඔවුන්ට අපව කරදරයක් වේ. ඔවුන්ට අවශ්‍ය ප්‍රශ්න නොඅහන ඔවුන් කියන දේ විශ්වාස කරන සුවච කීකරු පාරිභෝගිකයින්
ඔබ ඊළඟ සැරේ කොටුවේ ගියහම මේ බව ඔබ මිලදී ගන්න කඩයට දැනුම් දෙන්න. ඒ අනුව ඔවුන් එසේ කිරීමට උතසාහ කරයි. ඔවුන් ලඟ ඇත්තේ පැය 1000 සහ 2000 බල්බ බව මම දැනගත්තේ මහත් පරිශ්‍රමයක් දරලා. ඔවුන්ගෙන් ලේසියෙන් මෙවැනි දෙයක් අහගන්න අමාරුයි. නමුත් කීපදෙනෙක් එකදිගට luman ගණන, ආයු කාලය අහනකොට ඒගොල්ලොන්ට තෙරෙයිනේ මේක නොකිය ඉඳලා බැහැ කියල.
ව්‍යාපාරයක් හැටියට බල්බ හදලා විකුණන අය මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් යොමු කරන්න. නැත්නම් ඔබගේ ව්‍යාපාරය අසාර්ථක වෙන්න මෙය තදින් බලපායි.
ජය වේවා!!!