හිරුණිකාගෙන්ජනපතිටලිපියක් The Day I Lost My Soul
ජනතා පරමාධිපත්‍යයේ බලය සාධාරණව ජනතාව වෙනුවෙන් පරිහරණය කළ යුතු යැයි ඝාතනයට ලක්වු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසන්නීය.
ඇය ඒ බව පවසන්නේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමිනි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ජනාධිපතිතුමාට යොමු කළ තම ලිපිය ආරම්භ කර ඇත්තේ, 2011 වසරේ ඔක්තෝම්බර් මස 08 වැනි දින තම දින පොතේ තැබූ සටහනක් උපුටා දක්වමිනි.
ඇය පවසන්නේ, එදින ඇගේ දින පොතෙහි - The Day I Lost My Soul - හෙවත් එම දිනය තම ආත්මය අහිමි වූ දිනය ලෙස සටහන් කර ඇති බවයි.
එමෙන්ම පසුගිය මාස 07ට පියෙකු අහිමි වුණ දියණියක ලෙස දුක් වේදනා ගැරහිලි මඩ තර්ජන ගර්ජන ඇතුළු සියලු දේට මුහුණ දුන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ජනාධිපතිතුමාට යැවූ ලිපියේ සඳහන්ය.
එම ලිපියේ දැක්වෙන්නේ, එවැනි දෑට තමන් තවමත් මුහුණ දෙන බවත් මෙතෙක් තමන් ජීවිතයේ මුහුණ දුන් දුක්ඛ්යදායි කටුකම අත්දැකීම එය බවත්ය.
ජනාධිපති මෙන්ම රටේ අනෙකුත් වගකිව යුතු අංශ අද පරිහරණය කරමින් සිටිනුයේ, ජනතා පරමාධිපත්‍ය බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය තම ලිපියෙන් ජනාධිපතිතුමාට පෙන්වා දෙන්නීය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගේ ලිපියෙහි මෙසේද සඳහන්ය.
උපුටා ගැනීම -
ප්රවෘත්තිවල මගේ තාත්තා ලේ විලක් මැද වැටී සිටින ආකාරය දුටු විට මට මාවම පාලනය කර ගත නොහැකි වුණා. මට බෙරිහන් දී අඩන්න ඕන වුණා. කෑ ගහන්න ඕන වුණා. ඒත් මගේ හඬ පිට වුණේ නැහැ.
80 දශකයේ සිට මගේ පියාගේ දේශපලන ගමන කුමන එකක් ද කියා කොලොන්නාවේ ජනතාව පමණක් නොව මුළු රටම දන්නා කරුණකි. 79 යු. එන්. පී. ආණ්ඩු රජයන කාලේ ශ්‍රී ලංකා මිනිස්සු ගෙවල්වලින් එළියට එන්න බිය වී සිටි කාලයේ ඒ තර්ජන ගර්ජන මැද බිය නොවී ජනතාව එක්රැස් කර පාරට බස්සා. නිල් කොඩියක් පළවෙනියට කොලොන්නාවට දැම්ම එකම නායකයා මගේ පියායි.
මාස 07 ක් තිස්සේ මම හැමදාම කන්නලව්වක් සේ කියා සිටින්නේ, ප්‍රධාන සැකකරු නීතියේ රැහැනට ගෙන එන්න කියායි.
දැන් දැන් මේ නඩුව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පාර්ශවය හා දුමින්ද සිල්වා ඇතුළු රටේ වගකිව යුතු පාර්ශවයන් අතර කෙරෙන නඩුවක් වී හමාරය.
හිරුණිකා මෙනවිය ජනාධිපතිතුමාට යැවූ ලිපිය අවසන් කර ඇත්තේ මෙසේය.
මේ ලිපිය කාගේවත් බලපෑමකට උවමානාවකට ලිවූ ලිපියක් නොවන අතර මගේ සිතේ තිබෙන සියලුම දේ මම මේ ලිපියට එක් කළෙමි.ජනාධිපතිතුමනි දැන් ඔබේ වාරයයි. ඔබ තීරණය කරන්න මෙය කියවා ඉරා පසෙක තබනවා ද කෝප ගෙන ක්‍රියාත්මක වෙනවා ද දෙතුන් පාරක් නොව දහස් වරක් සිතා සාධාරණය ඉෂ්ට කරනවා ද මන්ද භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍රට සාධාරණය ඉටු වුවහොත් එය අපේ රටේ අසාධාරණය අමු අමුවේ මරණයට පත්ව යටගන්නට උත්සාහ කරන විශාල පිරිසකට සාධාරණයේ සේයාව යම්කිසි දුරකට හෝ පෙන්වා දේවී.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

මචං,
මේ ලංකාවේ අසාධාරණකම් නිසා කොච්චර තාත්තලා දූවරුන්ට අහිමි වෙලා ඇද්ද? මෙයාට වඩා කොච්චර නින්දා අපහාස විදලා ඇද්ද?
අඩුම ගානේ මෙයාට හිතාගන්නවත් බැරුව ඇති ඒ දේවල්. ඒ වගේ අසරණ කෙල්ලන්ට කියපු කතා මෙයාට කිව්වා නම් මෙයා එතනම කලන්තේ දානවා.
මෙයාගේ තාත්තට විතරයි අසාධාරණකම් උනේ. අනිත් මිනිස්සු තාත්තලා නෙමෙයිද? අනිත් මිනිස්සුන්ගේ නඩු නඩු නෙමෙයිද?
මෙය නියම දියණියක් නම්, ප්රජතන්ත්රවාදයට හොදට ගරු කරනවා නම් මෙයා කරන්න ඕනා අසාධාරණකම් වලට මැරුණු හැම තාත්තා කෙනෙක් වෙනුවෙන්ම කතා කරන එක.
මෙයා නිකන් බොරු බයිලා ගහලා, ප්රජාතන්ත්රවාදය ඉත්තෙක් කරගෙන මෙයාගෙ පළිය ගන්න යන්නේ....
අනිත් හැම දුවෙකුටම ජනාධිපතිට ලියුම් ලියන්න පුලුවන්ද? ලියුව්වත් මහ රජා කියවයිද? මගේ එකම ප්‍රශ්නේ අනිත් හැම තාත්තා කෙනෙක් වෙනුවෙන් කතා කරන්න පුලුවන් දුව කවුද?![]()
එයාගේ තාත්තා වෙනුවෙන් හරි එයා හඩක් නගනවනේ මචං... අනිත් දුවරුන්ට ඒ හැකියාව නෑ කියල මෙයා පැත්තකින් ඉන්න ඕනි නෑනේ... අනිත් අය වෙනුවෙන් කතා නොකලත් කලත්, තමන්ට වුන අසාධාරණයට විසදුමක් ගන්න තමා හුඟක් අය බලන්නේ ඉතින්... මේකිට බැනල හරි යන්නේ නෑ බං..
එමෙන්ම පසුගිය මාස 07ට පියෙකු අහිමි වුණ දියණියක ලෙස දුක් වේදනා ගැරහිලි මඩ තර්ජන ගර්ජන ඇතුළු සියලු දේට මුහුණ දුන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ජනාධිපතිතුමාට යැවූ ලිපියේ සඳහන්ය.
එම ලිපියේ දැක්වෙන්නේ, එවැනි දෑට තමන් තවමත් මුහුණ දෙන බවත් මෙතෙක් තමන් ජීවිතයේ මුහුණ දුන් දුක්ඛ්යදායි කටුකම අත්දැකීම එය බවත්ය.
ජනාධිපති මෙන්ම රටේ අනෙකුත් වගකිව යුතු අංශ අද පරිහරණය කරමින් සිටිනුයේ, ජනතා පරමාධිපත්‍ය බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය තම ලිපියෙන් ජනාධිපතිතුමාට පෙන්වා දෙන්නීය.
මං කියන්නේ මෙයාගේ බොරු බයිලා ගැන...
මෙයා මොනවද හලෝ දන්නේ අනිත් සාමාන්‍ය අයට වෙන දේවල් ගැන?
මචං,
මේ ලංකාවේ අසාධාරණකම් නිසා කොච්චර තාත්තලා දූවරුන්ට අහිමි වෙලා ඇද්ද? මෙයාට වඩා කොච්චර නින්දා අපහාස විදලා ඇද්ද?
අඩුම ගානේ මෙයාට හිතාගන්නවත් බැරුව ඇති ඒ දේවල්. ඒ වගේ අසරණ කෙල්ලන්ට කියපු කතා මෙයාට කිව්වා නම් මෙයා එතනම කලන්තේ දානවා.
මෙයාගේ තාත්තට විතරයි අසාධාරණකම් උනේ. අනිත් මිනිස්සු තාත්තලා නෙමෙයිද? අනිත් මිනිස්සුන්ගේ නඩු නඩු නෙමෙයිද?
මෙය නියම දියණියක් නම්, ප්රජතන්ත්රවාදයට හොදට ගරු කරනවා නම් මෙයා කරන්න ඕනා අසාධාරණකම් වලට මැරුණු හැම තාත්තා කෙනෙක් වෙනුවෙන්ම කතා කරන එක.
මෙයා නිකන් බොරු බයිලා ගහලා, ප්රජාතන්ත්රවාදය ඉත්තෙක් කරගෙන මෙයාගෙ පළිය ගන්න යන්නේ....
අනිත් හැම දුවෙකුටම ජනාධිපතිට ලියුම් ලියන්න පුලුවන්ද? ලියුව්වත් මහ රජා කියවයිද? මගේ එකම ප්‍රශ්නේ අනිත් හැම තාත්තා කෙනෙක් වෙනුවෙන් කතා කරන්න පුලුවන් දුව කවුද?![]()
ගොන් කතා කියන්න එපා බන්.. උබේ තාත්තව පාරෙ මරල දාල ගියොත් උබ වෙන එවුන්ගෙ තාත්තල ගැන කියවන්න යනවද?

තමන්ගෙ තාත්තා ඝාතනය කරහම අනිත් සමාජය ගැන හිත හිත ඉන්න පුලුවන්ද බන්
ගොන් කතා කියන්න එපා බන්.. උබේ තාත්තව පාරෙ මරල දාල ගියොත් උබ වෙන එවුන්ගෙ තාත්තල ගැන කියවන්න යනවද?

තමන්ගෙ තාත්තා ඝාතනය කරහම අනිත් සමාජය ගැන හිත හිත ඉන්න පුලුවන්ද බන්
දිරියලත් දියණියකගේ චරිතය රඟමින්....
දේශපාලනයට පැමිණ....
මැරුණු තාත්තාට පණ දෙය්... 

මචං,
මේක පෞද්ගලිකව ගන්න එපා...අපි තනියම ගත්තම මේ සමාජයේ කොටසක්, නීතියේ කොටසක්. ඒ නිසා අපිට කාටවත් තනියම ඉන්න බෑ.
උබ මගෙන් දෙයක් අහපු නිසා මමත් අහන්නම්.
උබේ තාත්තා හිරුනිකාගේ තාත්තාගේ ආරක්ශකයෙක් වෙලා ඉදලා එයත් එක්කම මැරුනා නම් මොකද දැන් වෙන්නේ? හිරුනිකා එනවද උබව එක්කන් යන්න අසාධාරණය වෙනුවෙන් පෙනීහිටින්න.
අනිත් පැත්තේ කවුරුහරි මැරුනා නම් ඒ අයට මොකද වෙන්නේ?