දෙමටගොඩ රුවන්ට ඇප..................ravi karunanayaka weda pennai

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රුවන් චමිල නොහොත් “දෙමටගොඩ රුවන්” නමැත්තා රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් කෝටිය බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (04) නියෝග කළේය.

    සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය එය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළ අතර, විදෙස් ගමන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැබීමටද නියම කළේය.

    සෑම සති දෙකකට වරක් අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුවේ නිති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසටද මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුට තවත් ඇප කොන්දේසියක් පැනවීය.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113