'හිරුනිකා උඩින්ම දිනනවා' -ජනාධිපති දෛවඥ

මෙවර බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී සන්ධානය යටතේ කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ වදින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය කිසිවකුහෝ නොහිතන ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගන්නා බවත්, ඇය සිය පියා නොගිය ගමනක් යන බවත් ජනාධිපති දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි.
'නෙත් එෆ් එම්' ගුවන් විදුලිය කල විමසීමකදී ඔහු එබව සඳහන් කළේය.
දකුණේ නළු නිළියන්ට මොනවා වේ දැයි කල විමසීමේදී ජනාධිපති දෛවඥයා පවසන්නේ, ''ඒ ගොල්ලෝ යන්තම් එහෙන් මෙහෙන් ෂේප් '' වෙන බවයි.
ඉදිරි පළාත් සභා මැතිවරණයේ ප‍්‍රතිපල පිළිබඳව නෙත් එෆ් එම් සමග කතාබහකට එක්වෙමින් ජනාධිපති දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා තවදුරටත් කියා සිටියේ, ශ‍්‍රී ලංකාවේ කේන්ද්‍රයට අනුව රජය ගැන කියවෙන දහවැන්නට අධිපති කුජ ග‍්‍රහයා මේ වන විට ඉතාම බලවත් බවයි.
එදාමෙදාතුර නොලැබූ ජයක්
පවතින ග‍්‍රහ තත්වය අනුව එදාමෙදාතුර නොලැබූ මැතිවරණ ජයග‍්‍රහණයක් ආණ්ඩු පක්ෂය මෙවර ලබන බව ඔහු පැවසුවා.
දකුණ සහ බස්නාහිර පළාත් සභාව විසිරුවා හැරි ජනවාරි 12 වනදා හි පැවති බලගතු බව නිසා එක්සත් ජාතික පක්ෂයේ යම් යම් අභ්‍යන්තර ගැටුම් පවා ඇති වූ බවද ඔහු පවසනවා.
මාර්තු 29 වනදා ද එවන් බලගතු දිනයක් බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිදා නොලැබූ ජයක් ප‍්‍රතිශතාත්මක වශයෙන් විශාල වැඩි වීමක් සමග ලබන බව ඔහුගේ අදහසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය පවා වෙනස් වූ මේ අවස්ථාවේ ඔවුන්ගේ ඡන්ද වැඩිවන එකක් නැද්දැයි 'නෙත් එෆ් එම්' කල විමසීමේදී ඔහු මෙසේ පැවසිය.
'' ග‍්‍රහ පිහිටීම් අනුවයි මම මේ කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වගේ පක්ෂවලත් ඡන්ද වර්ධනයක් පේන්න නැහැ.
බස්නාහිර පළාත් මහඇමති ධුරය ලැබෙන්නේ ප‍්‍රසන්න රණතුංග මහත්මයටද? උපාලි කොඩිකාර මහත්මයටද? කියා විමසීමේදී ඔහු මෙසේ සඳහන් කළේය.
පළාත් දෙකේම මහඇමතිවරු හිටපු අයමයි :
'' ආණ්ඩුවේ වගේම විපක්ෂයෙත් බොහෝ දෙනෙක්ගෙ හඳහන් ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මම පරීක්ෂා කරලා තියෙනවා. සමහරුන්ගේ හඳහන් මට ලැබෙන්නේ ඔවුන්ගේ ඥාතීන්ගෙන්. මම ඒ අනුවයි මේ කියන්නේ. පළාත් දෙකේම මහ ඇමතිවරු හිටපු අයමයි. ප‍්‍රසන්න රණතුංග මහත්මයගේ කේන්ද්‍රය මේ වෙලාවේ බලවත්. දකුණේ ශාන් විජේලාල් මහත්මයත් නිදහසෙන් පස්සේ කවුරුත් නොගත් ඡන්ද සංඛ්‍යාවක් ගන්නවා. මම මේ කියන්නේ හඳහන්වල හැටියටයි.
තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඒ, භාරත ලක්ෂ්මන් මහත්මයාගේ දුව ගැන. ඇය අපි කවුරුවත් නොහිතපු ජයක් ලබනවා. පියාට යන්න බැරිවුණ ගමන ඇය යනවා. ''
ජනාධිපති දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේ ප්‍රතිපල නිකුත්වීමට පෙර අනාවැකි පළකරමින් කියා සිටියේ, ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් වැඩිම මනාප ලබාගන්න බවයි. එහෙත් අවසන් ප්‍රතිපලය අනුව ජොහාන් මහතාට වඩා ලක්ෂ ගණනක වැඩිම මනාප ලබාගනිමින් දයාසිරි ජයසේකර මහතා මහ ඇමැති විය.