ලබන වසරේ ජනාධිපතිවරණය: පොදු අපේක්ෂක රනිල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් වාරයකට පත් කර ගැනීම ජාතියට වැදගත් බවත් එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා අද (21) පැවසීය. මේ අතර අද පැවති තවත් රැස්වීමකදී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊළගට ජනපතිවරණය පවත්වන බවත් පොදු අපේක්ෂකයෙකු ජනපතිවරණයට කැඳවා එන බවත් දන්වා සිටියේය.


    දේශපාලන ආරංචි වාර්තා කරන ආකාරයට 2022 අරගලයෙන් පසු පවතින ආණ්ඩුවේ ජනප්‍රියතාව අතිශය හීනවී පැවතීම නිසා පළාත් පාලන හෝ පළාත්සභා මැතිවරණ පැවැත්වීම බලයේ සිටින පක්ෂ වලට අවාසිදායක තත්වයක් නිර්මාණය කර තිබුණි. ඒ අනුව
    එවැනි සුළු මැතිවරණයක් පැවැත්වීමෙන් ජනතා රැල්ල වෙනත් පැත්තකට යොමුවී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන වශයෙන් ඉදිරියට අසරණ වීමට ඉඩක් ඇති බව සමීක්ෂණ වලින් පෙනී යාම නිසා එම මැතිවරණය නොපැවැත්වෙන තැනට කටයුතු යෙදුවේය.
    මේ හේතුවෙන් දේශපාලන උපදේශකයින් පෙන්වා දී ඇත්තේ ‘ජනපතිවරණයක්‘ පැවැත්වීමෙන් පුද්ගල සංසන්දනයක් මත ඡන්ද පදනම නිර්ණය කරගත හැකි නිසා ඒ සඳහා ඉදිරිපත්වීමට ඉඩ තිබෙන අනුර සජිත් සමග බලයේ සිටින රනිල් වික්‍රමසිංහට සටනක් ලබාදිය හැති බවයි.
    ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය හා තවත් පක්ෂ එක්වී පොදු අපේක්ෂක ලෙස රනිල් වික්‍රමසිංහ ජනපති පදවියට තෝරන මැතිවරණයක් ඊළඟට පැවැත්වීම දේශපාලන වශයෙන් බලය පවත්වා යාමට ගත හැකි අවසාන තුරුම්පුව ලෙස පාවිච්චි කිරීමට සූදානම් වේ.

    රටේ පැවති අහිතකර වාතාවරණය යම්තාක්දුරට සමනය කිරීමට රනිල් සමත්ව තිබෙන අතරම ඒ සම්බන්ධයෙන් රනිල් මුල් කරගත් ප්‍රසාදජනක ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට රජය හා රජයට සම්බන්ධ පුද්ගලික මාධ්‍ය දැනටමත් කටයුතු කර තිබේ.
    මෙම පොදු අපේක්ෂක යෝජනාව රනිල්ට කරනවාද බැසිල්ට කරනවාද යන විවාදය පසුගිය දිනවල පැවති අතර පසුව අගමැති ධූරය නාමල්ට ලබාදෙන කතාවක්ද පැවතී ඇත.

    ‘රටේ ජනතාව ඉල්ලන්නේ ජාතික මැතිවරණයක්. ඒ අනුව ජනාධිපතිවරණයකට අපේ පක්ෂයත් ආණ්ඩුවත් සුදානම්. මේ ජනාධිපතිවරණයට අපි වැඩ කළ වැඩකළ හැකි පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. ඔහු තමයි අනිවාර්යෙන්ම මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා වෙන්නෙත්. මොකද තවමත් අපේ රටේ ප්‍රගතිශීලි කඳවුර ඉන්නේ අපිත් එක්කයි.‘
    ඇමති ප්‍රසන්න රණතුංග අද පැවසීය.
    “ජාතිය ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට නම් වත්මන් ජනාධිපතිවරයා වසර පහක් ජාතිය පාලනය කළ යුතුයි,” යනුවෙන් රුවන් විජේවර්ධන මහතා ගම්පහ පැවති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමේදී අද පැවසීය.


    @2osama @Punchi Ogawa AKA @nicjosh83 @N A K A M U R A @erozan @elajani @weer 11 @hirashgeff set ekama kiriye ranilge campaign eka karanna lasthi weyalla
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,665
    50,026
    113
    සේදවත්ත
    මයින්ද මාතිය කෙල පිඩක් ගහලා මේක ජනාධිපති කරන්න අපි සටන් කරමු කිව්වොත් අපි එකින්ම මයින්ද මාතියට තමා අපේ ෆුල් බකට් එක
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පොහොට්ටු පොනු අපේක්ශක බම්පි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:



    Ranil-Hora.jpg