අද ගියා ගෙදර වහලෙට ලී ටිකක් ගේන්න මොරටුව පැත්තෙ ඔන්න දවසෙම මහන්සි වෙලා වෙලා රට වහනව කියල දැනගෙන ඉක්මනින් ගෙදර එන ගමන් වාහනේ ඉස්සරහින් එක පාරටම කැස්බෑව හන්දියෙ කිරි පාට ගෑනු ලමයි දෙන්නෙකුයි තව අය්යලා කීප දෙනෙකියි බැස්ස කාඩ්බෝඩ් කීපයක් අරගෙන . අම්මේ !! මේ ඉන්නෙ අපේ ටීවි එකේ දකල පුරුදු අය නේද ? මේ පැත්තෙ කවදාවත්ම මම දැකල නෑනෙ මෙයාල. මොකද මේ කරන්නෙ. ඔන්න එයාල කාඩ්බෝඩ් එක දිග ඇරියහම තමයි දැක්කෙ ගෝටව ගෙදර යවන්න නේද මේ පාරට බැහැල තියෙන්නෙ .

ඒ ලස්සන අය දිහා මිනිස්සු මාරම අමාරුවෙන් traffic එකේ බලාගෙන ඉන්නව මලානික මූනකින් අද රට වහන්න කලින් එලවලු ටිකක් අරගෙන ගෙදර යන්නෙ කොහොමද කියල. තවත් අය කඩවල් වහන්න වෙන නිසා මාරම අප්සට් එකේ ඉටිපන්දම් දල්වගෙන කඩවලට වෙලා බලන් ඉන්නව. ඒ අතරෙ මේ පැත්තෙ කවදාවත් මේවගේ දකින්න හම්බුනේ නැති සමනලී , ඉන්ද්රචාප සහ අර කූබියෝ එකේ ප්රියන්තයි තවත් ඒවගේම කීපදෙනෙකුයි කාඩි බෝඩ් උස්සන් එකපාර මතු උනා. මම හිතුව ඊයෙ කිව්ව වගේ ඇත්තටම කූබියෝ shoot එකක්ද කියලත්. ඊට පස්සෙ මම ආපහු යනව මගේ ලමයට ලමා පැනඩෝල් සිරප් එක හොය හොය පාමසි එකකින් එකකට කැස්බෑවෙ. ඒ එන ටිකට මෙන්න මේ අය අතුරුදහන් . මම හිතන්නෙ ගන්න ඕනෙ පොටෝ ටිකයි ලයිව් එකයි අරගත්ත මගෙ හිතේ දැන් යන්න ඇති. ඔන්න ඔය නිසා තමයි මම කිව්වෙ මේ වෙලාවෙ බොක්කෙන්ම මේකට සපෝට් කරන කීප දෙනෙක් අතරෙ සමහරු මේක වවාගෙන කනව කියල. ඉතින් ඒක නිසාම කියන කියන දේ කරන්න එහෙම යන්න එපා හොදේ ජන්ප්රිය උන පමනින් දෙන ලනුව කන්නත් එපා.
මොකද ඔය නෝනල මහත්තුරු එක එක පැත්තට එක එක දේවල් කිය කිය කාලෙකදි මතුවෙලා නැතිවෙලා යනව. ඒත් අපි එකම තැන. ලනුව කන්නනම් එපා. හෙටත් එලියට බහින්න රට වෙනුවෙන් නැතුව එක එක ප්රසිද්ද වෙන්න දගලන චරිතවෙනුවෙන් නෙමේ හොදේ.
ස්තුතියි
FITGEEK