හිරුනිකා නිකන් ඉන්න ….

NSK World

Member
Feb 13, 2012
4
5
0
හිරුනිකා නිකන් ඉන්න ….

හිරුනිකා නිකන් ඉන්න ….

remote_image20111105-11846-1158usg-0.jpg


හිරුනිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලනයට ආ බව මාධ්‍ය වලින් අපට දැනගන්නට ලැබුණි. එයට රාජපක්ෂ ජුන්ටාවට කඩේ යන වෙබ් අඩවි පවා සැහෙන උනන්දු වී තිබු ආකාරය අපට දැකගන්නට හැකිවිය.

සත්‍ය නම් හිරුනිකා ගේ දේශපාලන ආගමනය හුදෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ආණ්ඩුවේ) උපදේශය (උවමනාව) ක්‍රියාවට නැගීමයි. යමෙක් කිවහොත් ඔබත් එකග වනු ඇත. මක් නිසාද යත් ඊළග චන්දෙදි භාරතට හිතවත් ශ්‍රී ලංකා කාරයෝ සන්ධානෙට චන්දෙ දෙන්න මැලිවෙනවා කියන කාරණය දැන් පැහැදිලිය. මක්නිසාද යත් භාරත ඝාතනය සම්බන්ධයෙන් සාධාරණය ඉටුනොවීම, අනික දුමින්ද සුව වුනොත් දුමින්ද චන්දේ ඉල්ලන්නෙත් සන්ධාන ලැයිස්තුවෙන් නිසා. යම්කිසි හෙයකින් දුමින්ද ට සුව නොවුනොත් එයාගේ අයියා හරි වෙන ඥාතියෙක් චන්දේ ඉල්ලන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන්. එවැනි තත්වයකදී හිරැණිකා ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලැයිස්තුවෙන් ඉල්ලන්න හැකියාවක් නැත. මහජන පක්ෂෙන් (ආණ්ඩුවෙම කොටසක්-භාරතත් නියෝජනය කලේ මහජන පක්ෂය-ජනාධිපති උපදේශක) චන්දේ ඉල්ලුවාම ආණ්ඩු විරෝධි නමුත් යුඑන්පිය හෝ ජවිපය විකල්පයක් ලෙස නොදකින පිරිසගේ චන්දය හිරුණිකාට ලැබෙන එක නිසැකයි. අනික් අතින් ආණ්ඩු විරෝධි මධ්‍යස්ත පිරිසද. සානුකම්පිත චන්ද දායකයෝද හිරුණිකාට සහාය දෙනවා (8.30 ටෙලි නාට්‍ය බලන කාන්තාවන්) .

හිරුණිකා පාර්ලිමේන්තු ගියොත් සන්ධාන ආණ්ඩුවේ ඇමතිකමක් අරගෙන මහරජ සමග ආශ්චර්යයේ දේශයේ තාරුණ්‍යෙය් හෙට නිර්මාණය සදහා ඇප කැප වෙනවා. අපේ රටේ සිරිමාවෝ (හාමුදුරුවන් අතින් සිය සැමියා ඝාතනය වුණි. පසුව හාමුදුරුවන්ගේ චන්දය පිඩුසිගා වැඩියේය) චන්ද්‍රිකා (ජවිපෙ අතින් සිය සැමියා ඝාතනය විය. පසුව ජවිපේ සමග පරිවාසයෙන් නෙනැවතී සන්ධානයක් ද සැදුවේය) ගාමිණී දිසානායකගේ පුත්තු (ගාමිණි කොටින් අතින් ඝාතනය විය-කරුණා සමග ඇමති මණ්ඩලයේ) අරන්තලා වේදී භින්ෂුන් භාතනය කල කරුණා සමග රතන, ධම්මාලෝක, මේධානන්ද, ඇතුළු හාමුදුරුවන් දැන් එකට පාර්ලිමේන්තුවේ වලදයි, මේ වගේ ඉමක් නැති ගතික දේශපාලන සම්බන්ධතා වලින් පෙන්වාදෙන්නේ දේශපාලකයාගේ ප්‍රතිපත්ති අගරු ක්‍රියාකාලාපයයි. ඉතින් හිරුණිකා මොන පාරෙන් ගියත් යන්නේ බත්තරමුල්ලෙන් හැරී පාර්ලිමේන්තුවටයි. මොන පක්ෂෙන් ආවත් අවසානේ එකතු වෙන්නෙ සන්ධානයටයි. දැනුම් තේරැම් ඇති පුරවැසියනි ඉතිහාසයේ පාඩම්වලින් ඉගෙන ගන්න. භාරත ඝාතනයට සාධාරණය ඉටුවන තෙක් අප සටන් කරන්නන්මු, නමුත් පියාගේ නම විකුණා, පියාට සධාරණය ඉටුනොකොල මහරජට කඩේ යනවාට අප විරැද්ධය.

දැන් හිරුනිකාට සාධාරණයෙන් වැඩක් නැත, ප්‍රජාතන්ත්‍රවාදය අදුනන්නේ නැත. දේශපාලනය නම් මකුළු දැල ඇය අන්ධ කර ඇත., තම පියා හෝ සැමියා නැති වු විට, ලංකාවේ බොහෝ කාන්තාවන් රැවටීම කලක සිට කරගෙන එන වංචනික දේශපාලන ක්‍රියාවකි. මිනි පෙට්ටිය විකුණා ගෙන කන දේශපාලනයෙන් මිදීමට කාලය එලබ ඇත.

හිරුනිකා නිකන් ඉන්න ….


lankaleaks