අපි හරි වෙනස්
වෙසක් දවසේ මහා සෑය ආලෝකමත් කරලා තිබුණා නේද digital light එළි වලින්.ගොඩාක් අදහස් දැක්කා දාලා තියෙනවා.
ඊයේ ලස්සන කතාවක් කිව්වා අපෙ ලොකු ස්වාමීන්වහන්සේ කුණ්ඩසාලේ අසපුවේ ඉඳන්
"අවුරුදු 40මහා සෑ රජාණන්වහන්සේ ලග සිල් සමාදන් වෙලා තියෙනවා අම්මා කෙනෙක්.මේ අම්මා මැරුණම දරුවො හිතලා තියෙන්නෙ සුගතියක ඉපදුනා කියලා.ඒත් මාස තුනකට පස්සෙ ඒ අම්මා ආවේශ වෙනවා දරුවෙකුට කියනවා, මම උඹලගෙ අම්මා.මම දැන් මළ පෙරේතියක් කියලා,
දරුවො විශ්වාස කරන්නෙ නෑ.එයාලා කියනවා අම්මගෙ සිල්වත්කම ගැන.එතකොට මේ පෙරේති කියනවා,මම සිල්ගත්තා තමයි,ඒත් මම රෑට නිදා ගත්තෙ මහා සෑය දෙසට පිටුපස හරවලා, ඒ නිසයි මම පෙරේතියක් උනේ කියනවා"
ඉතිං, මහා සෑය උදෙසා කල පින්කම් ගැන විවේචනය කිරීමනම් සුදුසුම නැති බවයි මගේ අදහස.කල කෙනාගෙ චේතනාව අනුව එයා අරගෙන යයි කරපු හොඳ නරක,භාග්‍යවතුන් වහන්සේගේ මහා සෑයනේ.ඉතිං අපි කොහොමද දන්නේ ඊයේ කල දේ හොඳද නරකද කියලා.ඒක ගැන අපෙ පුංචි මනසට පෙනෙන අදහස් දක්වන්න යන එක සුදුසු මදි මම හිතන්නේ.මේක භාග්‍යවතුන් වහන්සේ උදෙසා කල ආලෝක පූජාවක්නේ.
මේ පූජාව ගැන පිරිසක් කැමැත්තෙන් කතා කරනවා.අපැහැදීමෙන් ඉන්න අය අර අයත් එක්ක ගැටෙනවා.පිරිසක් අපැහැදීමක් ඇති කරගෙන කතා කරනවා.පැහැදීමෙන් ඉන්න අය ගැටෙනවා අර අයත් එක්ක.
මේ ගැන මටත් පුද්ගලික අදහස් තියෙනවා.ඒත් ඒ අදහසින් තවත් කෙනෙකුගෙ රාග ද්වේශ මෝහ ඇවිස්සෙනවනම් ඒ අදහස නොකියා ඉන්න එක හොඳයි කියලා මම හිතනවා.
කෙසේ කලත් භාග්‍යවතුන් වහන්සේගේ ලැබීමට උන් වහන්සේ උදෙසා කළ පූජාවවන් වලට සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමේදි පරිස්සමෙන් සැලකිලිමත්ව කටයුතු කිරීමනම් අගනේය.
මෙත් සිතින්
පසුව ලියමි.
දැන් දැනගන්නට ලැබුනේ,
මේ ඉහත ලේසර් ආලෝකය සංවිධානය කල පිරිස තවත් වටිනා කාර්යයක් ඉටුකර තිබෙනවා. . එ් තමයි දහවල් කාලයට සලපතල මළුවෙහි පවතින අධික රස්නය නිසා බැතිමතුන් ඉතාම අපහසුතාවයට පත්වෙනවා.ඒ අපහසුතාව මගහැරවීම පිණිස එ් මත ලණු පළසක් එළන්නට මේ අය කටයුතු කර තිබෙනවා. එය ඉතා වටිනා අගය කළ යුතු කාර්යයකි. දහවල කාලයේ මහා සෑය වඳින්නට ගොස් ඇති එම අත්දැකීම ලබා ඇති අයත් මෙහි වටිනාකම ගැන දන්නවා ඇති.. එහෙත් එ් වටිනා කාර්යය මෙම පින්කම ගැන වැරදි කෝණයකින් බලා විවේචනය කල අය අගය කළ බවක් නම් මට දැකගන්නට ලැබුණේ නැත...