හිරු ටි.වී හේතුවෙන් ස්වර්ණවාහිනියේ ලයිව්

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    හිරු ටි.වී හේතුවෙන් ස්වර්ණවාහිනියේ ලයිව්

    හිරු ටි.වී හේතුවෙන් ස්වර්ණවාහිනියේ ලයිව් @ 8 හිස් වෙයි

    hiru-live-@8.jpg
    ඊයේ (03) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබු හිරු ටි.වී විකාශන කටුතු ආරම්භ කිරීම සිදු නොකළේ මන්දැයි පාඨකයන් විශාල ප්‍රමාණයක් අපෙන් විමසා තිබුනා.

    හිරු ටි.වී විකාශය මැයි තුන් වනදා විකාශය ආරම්භ කරන බව ප්‍රකාශ කොට තිබුනේ ඒ.බි.සි මාධ්‍ය ජාලයේ හිමි කරු වන රෙනොර් ද සිල්වා මහාතා වේ.ඒ බව ඔහු නිල වශයෙන් මාර්තු මස 22 වනදා ෆයිනෑන්ශල් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශකොට තිබුණි.

    නමුත් හි.රු ටි.වී නිල වශයෙන් විකාශ කටයුතු ආරම්භ කිරීම ජුලි මස සිදු වන බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

    හිරු ටි.වී පිලිබඳව අප ලිපි කීපයක් මගින් හෙළිදරව් කල අතර මෙයට පෙර ලිපිය අප අවසාන කලේ අනිසි ආකාරයට ලබාගෙන ඇති විකාශන සංඛ්‍යාත මගින් සිරස ඇතුළු අනෙකුත් නාලිකා වල විකාශනයන්ට බාධා සිදුවන ආකාරයට හි.රු ටීවී විකාශය ආරම්භ කිරීමට සුදානමින් සිටින බවයි.

    ඒ අනුව එම කරුණ සත්‍යයක් කරමින් දැනටම ඇතැම් පලාත්වැල්ල සිරස සවර්ණවාහිනී හා ටි.එන්.එල් රුපවාහිනි විකාශන කටයුතු වලට බාධා පැමිණීම සිදුවී ඇත.


    වසර 20ක් පුරා තම ආයතනය භාවිත කළ යූඑච්එෆ් චැනල් 26 ඔස්සේ විකාශන කටයුතු කටයුතුවලට මේ වනවිට බාධා මතුව ඇතැයි පැමිණිලි ලැබෙන බව ශාන් වික්‍රමසිංහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිටට ලිපියක් යවමින් ප්‍රකාශයට පත්කොට ඇත.

    ශාන් වික්‍රමසිංහ පවසන්නේ ඒ පිළිබඳව කළ සොයාබැලීමේදි ඒබීසී නෙට්වර්ක් ආයතනයට යූඑච්එෆ් චැනල් 26 ඔස්සේ විකාශන කටයුතු සදහා මාතලේ රත්තොට ගම්මඩුව කිලෝවොට් 10ක විකාශන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඉඩදී ඇතැයි හෙලිවූ බවය.

    මේ අතර හිරු ටි.වී හේතුවෙන් මේ දිනවල වඩාත් අපහසුතාවයට පත්ව සිටින්නේ ස්වර්ණවාහිනියේ ලයිව් @ 8 පුවත් විකාශයේ පුවත් මැදිරියයි.ඒ එහි වැඩ කල පිරිසෙන් 15 දෙනෙකු හිරු ටි.වී පුවතත් අංශය වෙත යාම හේතුවෙනි.
    හිරු ටීවී අංශයේ පුවත් අංශයේ ප්‍රධානියා ලෙස නම් කොට ඇත්තේ කලක් ස්වර්ණවාහිනියේ ප්‍රවෘති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කල උපේන්ද්‍ර හේරත් මහතා වන අතර ඔහු ස්වර්ණවාහිනියේ සිටින පරණ සගයන් බොහෝ දෙනෙක් හිරු ටි.වී වෙත එක්කරගෙන ඇත.

    මේ අතර සව්ර්ණවහිනියේ සිටි ප්‍රධාන ප්‍රවෘති කතෘවරුන් හා ප්‍රවෘති නිෂ්පාදකවරුන් වේ.
    ස්වර්ණවාහිනියේ දැනට වැඩ කරන තවත් පිරිස් හිරු ටි.වී ආරම්භ කල පසු එයට සම්බන්ධ වීමට නියමිතයි.

    ස්වර්ණවාහිනියේ සිට හිරු ටි.වී වෙත එක්වූ සියලු දෙනාටම තමා ලැබූ වැටුප මෙන් දෙගුණයක් ගෙවීමට හිරු ටි.වී පාලනාධිකාරය තීරණය කර ඇති අතර එවන් වැටුපක් ලබා දෙන්නේ කෙලසද යන්න පිළිබඳව ස්වර්ණවාහිනියේ බලධාරීන් වික්ෂිප්තව සිටි.


    Read more: http://www.**Please do not spam****...se do not spam**/2012/05/8.html#ixzz1tuTLoAJN:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl::P:P:P:D:D:D:D:D
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උපේන්ද්‍ර හේරත් සහ හරේන්ද්‍ර ජයලාල් තමා මම දැකපු හොදම ප්‍රවෘර්ති සපයන්නෝ..