Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිරු සමග පිබිදෙන්න
    නව ලොවට ඉඩ දෙන්න

    අළුත් හුස්මක් අරං
    හෙටට පිය මැන යන්න
    කල් මැනන් උන්නු මට...
    නෑ තවත් ලතැවෙන්න....
    ආදරේ ත‍ටු ඇවිත්
    පෙම් ලොවේ ඉගිලෙන්න.....

    දුකක් හිත තුල තියා
    සිනාවක් අරගන්න...
    ඒ සිනාවේ තරම
    කාලයට පෙන්වන්න..
    කෙලෙසවත් දෙන්නෙපා
    ඔබ ඔබට රවටන්න....
    හිත් කොනේ ඇති රහස්...
    අදම මට පවසන්න.....

    සුසුමකට දෙන්නෙපා....
    සිනා මල් උදුරන්න....
    හිත් කොනක සැගවෙනා....
    කටු පදුරු මතු වෙන්න....
    වසන්තය මවන්නම්
    එන්න එහි සැගවෙන්න....
    මේ සොදුරු මාවතේ...
    මා එක්ක ඇවිදින්න....

    සුගන්ධය විහිදෙනා
    මල් සමග සුපිපෙන්න...
    හද රැදුනු මල් සුවද
    වැඩි දුරක නැත ඔන්න....
    ආදරය මේ කියා...
    ඔබෙන් ඇත දැනගන්න...
    හෙටත් ඔබ පිබිදිලා...
    හිරු කිරණ ගෙන එන්න....

    9k=

     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආදරය මේ කියා...
    ඔබෙන් ඇත දැනගන්න...
    හෙටත් ඔබ පිබිදිලා...
    හිරු කිරණ ගෙන එන්න....

    :love::love::love::love:

    හරිම ලස්සනයි මලයා...