හිරෙන් පැනලා ගෙදර යන එන සිරකරුවෙක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    හිරෙන් පැනලා ගෙදර යන එන සිරකරුවෙක්

    හිරෙන් පැනලා ගෙදර යන එන සිරකරුවෙක්

    image_ca0f1913bd.jpg

    ඇමෙරිකාවේ කොරලාඩෝ ජනපදයේ, ජෙෆර්සන් ප්‍රාන්ත බන්ධනාගාරයක රැඳෙවියකු සති කිහිපයකට සැරයක්, බන්ධනාගාර බලධාරීන්ට හොරා බන්ධනාගාරයෙන් පැන සිය නිවසට ගොස්, කෑම බීම ද සකසා යළි බන්ධනාගාරයට පැමිණීමට පුරුදු වී සිටි බවත්, පසුගිය දා ඔහු එසේ බන්ධනාගාරයෙන් පැනගොස් ආපසු එද්දී, බන්ධනාගාර බලධාරීන්ට හසුවී ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
    මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පසුගිය ජනවාරි 25 වැනිදාය. ජෙෆර්සන් ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය පවසන පරිදි, බන්ධනාගාරයෙන් පැන සිය නිවසට ගොස් පැය කිහිපයක් නිවසේ ගත කර යළි බන්ධනාගාරයට පැමිණීමට සමත් වී ඇත්තේ ජොසුවා හැන්සන් නමැති 25 හැවිරිදි තරුණයෙකි. මොහුගේ නිවස පිහිටා ඇත්තේ බන්ධනාගාරයේ සිට කිලෝ මීටර් කිහිපයක් දුරිනි.
    පසුගිය දා යළි බන්ධනාගාරයට පැමිණීමට තැත් කරද්දී අත්අඩංගුවට ගත් හැන්සන් ළඟ ලොකු මල්ලක් තිබී ඇති අතර එහි බ්‍රැන්ඩි බෝතල් දෙකක්, විස්කි බෝතලයක් සහ නිවසේ පිළියෙළ කළ කෑම වර්ග කිහිපයක්, සුරුට්ටු පෙට්ටියක්, පලතුරු සහ චොකලට් ආදිය තිබී බලධාරීන් විසින් සොයා ගනු ලැබ ඇත.
    හැන්සන් චෝදනා ලැබ ඇත්තේ මත්ද්‍රව්‍ය විකිණීම සම්බන්ධයෙනි. ඔහු මාස 27 ක සිර දඬුවම් විඳිමින් සිට ඇත. ජෙෆර්සන් බන්ධනාගාරයේ රඳවා තැබෙන්නේ ප්‍රචණ්ඩකාරී නොවන රැඳෙවියන් වන අතර, බන්ධනාගාරයට උපරිම ආරක්ෂාවක් ලබා දෙන්නේ ද නැත.
    (රොයිටර්)
     

    Similar threads