RIP Kosgoda Tharaka, We miss you!!!
හිර ගෙදර බිත්තියේ පෑනකින් ඇඳ ඇති චිත්‍රයක් නිරීක්ෂණය වූයේන් මා එය කියවීමට උත්සාහ කළෙමි. මහ පොළොවේ වූ සොහොනක් ඇඳ ඒ ඉහළින් RIP කියා ලියා තිබූ අතර එයට පහළින් කොස්ගොඩ තාරක යැයි ලියා තිබිණ. සොහොනට යටින් We miss you යැයි සඳහන් කර එය අවසන් කර තිබිණ.
කොස්ගොඩ තාරක යන නම මතකයේ මෑතක රැඳී තිබූ අතර ඔහු මීට වසර කීපයකට පෙර ඝාතනය වූ පතාලයේ ප්‍රභලයෙකු වූයේ ය. ඔහු මේ සිර ගෙදර දිග කාලයක් සිටි බවත්, රැඳවියන් අතර වීරයෙකු වූ බවත් ඔහුගේ කාලයේ සිදු වූ සිදුවීම් ගැනත් ඒ අසළින් ගිය රැඳවියෙකු ඇස් උඩ තබා ගනිමින් ගෞරවයෙන් මා හට කියා සිටියේ ය. කොස්ගොඩ තාරක යනු නම ගිය පාතාල නායකයෙකු වූවත්, ඔහු ගැන ඒ රැඳවියාගේ ඇස් වල ගෞරවයක් දැකීමට ලැබුනේ ඔහු ද එම ක්ෂේත්‍රයටම අදාල වූ නිසා විය යුතුය. කොස්ගොඩ තාරක පාතාලයට වීරයෙකු වන්නට ඇත. එහෙත් ඉතා කෙටි කලෙකින්ම සිය ආයුෂ අවසන් කර ගන්නට ඔහු තෝරා ගත් මාර්ගය හේතු වී ඇත්තේ ය. ඒ ගෞරවය ලබා දෙන්නා ද එවන් වූ තවත් වැරදි රැසකට බන්ධනාගාර ගත වී සිටී. ඔහුගේ හිතේ සිරවීම ගැන කනගාටුවක් ඇතත්, ඔහුගේ රැකියාව ගැන පසු තැවීමක් ඇත්දැයි මට සැක ය.
සිර ගෙදර විශ්වවිද්‍යාලයක් නම්, එහි තිබෙන්නේ අනුන්ගේ අත් දැකීම් තුලින් හාරා අවුස්සා ගෙන ඉගෙන ගැනීමට අවස්ථාවකි. හිර ගෙදර තුල දී නොවේ නම් මේ තරුණයන් සමග කිසි විටෙක මට කතා බහ කොට ආශ්‍රය කිරීමට ලැබෙතැයි මා නොසිතමි. ඔවුන්ගේ ලෝකයට මාව ද මාගේ ලෝකයට ඔවුන්ව ද නොපෑහේ. එනයින් අප දෙගොල්ලෝ එකිනෙකාට අනෙකාගේ ලෝකය තුලට එබිකම් කිරීමට අවස්ථාවක් ලබා නොදෙයි. එබැවින් ඔවුන්ගේ ලෝකය, ඔවුන්ගේ සිතුම් පැතුම්, ඔවුන්ගේ ජීවිත අප දන්නේ නැත. එහි අනිත් පැත්ත ද එසේමය. එනම්, ඒ පතාලය නම් ක්ෂේත්‍රයේ සිටින අපරාධ නම් රැකියාව තෝරා ගත්තෝ ද අපේ ලෝකය නොදනිති ; අපේ සිතුම් පැතුම් නොදනිති; අපේ ජීවිත නොදනිති. සිර ගෙදරක එක කුටියක එකට කූඩු නොවන්නට අප එකම කුලකයකට නොවැටෙනු ඇත. අපි බාහිරය තුල මොන කොටුවේ සිටියත්, ඒ කොටු කෙතරම් එකිනෙකට ඈත් උනත්, සිර කූඩුව තුලදී අපි එකම කුටියක සිර කරුවෝ ය. අපේ ලෝක බලහත්කාරයෙන් වුව ද දැන් එකිනෙකට ඇළුණු සබන් බෝල දෙකක් මෙන් එකිනෙක යාවී තිබේ. ඒ යා වීමෙන් මෙතෙක් නොදුටු ඔවුන්ගේ ලෝකය ස්පර්ෂ කිරීමට මට අවස්ථාව ලැබුනේ යෝජිත විවාහයකින් පසු සිය සැමියාගේ නිවසට මුලින්ම ගිය මනාලියක සිය අලුත් වාසස්ථානය අතපත ගා හුරු කර ගන්නවා මෙනි.
දිනක් වයඹ විශ්වවිද්‍යාලයෙන් මට ආරාධනාවක් ලැබුනේ ඔවුන්ගේ පුස්තකාලයක සජීවි මිනිස් පොතක් වන ලෙසයි. එනම්, සිසුන්ට මාගේ ජීවිතයෙන් කැමති දෙයක් තිබේ නම් අසා දැන ගැනීමට ඔවුන්ට මා විවෘත වීමයි. දැන් මා ඇතුළු වී සිටින්නේ එවන් වූ සජීවී මිනිස් පුස්තකාලයකට ය. මේ බිත්ති හතර මැද්දේ ඒ පොත් හුස්ම ගනිමින්, ඔබ මොබ ඇවිදිමින් කාලය ගෙවා දැමීමට වෙහෙසෙමින් සිටියේ ය. ඒවාට ඇහුම් කම් දීමට මා සූක්ෂමව ඔවුන් සමග කුළු පගු වීමට ඉටා ගත්තෙමි.
ජෑම් ගහේ කොළ වැටීමෙන් හැඩි වී ගිය මිදුල ආසන්නයේ තිබූ ඉදලක් ගෙන සම්පූර්ණයෙන්ම පිරිසිදු කර දැමුයේ පුරුද්දට වාගේ ය. ඉදලක් දුටුවොත් අතුගෑමේ පුරුද්දක් මාගේ ඇඟ තුල වෙයි. ජෑම් කොළ ද වතු සුද්ද කොළ ද අතුගා අපේ පුංචි මිදුල පිරිසිදු කර ගත්තේ කොණකට වී ඉඳගෙන මා ඇතුලට ගෙනා පොතක් කියැවීමට ය. හිර ගෙදර එන විටම රැගෙන ආ තෝමස් සෝවෙල් ගේ Basic Economics පොත මිළදී ගැනීමට මට යොජනා කලේ ඇඩ්වොකාටා හී මුස්තාපා ජෙෆර්ජී විසිනි. ඔහු මා හට ආර්ථික විද්‍යා දැනුම එක් කල අයෙකු වන අතර එංගලන්තයේ සිටිය දී මාගේ ආර්ථික විද්‍යා අධ්‍යන කටයුතු වලට ඔහු බෙහෙවින් උපකාර කොට තිබේ. වතුර ගලා ගිය කාණුව අයිනේ බ්ලොක් ගල් දෙකක් උඩ ඉඳගෙන, කාණුවේ දිය පාරේ ඒකාකාරී සද්දයෙන් කන් දෙක පුරවා ගත් මා පොත සමග ඒකාත්මික වීමි.
" ආහ් නෝටි අයියා" - මම ගැස්සී ඔළුව උස්සා බැලීමී. නෝටී යනු මට උපන් ගම වූ දිප්පිටිගොඩ මිනිසුන් ගමට කතා කල කෙටි නමයි. ගමේ සිටි දඟකාර පෝරිසාදයෙකු වූ මා නෝටි නමින් ප්‍රචලිත වී තිබුනේ අපේ තාත්තා විසින් මා හට එසේ ආමන්ත්‍රණය කළ බැවිනි. මා විසින් වසර 2019 දී " නෝටි ශාන් " යැයි ග්‍රන්ථයක් ද ලියා පල කලේ කුඩා කල ගමේ සිදු වූ රසවත් සිදු වීම් කැටි කොට ය. කෙසේ වෙතත් සිර ගෙදරින් ඒ නම ඇසෙනු ඇතැයි මා කිසි කලෙක බලාපොරොත්තු නොවූයෙමි.
" ආහ් භක්ති, මේ කමල් අයියගේ පුතා නේ ද? "
" ඔව් ඔව්"
පොත පැත්තකින් තැබූ මා ඔහු වැළඳ ගෙන පිළිගත්තෙමි.
" ඔයා අරගලේ නිසා නේ ආවේ, අපි දැක්කා ප්‍රවෘත්ති වල. මෙතනට එයි කියලා හිතුවේ නෑ." - භක්ති කියා ගෙන ගියේ ය.
" ඔව් බං, මාත් ඇතුලේ, සතියක් තියෙනවා, ඇප ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. බලමු" මාත් උත්තර බැඳීමි.
භක්ති එහි සිටින්නේ කුමක් නිසා දැයි ඔහු මට විස්තර කලත්, ඒවා ප්‍රසිද්ධ කිරීමට මා හට අයිතියක් නොමැත. මා මෙහි භාවිතා කල නම් ද සත්‍ය ඒවා නොවේ. නමුත් ඔහු පැමිණ සිටියේ පොඩි චෝදනාවකට නොවේ.
" ඔහොම ඉන්න තව කොල්ලෝ ඉන්නවා, මූව දන්නව ද? " - ඔහු මා හට දැක පුරුදු තවත් තරුණයෙක් පෙන්නූයේ ය. ඔහු මාගේ ඉස්කෝලේ පංති වල හිටපු යෙහෙළියකගේ මල්ලී කෙනෙකි. ඒත් එක්කම මරුවා ය. මේ තුන් දෙනාම අපේ උපන් ගමේ අලුත් තරුණ පරම්පරාවේ ය. නෝටි ශාන් ග්‍රන්ථයේ ම මා පෙන්වා දෙන ආකාරයට ගමට පැතිරී ගිය මත්ද්‍රව්‍ය උවදුරේ නූතන ගොදුරු ය. මේ පරම්පරාව අප සිතනවාටත් වඩා ගැඹුරට එහි ගිලී ගොස් තිබේ.
ඒ කෙටි හඳුනා ගැනීමෙන් මට පසක් වූ කරුණක් නිසා මට තවමත් මුවහට සිනා නැගෙයි. මේමා සිටින්නේ විශේෂ සිර කුටියක ය. එහි සිටින්නේ තදබල වැරදි ඇති සිරකරුවන් 21 ක් දෙනෙකු පමණි. මා ද ඇතුළුව ඒ 21 න් හතර දෙනෙක්ම අපේ ගමෙන් ය.කැළණියෙ වූ සුන්දර ගමක් වූ අපේ ගම අද වන විට පත්ව ඇති තත්ත්වය ඉන් මනාව පැහැදිලි වෙයි. ඒ ගමේම ඉපිද වෛද්‍ය විද්‍යාලයට සමත්ව, වෛද්‍ය වරයෙකු වී සමාජයේ ගෞරවට පාත්‍ර වූ මා ද දැන් ගමේ මා ගිය මාර්ගයට සම්පූර්ණ විරුද්ධ පාරේ ගිය තරුණයෝ 3 දෙනෙකු සමග එකම හිර කුටියේ ය. මදකින් ඔවුන් නික්ම ගියේන් මුව ගට නැගුණු සිනාව ගිල ගෙන මා යලිත් පොත කියවන්නට වූයේ කාණුවේ දිය ගලන රිද්මයට යලිත් අවතීර්ණ වෙමිනි.
" නෝටී අයියේ!!!"
බිත්තියට යටින් සිදුරු කොට දිය ගලා ආ කාණුවට තරම් පහත් වී ඔළුව හිඩැසෙන් ඔබමින්, විපරම් කරමින්, ඉහළින් ඇති E වාට්ටුවෙන් තවත් කොළු ගැටයන් දෙන්නෙක් M2 වාට්ටුව දෙස බලමින් මා සොයයි. මුවගට නැගි සිනහා මුසු පුදුම දනවන හැඟීම් යටපත් කර ගෙන ඒ අමුත්තන් ද හඳුනා ගැනීමට මාත් කාණුවට පාත් වූයෙමි.
පැතුම් කර්නර්