හිර ගෙදර ජීවිතේ...6...පැතුම් කර්නර්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    "අරගලයෙන් ආපු පැතුම් කර්නර් කවුද ?" - ගේට්ටුව ඉදිරියට ආ නිලධාරියෙකු විමසා සිටියේන් ගේට්ටුව අභියසට මා ඇදී ගියෙමි.

    "උඩ ඔෆිස් එකට යන්න ඕනේ, SP මහත්තයා හම්බෙන්න, සරමක් හරි දිග කළිසමක් හරි දා ගන්න" - ඔහු දැනුම් දුන්නේ මා කොට කලිසමක් ඇඳ සිටිනු දැකීම නිසා විය යුතුය.

    " හොඳයි මහත්තයා" - මා ඔහුට කියා උසාවියේ සිට බන්ධනාගාරයට මා රැගෙන ඒමේදී හිස ආවරණය කිරීමට ලබා දුන් සරම ඇඳ ගතිමි.

    බන්ධනාගාරය තුලදී ද එම නිලධාරීන් ක්‍රියාත්මක වුයේ හමුදාවේ පොලීසියේ මෙන් ක්‍රමයකට ය. අතේ පටි ගැසූ සාමාන්‍ය සෙබළුන් වූ අතර උරහිසේ තරු ගැසූ නිලධාරීන් ඔවුන්ට අණ ලබා දුන්නේ ය. අතේ පටි එක , දෙක හෝ තුන ලෙස ඉහළ ගිය අතර අතැමුන් පටි වලට අමතරව රාජ්‍ය ලාංජනය ඒත් සමගම පැළඳි staff sergeant ලා ය. නිලධාරීන් අතර දුටුවේ උරහිසේ තනි තරුවක් පමණ පැළඳි ඈයෝ ය. ප්‍රධාන ජේලර් මහතා පමණක් තරු දෙකක් පැළඳ සිටියේ ය. ඔවුන්ගේ ඇඳුමේ දුටු විශේෂත්වය නම්, රාත්‍රියට මුර සංචාරයේ යෙදෙන කවුරුත් සුපුරුදු බූට් යුගලය වෙනුවට දුඹුරු පාට කැන්වස් සපත්තු කුට්ටමක් පැළඳීමය.

    " ඒ රෑට ඇවදිනකොට බූට් සද්දෙට රැඳවියන් ගේ නින්දට බාදා වෙන හින්දා, සිර කරුවන්ට සුව නින්දකට තියෙන අයිතිය සුරකින්න තමයි එහෙම සම්ප්‍රදායක් හැදිලා තියෙන්නේ." මා එය විමසා සිටි මොහොතේ එය පැහැදිලි කර දුන්නේ සිර ගෙදර සුපුරුදු ජීන් නානා විසිනි.
    මේ නිලධාරීන් කාටත් එකසේ සිරකරුවන් විසින් මහත්තයා යැයි ඇමතීය. තරු නිලධාරීන් හට සර් කියූවේ ය. මා ද දැන් සිරකරුවෙකු බැවින් අනෙක් සිර කරුවන් අනුගමනය කරමින් ඔවුන්ට මහත්තයා යැයි ආමන්ත්‍රණය කළෙමි.

    සරම ඇඳි මා කූඩුවෙන් එළියට ගෙන කැඳවා ගෙන ගියේ ප්‍රධාන ගේට්ටුව අසළට ය. මා එහි මොහොතක රැඳවූ අතර වෙනත් කූඩුවක සිට තවත් අරගලයෙන් ගෙනා තරුණයෙකු එහි රැගෙන ආවේ ය. ඔහු අන්තරේ පුෂ්පික බව හඳුනා ගතිමි. රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ප්‍රධානියෙකු වූ ඔහු මූණ පුරා රැව්ල වවා අඩි දෙක තුනක් දිගට කොණ්ඩය වවා සිටියේ ය. බස් රථයක ගමන් කරමින් සිටිය දී හදිසියේ එය නවත්වා පැහැර ගැනීමක් සේ අත් අඩංගුවට ගෙන තිබූ ඔහුගේ මුහුණේ සිනාවක් නොමැත. අත් අඩංගුවට ගත් ඇඳි වත පමණක් සහිතව දින 2ක් මුළුල්ලේ සිටින ඔහුට ලැබී ඇති වාට්ටුවේ එතරම් පහසුකම් නැතැයි ඔහු කියා සිටියේ ය.

    සුළු මොහොතකින් ප්‍රධාන ගේට්ටුව විවෘත කොට අප දෙදෙනාම ඒ පරිපාලන ගොඩනැගිල්ලේ වූ උඩ තට්ටුවේ ප්‍රධාන කාර්‍යාලයට රැගෙන ගියේ ය. අනතුරුව එහි ප්‍රධාන පාලක තැන වූ SP මහත්තයා ගේ කාර්‍යාලයට අප දෙදෙනා එක වර යොමු කලේ ය. වායුසමනය කල ඒ කාර්‍යාලයට ඇතුළු වත්ම එහි විශාල මේසයක එහා පැත්තේ බොහෝ ප්‍රියමනාප මිනිසෙකු වාඩි සිටිමින් අප දෙස මහත් ඕනෑ කමින් බලා සිටිනු දක්නට ලැබිණ. අප දෙදෙනා සිරකරුවන් බැවින් යටහත් පහත්ව සෘජුව සිට ගෙන සිටියෙමු. ඔහු අපගේ පුද්ගලික තොරතුරු විමසා සිටියේ ය. පුෂ්පික මීට පෙර ද මෙහි ආ අයෙකු බවත්, ඒ අවස්ථාවේ ඔහුගේ විශ්වවිද්‍යාලයේ විභාගයක් ද ඔන්ලයින් කිරීමට ඉඩ ප්‍රස්ථා සළසා දුන් බවත් ඔහු මතක් කලේ ය.

    " දැන් මෙහෙමයි, මේකේ ඇතුළේ ඕගොල්ලෝ වැඩිය අනිත් අය එක්ක ගැවසෙන්න එපා. මෙතන ඉන්න අයගේ මනස හරි වෙනස්. ඉක්මනින් ඕන දේකට පැටලෙන්න පුළුවන්. ඒ නිසා ඉන්න ටිකේ මෙතන ගැටළු ඇති නොවෙන්න ඕනේ." ඔහු පැහැදිලිව කියා සිටියේ ය. " අපිට ඔය දෙන්නව එකට දාන්න බෑ. වෙන වෙනම තියන්නේ. මොනව හරි අඩුපාඩුවක් තියෙනවා ද? " - ඔහු කාරුණිකව විමසා සිටියේ ය. අනතුරුව පුෂ්පිකට වෙනත් වාට්ටුවක් ලබා දීමට ඔහු පොරොන්දු වූයේ ය.

    අනතුරුව අපිට ප්‍රධාන ජේලර් මහතා හමුවූ අතර, හිරගෙදර කා අතරත් ජනප්‍රිය නීති තද තරුණ නිලධාරියෙකු වූ ඔහු අප යන විටත් යම් කරුණක් පිළිබඳව උස් හඬින් අනෙක් නිලධාරීන් ට අවධාරණය කරමින් සිටියේ ය. ඔහු ලබා දුන් උපදෙස් ද SP මහත්තයා ගේ උපදෙස් වලින් බොහෝ වෙනස් වූයේ නොමැත. එකම වෙනසකට කීවේ, හිර ගෙදර ආරක්ෂිත යැයි නොසිතන ලෙසත්, මේක ඇතුලේ ද ඕනෑ තරම් ජීවිත අවදානමක් තිබිය හැකි බවත් ය. නිවසේ ඈයන්ට දුරකථන ඇමතුමක් ගැනීමට අවශ්‍ය නම් මාසයකට දෙවරක්, වරකට විනාඩි 2 බැගීන් කතා කිරීමට සුබසාධන අංශය මගීන් කටයුතු යොදා ඇති බවත්, අවශ්‍ය නම් ඒ පහසු කම පාවිච්චි කරන ලෙසත් දැනුම් දුන්නේ ය. උපදෙස් අවසානයේ අප යන්නට හැරුණු විට දී "ආහ්, ඕක ඇතුළෙ සමහර විට ෆෝන් ඇති. ඒවා නීති විරෝධීයි. ඒවා පාවිච්චි කරන්න එපා. අහු උනොත් අමාරු වෙයි"- ඔහු ටිකක් තදබල ලෙස කියා සිටියේ ය. ( මේ ගැන කලබල වෙන්න එපා. ෆෝන් අල්ලන්න මා සිටි දින 7 තුල 3 වතාවක් කූඩු තුලට නිලධාරීන් නොදන්වා කඩා වැදුණු බව කතාවේ ඉදිරියට විස්තර ඇතුව ලියන්නම්. )

    අනතුරුව පුෂ්පිකව වෙනත් වාට්ටුවකට මාරු කර යැවූ අතර , මා සතුව තිබූ තුවායක් හා ඇඳුමක් මා නිලධාරියෙකු අතේ ඔහුට යැවූවෙමි.

    කූඩුවට පැමිණි මා කල්පනා කරන්නට යෙදුණේ ඔවුන්ගේ බිය ගැන ය. මේ නිලධාරීන් අප හිර ගෙදර තුල අරගලයක් කරනු ඇතැයි බිය වෙති. සිර කාරුවන් පහසුවෙන් නම්මා ගැනීමේ හැකියාව අපට තිබේ යැයි ඔවුන් සිතයි. එය එසේ විය හැකිය. මෙහි සිටින්නේ සමාජයට, ක්‍රමයට බොහෝ වෛර කරන මිනිසුන් පිරිසකි. ඔවුන් සියල්ලෝම පාහේ සිරවී සිටීමට සිදු වීම , සිර කර සිටීම ආදිය පිළිබඳව වේදනාවකින් පසුවේ. සිය නිදහස දැඩි ලෙස සීමා වූ, පීඩිත ජීවිතයක් ගෙවන මිනිසුන් එය කඩාගෙන එළියට පනින්නේ කෙසේ දැයි හුස්ම වැටෙනා සෑම මොහොතකම සිතනවා ඇතැයි මට ද දැන් ප්‍රත්‍යක්ෂ වී තිබේ. එවන් මිනිසුන්ට නිදහස දෙන්නම් යැයි කියා ඔවුන්ව කැරැල්ලකට එක් කරගැනීම ඉතා පහසු විය හැකිය. මතට හුරු වූ දුර්වල මනසවල් ඇත්ත උන් ද හිංසාවට නොබියවූ ගිණිඅවි වලින් ගිණිකෙළි දක්වන උන් ද රටේ සිදු වූ මහා අරගලයකින් පසු එහි නායකයන් යැයි කියන මාධ්‍ය සංදර්ශන මැද ප්‍රීතිඝෝශා මැද හිර ගෙදරට පැමිණි උන් ද දැන් එක් තැනක සිටී.

    කොළඹ අපරාධ කොට්ඨාසයේ ඉන්ස්පෙක්ටර් වරයා මාගේ චෝදනා ඉදිරිපත් කරන විට උසාවියට කියූ කරුණක් ද මට සිහිවූයේ ය. පොල්දූව මංසන්ධියේ සිදුවූයේ අනීතික රැස්වීමක් බවත්, මා එහි සමාජිකයෙකු බවත්, අනෙක් සාමාජිකයන් නොමැතිව මා පමණක් අත් අඩංගුවට ගත්තේ පුළුන්, පෙට්‍රෝල් සහ ගින්දර එකට තිබීමෙන් විශාල ගින්නක් හට ගෙන විනාශයක් සිදු විය හැකිව තිබූ නිසා බවත් ඔහු කියා සිටියේ ය. පිටු 22 කින් සමන්විත වූ ඒ දැවැන්ත B වාර්ථාවේ විස්තර අතර ඔහු ඒවාට කරුණු දක්වා තිබිණ.

    ජේලර් මහතා ද මේ බිය වී සිටින්නේ එවන් කරුණකට ය. මා පුළුන් ද , මා ගින්දර ද මා පෙට්‍රෝල් ද ඇයි මා නොදනිමි. එහෙත් ශ්‍රී ලංකාවේ මෙතෙක් පහළ වී නොතිබූ අවිහිංසාවාදී සාමකාමී ජන අරගලයේ මුහුණුවර තනන්නට , එහි හැඩතල නිර්මාණය කරන්නට අපි මැදිහත් බව දන්නා මිනිසුන් කොටසක් හෝ සිටින බව මා අදටත් විශ්වාස කරමි.

    පසු දා හවස් යාමයේ වතුසුද්ද ගහ සෙවණේ පැදුරක් එලා ගෙන , කාණුවේ දිය පහරේ රිද්මය අනුව පා සොළවමින්, රසබර වූ Basic Economics පොතේ පිටු අතර අතරමං වී සිටි මා හට දක්නට ලැබුනේ අල්ලපු වාට්ටුවේ රැඳවියෙකු වහලයක් මත නැග කෑ ගසමින් නිලධාරීන්ට අවනත නොවී යමක් දිනා ගැනීමට තනි අරගලයක් ආරම්භ කර ඇති බව යි. ඝෝෂාව වැඩි නිසාම දෝ මට ඔහුගේ ඉල්ලීම් කිසිවක් පැහැදිලිව නොඇසෙයි. එය ආසන්නයට ගියොතින් එයට මාගේ සම්බන්ධයක් ඇතැයි සිතාවි යැයි හිතට බියක් ඇති වුණ බැවින්, තවත් ගැඹුරට මා පොත තුලට ගිලී ගියේමි. එළියේ අරගල කර හිරේ ආවාට, හිරේ අරගල කිරීමෙන් කොහේ යන්නේ දැයි මා නොදනී. එහෙත් , මේ තත්ත්වය තවත් වේදනාකාරී කර ගැනීමට මනස සූදානම් නැත. පැය කීපයක ඇවෑමෙන් තත්ත්වය පහව ගොස් තිබිණ.

    පැතුම් කර්නර්
     
    • Dislike
    Reactions: rasidass

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    Pachum-2.gif
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම කලින්ම කීවෙ මූව හිරේ දැම්මොත් මැන්ඩෙලා කියල හිතාගෙන එලියට එන්නෙ කියල 😅
    මැසේජ් එකක් දාලා අහගන්න්න
     
    • Dislike
    Reactions: rasidass

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    මම කලින්ම කීවෙ මූව හිරේ දැම්මොත් මැන්ඩෙලා කියල හිතාගෙන එලියට එන්නෙ කියල 😅
    රටක් විදියට අපිට වැරදුනේ මූව හිරේ දාපු එකෙන්..
     
    • Haha
    Reactions: zid2021

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සමහරු හිතන්නේ හිර ගෙවල් කියන්නේ ලිංගික සම්බන්ධතා පමණක් තියන තැන. ගුද සංසර්ගය බහුලව සිදුවෙන තැන් කියලා. ගුද සංසර්ගයේ යෙදෙන්න හිර ගෙදරටම යන්න ඕනද. සමාජය දිහා වෙන විදියකට බලන්න. එවිට ලෝකය සුන්දර ලෙස පෙනේවි
     
    • Dislike
    Reactions: rasidass

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,123
    5,773
    113
    සමහරු හිතන්නේ හිර ගෙවල් කියන්නේ ලිංගික සම්බන්ධතා පමණක් තියන තැන. ගුද සංසර්ගය බහුලව සිදුවෙන තැන් කියලා. ගුද සංසර්ගයේ යෙදෙන්න හිර ගෙදරටම යන්න ඕනද. සමාජය දිහා වෙන විදියකට බලන්න. එවිට ලෝකය සුන්දර ලෙස පෙනේවි

    hitagenada?
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම කලින්ම කීවෙ මූව හිරේ දැම්මොත් මැන්ඩෙලා කියල හිතාගෙන එලියට එන්නෙ කියල 😅
    මූ වැඩි කාලයක් ඇතුලේ තියපු නැති ඒක හොඳයි නේද බන් :baffled:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ගමෙත් කැරියා
    ඉස්කෝලෙත් කැරියා
    මෙඩිකල් එකෙත් කැරියා
    ආමි එකේ කැරි ඩොකා
    සෝශල් මීඩියා කැරියා
    හිරේ දාලා , උගේ කැරි ගතිය වැඩි වෙන එක විතරයි වෙන්නේ

    පස්සේ කාලෙක , පාඨලී වගේ පට්ටම කැරියෙක් වෙයි.

    සමහර විට බලයත් අල්ලයි.

    කැරියා කිව්වේ , ඕනේ එහෙකට රෙඩි, කාටවත් ඔලුව නවන්නේ නැති එකට මිසක් බලු වැඩ වලට නෙවේ.
     
    • Like
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගමෙත් කැරියා
    ඉස්කෝලෙත් කැරියා
    මෙඩිකල් එකෙත් කැරියා
    ආමි එකේ කැරි ඩොකා
    සෝශල් මීඩියා කැරියා
    හිරේ දාලා , උගේ කැරි ගතිය වැඩි වෙන එක විතරයි වෙන්නේ

    පස්සේ කාලෙක , පාඨලී වගේ පට්ටම කැරියෙක් වෙයි.

    සමහර විට බලයත් අල්ලයි.

    කැරියා කිව්වේ , ඕනේ එහෙකට රෙඩි, කාටවත් ඔලුව නවන්නේ නැති එකට මිසක් බලු වැඩ වලට නෙවේ.
    ඒක වැඩි ඈතක නෙමේ
     
    • Dislike
    Reactions: rasidass