හිල්ටන් එකේ ඇත්ත කතාව

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    පහුගිය දවස් දෙක තුනේ FB එකේ වීඩියෝ එකක් සෑහෙන්න වෛරල් උනා කොළඹ හිල්ටන් එක ගැන.
    ඒකෙන් කියවුනේ රාජ්‍ය ආයතන විකිණීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ කොළඹ හිල්ටන් හෝටලය හෙවත් Hotel Developers(Lanka) Ltd ආයතනය ඩොලර් මිලියන 124 කට පසුගිය වසරේ තක්සේරු කර , මේ වසරේ ඩොලර් මිලියන 55 කට තක්සේරු කර , ඊටත් වඩා බෙහෙවින් අඩු ඩොලර් මිලියන 41 කට මෙල්වා ආයතනයට විකිණීමට සැලසුම් කර ඇති බවයි.
    මේ නිවුස් එක දැක්ක ගමන් මගේ මුලින්ම අවධානය ගියේ ගිය වසරේ තක්සේරු වටිනාකම යැයි කියන ඩොලර් මිලියන 124 ක මුදල හෙවත් රුපියල් බිලියන 38ක මුදලට. ඒකට හේතුව එක හෝටලයක් පමණක් අයිති Hotel Developers(Lanka) Ltd කොම්පැනිය එතරම් ඉහළ මිලකට තක්සේරු කිරීම පුදුම සහගත නිසා. ( Hilton weerawila, Hilton yala වගේ හොටෙල් දැනටමත් මෙල්වා ආයතනයට අයිති‍යි)
    සංසන්දනාත්මකව කියනවනම් ලංකාවේ ප්‍රධානම හොටෙල් ජාල වෙන්නෙ John Keels Hotel හා Aitkence Spence Hotel ජාලයන්. ඒවායෙත් කොටස් වෙළඳපළ වටිනාකම් වන්නේ පිළිවෙළින් බිලියන 24 ක් හා බිලියන 20 ක්.
    මං ඊට පස්සේ හිල්ටන් එකේ විගණනය කළ මූල්‍ය වාර්තා(Audited Financial Report) අරන් බැලුවා. 2023/2024 වාර්තාවට අනුව හිල්ටන් කම්පැනියෙ ශුද්ධ වත්කම් වටිනාකම (net assest value) රුපියල් බිලියන 12.2 ක් හෙවත් ඩොලර් මිලියන 40 ක්.
    ඊළඟට ඒ වීඩියෝ එකේ තිබුන අක්කර හතක ඉඩමක් හෝටලය සමග කුණුකොල්ලෙට විකිණෙන බව. ඒත් ඇත්තටම විකිණීමට ඇත්තේ හිල්ටන් හෝටලය පිහිටා ඇති අක්කර 4.6 ක ඉඩම. අනිත් අක්කර 1.9 ක ඉඩම වෙනම රුපියල් බිලියන 4.4 ක් හෙවත් ඩොලර් මිලියන 14 ක් ගෙවා ගත යුතු වෙනවා.
    ඒ විතරක් නෙමේ , income statements බැලුවම පැහැදිලිව පෙනෙනවා පසුගිය වසර කිහිපයේම හිල්ටන් හෝටලය දැවැන්ත පාඩු ලබා ඇති බව. (අනෙකුත් කළම්බු සිටී හොටෙල් ද එසේමයි) ඒකට එක හේතුවක් කොරෝනා හා රටේ ආර්ථික අර්බුදයය නිසා විදෙස් සංචාරකයන්ගේ අඩු පැමිණීම. අනික් හේතුව හෝටල් පවත්වා ගැනීමට ලබාගත් විශාල ණය නිසා ගෙවීමට සිදුවී ඇති අධික පොලී මුදල්(finance cost). ඊට අමතරව කොළඹ හොටෙල් සඳහා රජය විසින් පැනවූ කාමර සඳහා අවම මුදල(Minimum room rate) යන අනුවණ තීරණයද කොළඹ හොටෙල් වල පසුගිය වසරේ අලාභයන් සඳහා හේතු වී තිබෙනවා.( කොළඹින් පිට හෝටල් වල සාපේක්ෂව හොඳ වර්ධනයන් පෙන්නුම් කරනවා)
    ඒ විතරක් නෙමෙයි අදාල වීඩියෝ එකේ කියනවා දැන් හිල්ටන් හෝටලය තරු 7 හෝටලයක් කියලා.
    ඒකත් වැරදියි. තාමත් හිල්ටන් හෝටලය තරු 5 හෝටලයක්.
    ඊට අමතරව කොටස් වෙළඳපළේ ලයිස්තු ගත හෝටල් බොහොමයක් කොටස් වර්තමානයේදී කොටස් වෙළඳපොලේ විකිණෙන්නේ ශුද්ධ වත්කම් වටිනාකමට වඩා බෙහෙවින් අඩු මුදලකට. ඒ කියන්නේ price to book value එක 1 ට වඩා සැලකිය යුතු ලෙස අඩුයි. පසුගිය වසරේ සිදු කළ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයෙන් පසු විශාල ලෙස ඉහළ ගිය හොටේල් කොටස්වල මිල දැන් බෙහෙවින් පහතට වැටී තිබෙනවා. ( මගේ අනුමානය තවත් පහළට වැටෙයි යන්නයි) එකලට සාපේක්ෂව 20% වඩා අඩු මිලකට එම කොටස් වර්තමානයේදී මිලට ගන්න පුළුවන්.
    හිල්ටන් හෝටලය ඩොලර් මිලියන 124 කට තක්සේරු කර ඇතැයි යන කතාව කොහෙන් ආවේ දැයි සෙවූ විට එය ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ සහෝදරයා විසින් පළමුවෙන්ම සිදුකළ ප්‍රකාශයක් බව පෙනී යනවා. වෙන කිසිම මූලාශ්‍රයක් හෝ රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ(GHV) වාර්තාවක් සොයාගන්න මට බැරි වුණා. කවුරුන් හෝ ගාව එවැනි වාර්තාවක් තිබේ නම් කරුණාකර එවන්න.
    සියලුම අදාළ වාර්තා පහත ඡායාරූප වල දැක්වෙනවා. වෛරල් උන වීඩියෝවද පල්ලෙහා කමෙන්ට් එකක දාන්නම්.

    1724767612870.png

    1724767631674.png



    https://www.facebook.com/share/p/MxSxj3kskurwtDgx/
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    තව පෝයයි මයෙ අම්ම. ඉවසල ඉදපන්. සහෝදරවරු මේක රොක් කරල ගන්නකම්
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    meka itin duwanna puluwanne hodata GP ekath 42% maintain wela PP&E additional 4.6 vtra. ekama de ara payment issue karanna inna aunty retire karana eka tama e kale idan inne :D
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Wapara wasantha didn't state that Hilton is now a seven-star hotel. He remarked that the government spent 15 million USD on renovating the hotel to meet 7-star hotel standards :yes:
     
    • Like
    Reactions: kinkon