හිසට සිතට සෙවන සදන අපූරු ‘මහත්මයා’

hi90

Member
Nov 24, 2007
217
48
0
හිසට සිතට සෙවන සදන අපූරු ‘මහත්මයා’

තම රට මෙන්ම විදේශිය රටවලද ජීවත්වන අපේ රටේ ධනපතියන් විශාල වශයෙන් සිටිති.නමුත් ඔවුන්ගේ මෙන්ම දරුවන්ගේද උපන්දින සමරන්නේ මත්පැන් සාද වලිනි. නැත්නම් වෙනත් රටවල සංචාරය කරමින් තමන්ගේ මුදල් නාස්ති වන අයුරින්ය. ඒසේ නොකර අපේ රටේ ජීවත් වන අහිංසක පවුල් වෙනුවෙන් ඔවුන්ට වුදව් උපකාර කරන අයද සිටී. දිනපතා ලක්බිම දිනපතා බලා ඒ හරහා අපේ රටේ මිනිසුන්ට උදව් කරන අපූරු මිනිසෙකු ගැන මේ සටහන තබමු.දැනට ඕස්ටේලියාවේ රැකියාවක නියුතු ශ්‍රී ලාංකික දානපතියෙකු විසින් ඔහුගේ50වැනි ජන්ම දිනය නිමිත්තෙන් නිවාස නොමැති අසරණ පවුල් දෙකක් අංග සම්පුර්ණ නිවාස දෙකක් සාදා දී ඇත.තවත් නිවසක වහලය සඳහා තහඩු සෙවිලි කර දී ඇත.මෙවර ජනවාරියේ පාසල් යන දරුවන් 50ක් වෙනුවෙන් පාවහන් ප්‍රදානය කිරීමද සිදුකර ඇත.

house2.png

තොරණෙගෙදර කිරිමැටියාවේ පදිංචි අසරණ පවුලක් පිළිබඳව අපි මීටි පෙර ලක්බිම online හී මෙන්ම ලක්බිම පුවත්පතේද ලිපියක් පළ කළෙමු. කිරිමැටියාව සුමනසාර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවියක් ඇගේ මව සහ නැගණියත් කඩා වැටීමට ආසන්නව තිබූ එම පවුලේ පැල්පත ජීවත්වන අයුරු එම ලිපියේ විණි.ඒ ලිපිය දුටු මෙම දානපතියා එම පැල්පත වෙනුවට නව නිවසක් ඉදිකර දීමට කටයුතු කළේය.ඉන් නොනැවතුනු ඒ මහතා මතුගම මැද්දෙගෙදර වත්තෙ පදිංචි වී සිටින එම් කාලි අම්මා සහ ඇගේ පාසල් යන දරුවන් තිදෙනා වෙනුවෙන් ඉටිරෙදි ගසා තිබූ කූඩාරම වෙනුවට නව නිවසක් ඉදිකැර දීමට කටයුතු කළේය.එම නව නිවස ඉකුත් සිකුරාදා(17) දින ඒ මහතාගේ උපන් දිනය දා විවෘත කිරීම සිදුවිය.

එමෙන්ම කටුපොත දෙබරවැව පදිංචි ආර්.පී.දයානි රේණුකා විජේරත්න සහ ඇගේ පාසල් යන වයසේ දරුවන් දෙදෙනා සහ කුඩා අත දරුවා වෙනුවෙන් කඩා වැටීමට ආසන්නව තිබූ නිවසට තහඩු සෙවිලි කර දෙන්නට ඒ මහතා සිය ධනය වෙන්කරනු ලැබීය. මේ අතර 2014 වසරේ කටුපොත ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 50වෙනුවෙන් ඒ මහතා පාවහන් ප්‍රදානය කිරීම කටුපොත බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදුකරන ලදී.
කුඩා ප්‍රජා සත්කාරයක් කළ පමණින් ලක්ෂ ගනං වැය කොට උත්සව පවත්වන,එමෙන්ම මාධ්‍ය හරහා සිය නම ප්‍රචාරය කරගන්නට වෑයම් කරන බොහෝ ඇත්තන්ට වඩා මේ උතුම් මිනිසා‍ කරන මෙහෙවර ශේෂ්ඨ වන්නේ කිසිදු විටෙක සිය නමවත් මාධ්‍ය තුළ ප්‍රචාරය වනවා දකින්නට තරම්වත් ලාභ අපේක්ෂාවක් ඒ මහතා තුළ නොවීමය.උදක්ම අසරණ මිනිසුන්ට හෝ පවුලකට ජීවත් වෙන්නට සවියක් වීම උදෙසා ඒ මහතා සිය පවුලද සමඟ වෑයමක යෙදේ. :):)

කේ.ඒ.ජයසූරිය - පඩුවස්නුවර

උපුටා ගැනීම - www.lakbima.lk/

යාලුවනේ මගේ මේ Post එක එලකිරි එකේ දාන පලවෙනි post එක. ඔයාලා මගේ post එක බලල sup එකක් විදියට comment එකක් දාලා යන්න ;);););)
 

Attachments

  • house1.jpg
    house1.jpg
    75.1 KB · Views: 34
  • house3.jpg
    house3.jpg
    78.3 KB · Views: 35
Last edited:

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳ මනුස්සයෙක් වගේම හොඳ ත්‍රෙඩ් එකක් මචෝ...:D

    දිගටම හොඳ ත්‍රෙඩ් දාන්න.:cool: