හිසේරදේ-headache

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    වෛද්‍ය මාලිකා ජයසූරිය ගාල්ල, මහනුවර රෝහල්වල සේවය කිරීමෙන් අනතුරුව, කොළඹ ජාතික රෝහ‍ලේ ළමා මානසික සායනයේ සේවය කළ අයෙකි. ඉන්පසුව ඇමෙරිකාව බලා පිටත් වූ ඇය Baylor College of Medicine ආයතනයෙන් කායික පුනරුත්ථාපන විශේෂඥ වෛද්‍ය උපාධිය ලැබුවාය. ඈ මේ වන විට ඇමෙරිකාවේ ලස්වේගාස් නගරයේ පිහිටි හෙල්ත් සවුත් පුනරුත්ථාපන රෝහ‍ලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.
    බොහෝ දෙනෙකු අතර සුලබව දක්නට ලැබෙන තවත් ප්‍රබල වේදනාවක් ලෙස හිසේ කැක්කුම සැලකිය හැකිය. මෙය සමහරුන් විසින් හඳුන්වනු ලබන්නේ ඉසරුදාව ලෙසිනි.
    හිසේ කුක්කුම හෙවත් ඉසරුදාව (Headache) කොටස් දෙකකට බෙදිය හැකිය. ඒ ප්‍රාථමික (primary) සහ ද්විතීය (Secondary) යනුවෙනි.
    ප්‍රාථමික හිසේ කැක්කුමකදී ගැටලුව වන්නේ හිසේ කැක්කුමය. ද්විතීය හිස රුදාවකදී හිසේ වේදනාව ඇතිවන්නේ වෙනත් හේතුවකටය. නිදසුනක් ලෙස මොළයේ පිළිකාවක් ඇති වූ විටෙකදී හිසේ කැක්කුමක් ඇතිවීම දැක්විය හැකිය.
    අප මෙහිදී සාකච්ඡා කරන්නේ ප්‍රාථමික හිසේ කැක්කුම පිළිබඳව පමණි. ප්‍රාථමික හිසේ කැක්කුමද දෙයාකාරයකින් පවතී. වඩාත්ම බහුලව දැකිය හැකි වන්නේ ආතතිය වර්ගයේ හිසේ කැක්කුමය. (Tension- Type Headache) ප්‍රාථමික හිසේ කැක්කුමේ දෙවැන්න ඉරුවාරදය හෙවත් මිග්රේන් (Migraine) යන්නය. වසරකදී 40කට පමණ අලුතෙන් ආතති හිසේ කැක්කුම හට ගනී. ගැහැනු පිරිමි දෙපක්ෂයටම මෙය ඇති වුවද වැඩිපුර හට ගන්නේ ගැහැනු පක්ෂයට වීම විශේෂයකි. හිසේ කැක්කුම ‍පොදුවේ සෑම වයසකදීම ඇති වුවද වැඩිපුර වැළඳෙන්නේ මැදි වයසේදීය. ඉරුවාරදයේදී තරමටම රෝගියා දුර්වල තත්ත්වයට පත් නොවුවද මෙය නිතර බහුලව ඇතිවන නිසා ඉරුවාරදයටත් වැඩියෙන් සමාජයට බලපෑ හැකිය.

    ආතති හිසේ කැක්කුම හඳුනාගැනීම
    නිතර නිතර ඇතිවන ආතති වර්ගයේ හිසේ කැක්කුම වෙනත් රෝග ලක්ෂණ නොමැතිව හට ගනී.
    * කැක්කුම හිසේ දෙපැත්තේම ඇතිවේ (Bilateral pain)
    * තද වන කකියන වේදනාවකි.
    * සුළු හෝ මධ්‍යම ප්‍රමාණයේ වේදනාවකි. (Mild or moderate)
    * සාමාන්‍ය ඉරියව් හෝ කාර්යයක නිරත වීමේ දී (Physical activity) වේදනාවේ ප්‍රමාණය වෙනස් නොවේ.
    * හිස ඉදිරිපස දෙපැත්ත (Bi Frontal), හිස පිටුපස දෙපැත්ත (Bi occipital) හෝ හිස හරි මැද තීරය වේදනා හටගන්නා ස්ථාන ලෙස දැක්විය හැකිය. තද කරන්නා වැනි වූ , ඉතා තද තොප්පියක් දැම්මා වූ වේදනාවක් ලෙස සමහර රෝගීහු මෙම හිසේ කැක්කුම විස්තර කරති.
    * වේදනාව විනාඩි 30ක සිට දින කීපයක් දක්වා පැවතිය හැකිය. නමුත් බහුලව පැය කීපයකට සීමාවේ. හැදෙන වාර ගණන මාසයකට දින 15 කට අඩුවෙනි. නමුත් මෙයද නිදන් ගත රෝගයක් වූ විට එය දින 15කට වැඩියෙන් ඇතිවිය හැකිය.
    ආතති හිසේ කැක්කුම සහ ඉරුවාරදය වෙන් කර හඳුනාගත හැකිය.

    ඉරුවාරදය හෙවත් මිග්රේන්
    * හිසේ එක පැත්තකින් ඇති වේ. (Uni-lateral)
    * අනින, ගැහෙන වේදනාවකි. (Throbbing/pulsatile)
    * මධ්‍යම සිට ඉතා තද වේදනාවකි (Moderate to severe)
    * ශාරීරික ක්‍රියාකාරකම්වලදී වැඩිවේ. (උදා:- පඩි පේළියක් නැගීම)

    ආතති වර්ගයේ හිසේ කැක්කුම
    * දෙපැත්තෙන්ම ඇතිවේ. (Bi-lateral)
    * මිරිකන , තද කරන වේදනාවකි. (Squeezing/pressure)
    * සුළුවෙන් හෝ මධ්‍යම ප්‍රමාණයකට ඇතිවේ. (Mild to moderate)
    * ශාරීරික ක්‍රියාකාරකම් නිසා වෙනසක් සිදු නොවේ.

    මීට අමතරව ආතති හිසේ කැක්කුම ඉරුවාරදය මෙන් වෙන රෝග ලක්ෂණ සමග සම්බන්ධ නොවේ. එනම් ඉරුවාරදයේ දී රෝගියාට ආලෝකය දෙස බැලීම අපහසුය. එවිට ඇස්වලට තදබල අපහසුතාවක් දැනෙයි. විවිධ ශබ්ද ඇසීමද කරදරයක් සේ දැනේ. ශබ්ද ඇසෙන විට සිතට දැඩි නොරිස්සුම් ස්වාභාවයක් දැනේ. වමනය ඔක්කාරය ඇතිවේ.
    එහෙත් ආතති හිසේ කැක්කුමේ දී මෙවැනි රෝග ලක්ෂණ ඇති වන්නේ නැත.
    හිසේ කැක්කුම පරම්පරාවෙන් පරම්පරාවට නොයයි. මානසික පීඩනය, මානසික ආබාධ, හක්කේ අමාරු සහ ඇතැම් වේදනානාශක ඖෂධ වැඩි වශයෙන් භාවිත කිරීම යන කරුණු හිසේ කැක්කුම ඇති කිරීමට මෙන්ම වැඩි කිරීමටද හේතුවේ. එහෙත් හිසේ කැක්කුම වැඩි වශයෙන් ඇති වන්නේ මානසික පීඩනය නිසාය. කැෆේන් අඩංගු බිම (තේ,කෝපි) බහුලව පාවිච්චි කරන කෙනෙකු එක්වරම එම පානයන් නතර කිරීමෙන් ද මෙම හිසරුදාව ඇතිවිය හැකිය.
    හිසේ කැක්කුමට ප්‍රතිකාර කිරීමේ දී මානසික පීඩනය නැති කිරීම ප්‍රධාන වේ. එනම් සිත එකඟ කර ගැනීම සඳහා භාවිතා කිරීම, සිත සැහැල්ලු කිරීමේ ක්‍රම තුළින් මනස සන්සුන්ව තබා ගැනීමෙන් හිසරදය සුව කළ හැකිය.
    ඊට අමතරව ගෙල ප්‍රදේශයට උණුසුම් කළ සිසිල් උපකාරක යොදා ගැනීමෙන්ද විශේෂ කොට්ට (Cervical pillow) භාවිත කිරීමෙන් ද අල්ට්‍රා සවුන්ඩ් වැනි ක්‍රම මගින් ද හිසේ කැක්කුම සුව කර ගත හැකිය. ඇස්ප්‍රින් , පැරසිටමෝල් වැනි ඖෂධ හිසේ කැක්කුම සුවපත් කර ගැනීමට බහුලව භාවිත කෙරේ. එහෙත් වේදනා නාශක බෙහෙත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර භාවිත කිරීමෙන් වේදනාව අඩුවීම වෙනුවට වේදනාව වැඩි විය හැකිය. (Rebound Headaches) දින 2-3 කට වඩා වැඩියෙන් වේදනා නාශක ඖෂධ පාවිච්චි කිරීම සුදුසු නැත. කෝපි හෝ තේ පානය සමග හිසේ කැක්කුම සඳහා බෙහෙත් පාවිච්චි කිරීමෙන් අඩු බෙහෙත් ප්‍රමාණයකින් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකිය.
    නිතර නිතර හිසේ කැක්කුම ඇති වේ නම් Anti-depressant ඖෂධයක් ඉතා සුළු මාත්‍රාවකින් වෛද්‍ය උපදෙස් අනුව පාවිච්චි කිරීම සුදුසුය. එහෙත් එය පාවිච්චි කළ යුත්තේ හිසේ කැක්කුම නිතර නිතර මාසයකට දින 15 ක් වත් වැළඳෙන රෝගීන් සඳහාය.
    එහෙත් ඉරුවාරදය හෙවත් මිග්රේන් රෝගය සඳහා වෛද්‍ය උපදෙස් අනුව කලක් නොකඩවා ප්‍රතිකාර කළ යුතුය. ඉරුවාරදය නිට්ටාවට සුව කළ නොහැකි නමුත් භයානක රෝගයක් නොවේ.
    තද අව්වේ යෑම, වැඩි වේලාවක් කුසගින්නේ සිටීම, චොකලට්, චීස් වැනි ආහාර ගැනීම, තදබල සිත් වේදනාවන්ට පත්වීම යනාදී ඉරුවාරදය වැළඳීමට හේතුවන කරුණුවලින් හැකිතාක් වැළකීමෙන් රෝගය වැළඳීම අඩු කර ගත හැකිය.

    හර්ෂා සුගතදාස 13.06.2013 Lakbima



    repost nam very sorry wenda oney :yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware