හීත් ස්ට්‍රික් ජීවතුන් අතර

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සිම්බාබ්වේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක හීත් ස්ට්‍රික් මිය ගිය බවට පැතිර ගිය පුවතකින් ක්‍රීඩා ක්ෂේත්‍රයම අද උදෑසන කනගාටුවට පත්වුණත් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව පසුව අනාවරණ වී තිබුණි.

    සිම්බාබ්වෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන හීත් ස්ට්‍රික් පිළිකා රෝගයකින් පීඩාවිඳින අතර ඔහු මියගිය බවට පුවතක් ජාත්‍යන්තර ක්‍රීඩා වෙබ් අඩවි ඇතුළුව ජාත්‍යන්තර මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණි.

    ඒ, සිම්බාබ්වේ හිටපු වේගපන්දු යවන්නෙක් වන හෙන්රි ඔලොන්ගා හීත් ස්ට්‍රික්ගේ මරණය පිළිබඳ ශෝකය සටහන් කර තිබූ එක්ස් පණිවුඩයක් උපුටා ගනිමිනි.

    කෙසේවෙතත් එම පුවත වාර්තා කර පැය කිහිපයකට පසු හෙන්රි ඔලොන්ගා සිය එක්ස් ගිණුමේ පළකර තිබූ පළමු පණිවුඩය ඉවත් කරමින් සඳහන් කර තිබුණේ හීත් ස්ට්‍රික් මියගිය බවට පැතිර ගිය කටකතා අසත්‍ය බවය.

    වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ හීත් ස්ට්‍රික් තමා සමග අදහස් හුවමාරු කරගනිමින් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව තහවුරු කළේ යැයි හෙන්රි ඔලොන්ගා සඳහන් කර තිබුණි.

    ඔලොන්ගා ඔහුගේ එක්ස් පණිවුඩයට හීත් ස්ට්‍රික් තමා වෙත එවූ වට්ස්සැප් පණිවුඩයද අමුණා තිබුණි.