හීනෙන් දැක්කේ ආවේනිකව බය ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    වෙලාව රෑ 9ට වගේ ඇති. තරුණ ගෑණු කෙනෙක් සාලේ වාඩි වෙලා අම්මත් එක්ක කතා කර කර හිටියා. සුදු ගවුමක් ඇදලා. මතකේ විදියට ප්‍රියමනාප පෙනුමක් තිබුණ කෙනෙක්. ටිකකින් අම්මා ගේ ඇතුලට ගියා. ඔය අතරේ මගෙන් මේ ගෑණුකෙනා වතුර එකක් ඉල්ලුවා. මම කුස්සියට ගිහින් වතුර එකක් අරන් සාලෙට එනකොට අම්මත් ආයේ සාලෙට ඇවිත් හිටියා. මම වතුර එක දෙන්න ළඟට යනකොටම ඒ ගෑණුකෙනා හිට ගත්තා. ඒත් එක්කම මේ ගෑණු කෙනාගේ ඇස් ලොකු වෙලා භයානක පෙනුමක් තියෙන කෙනෙක් ( අපි සාමාන්‍යයෙන් film වල දකින යක්ෂණියක් වගේ) බවට පත් වුණා. මේක දැනට අවුරුදු දයකට විතර කලින් මම දැකපු හීනයක්. හැබැයි අදටත් ඒ මූණේ භයානකකමට බය වුන තරම් බයවිල්ලක් වෙන කිසිම film එකක photo එකක මූණකට බය වෙලා නෑ. ඒ මූණ ඒ තරම් භයානක එකක් විදියට මතකේ තියෙන්නේ. මේකෙදී මෙහෙම වෙන්න හේතුව විදියට මට හිතුන කාරණා දෙකක් තියෙනවා.

    1.එක්කෝ මේක ඇත්තම සිද්ධියක් විදියට මොලේට තාවකාලිකව හරි වරදවා තේරුම් ගිහින් ඒ බය ඇති වෙලා තියෙනවා.

    2.එක්කෝ මගේ මොලයේ ආවේනික භයට හරියටම සෙට්වෙන මාව හොඳටම බයවෙන පෙනුම මොලෙන්ම හීනයක් විදියට මට පෙන්නලා තියෙනවා.

    හීනයක් වුණ නිසා අවුලක් නොවුනට හිතා ගන්න පුළුවන් ද ඔය දෙවනියට කියපු හේතුව ඇත්ත ජීවිතේට කරන්න පුළුවන් පට්ට අවුල මොකක් ද කියලා?

    ඔයාගේ ආවේනික බය ආසාව වගේ දේවල් වලට සෙට් වෙන දෙයක් ඇත්ත සමාජේ ඔයාට දරාගන්න බැරි වෙලාවක සෙට් වුනොත් ඒක ඔයාට අනිවාර්යයෙන්ම ලොකු බලපෑමක් ඇති කරනවා. හිතන්න කෙනෙක් ඔයාගේ ආවේනික බය නැත්තන් ආවේනික ආශාවක් වගේ දෙයක් හරියටම දැනගත්තා කියලා(එහෙම මීටරේ තියෙන ඩයල් ඉන්න පුළුවන්. දේශපාලකයෝ වගේ 😂).පොරට පුළුවන් ඔයාව යම්තාක් දුරකට පාලනය කර ගන්න. ඒ වගේම අහම්යකින් ඔය වගේ ආවේනික බයකට ආශාවකට අහුවුන කෙනෙක් අමාරුවේ වැටෙන්නත් ඉඩක් තියෙනවා.
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    හීන නම් දකින්න පුළුවන් හැම විදියකම ඒවා දැන් දැකලා තියෙන්නෙ. :rofl:

    "ආවේනික බය, ආසාව" මේක හොඳ කතාබහකට ගැළපෙන මාතෘකාවක් වගෙ. මං හිතන්නෙ ඔය යක්කු වැහෙනවා කියන මිනිස්සුන්ට ඒක වෙනවා ඇත්තේ මේ විදියට ආවේනික බය ඉස්මතු වීමක් නිසා වෙන්න පුළුවන්. ඒ බයටම හොඳ සිහිය නැති වෙලා අමුතුවට හැසිරෙන්න ගන්නවා. ශාප කිරීම් වගේ දේවලදී ඒ විදියටම ඒක වුනා කියන අවස්ථා තියනවනෙ. ඔය කියන විදියේ ආවේනික බයක් තියෙන කෙනෙක්ට ශාපය කියලා ඒ බය හඳුන්වලා දීලා නොදැනීම ඒ තත්ත්වෙට පත්වෙන්න පෙළඹවීමක් කරනවා වෙන්න පුළුවන්. ජ්‍යෝතිෂ්‍ය, ගුප්ත ශාස්ත්‍ර වලදිත් මං හිතන්නෙ මේක පාවිච්චි වෙනවා.
     
    ඔව්. ඔය වගේ ගොඩක් දේවල්වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා මටත් හිතෙන්නේ.
     
    • Like
    Reactions: s.p.n

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    d886fffd0dd4d35eefdd93b12559952b.jpg
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    Dilann කියන එකාගෙ ෆේක් එකක් නේද උඹ😂
    මම රියල් මේකේ ෆේක් නමකින් හිටියට. ළගදී ජොයින් වුණේ. ඇයි පොර මොනව ද කියලා තියෙන්නේ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේ මට ලඟදි වෙච්ච පොඩි සිද්දියක්, මේ වගේ සීන් තව කාට හරි වෙලා තියෙනවද කියල සර්ච් පාරක් දානකොට තමයි මේ නූල හම්බවුණේ...
    මේ කතාව, මේ නූලත් එක්ක ලොකු සම්බන්ධෙකුත් නෑ...

    අපේ ගෙදර ඉඳන් රේල්පාරට කි.මී 1කට වඩා ටිකක් වැඩි දුරක් තියෙනව.

    වෙන සද්ද බද්ද අඩු වෙලාවට කෝච්චි යන සද්දෙ ගෙදරට ඇහෙනව.
    පෙරේද පාන්දර 2.55ට විතර කෝච්චියෙ හෝන් සද්දෙට ඇහැරුණා. කවදාවත් රෑ ජාමෙට මීටකලින් ඒ වගේ දිගට හෝන් කරල නෑ. තප්පර 10ක් විතර එක දිගට නලාව පිම්බ... ඒ වගේම දිගට තුන් පාරක් හෝන් කරල කෝච්චිය නැවැත්තුව. ආයෙමත් එන්ජිම රේස් කරල කෝච්චිය අද්දන සද්දෙ ඇහුනෙ 3.10ට කිට්ටු කරල.
    දැන් මට හිතෙන්නෙම කවුරුහරි කෝච්චියට පැන්න කියල. ඔය සිතිවිල්ල එක්ක එතනින් එහාට එළි වෙනකල් නින්ද ගියේම නෑ...

    පස්සෙ කිරියෙ පැත්තෙ රවුමක් දාල ඒ සිද්දිය අමතක කරන්න ට්‍රයි එකක් දුන්න. හරි ගියේ නෑ...

    පහුවදාත් හිතට හෙන අවුල්. ලඟ නෑයෙක් මැරුන වෙලාවකවත්, ඔච්චර අවුලක් දැනිල නෑ...

    මට අවුල තියෙන්නෙ, දැකලවත් නැති මනුස්සයෙක් හෝ සතෙක් කෝච්චියට පැන්න කියල හිතෙන සැකේට විතරක්, එච්චරට මාව සංවේදී වුණේ කොහොමද කියන එක....
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934

    ඉතින් ඒ පැත්තට ගිහිල්ලා බැලුවේ නැද්ද මොකවත් වෙලා ද කියලා?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉතින් ඒ පැත්තට ගිහිල්ලා බැලුවේ නැද්ද මොකවත් වෙලා ද කියලා?
    එවෙලෙ රෑනං යන්නත් හිතුණ. ගෙදරට කිය කිය රෑ තිස්සෙ යන එක කචල් හින්ද හිටිය...

    උදේ වරුවෙ, අබිලිං වගේ ගිහින් ස්ටේශන් එකෙන් අහන්නයැ...
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මේ මට ලඟදි වෙච්ච පොඩි සිද්දියක්, මේ වගේ සීන් තව කාට හරි වෙලා තියෙනවද කියල සර්ච් පාරක් දානකොට තමයි මේ නූල හම්බවුණේ...
    මේ කතාව, මේ නූලත් එක්ක ලොකු සම්බන්ධෙකුත් නෑ...

    අපේ ගෙදර ඉඳන් රේල්පාරට කි.මී 1කට වඩා ටිකක් වැඩි දුරක් තියෙනව.

    වෙන සද්ද බද්ද අඩු වෙලාවට කෝච්චි යන සද්දෙ ගෙදරට ඇහෙනව.
    පෙරේද පාන්දර 2.55ට විතර කෝච්චියෙ හෝන් සද්දෙට ඇහැරුණා. කවදාවත් රෑ ජාමෙට මීටකලින් ඒ වගේ දිගට හෝන් කරල නෑ. තප්පර 10ක් විතර එක දිගට නලාව පිම්බ... ඒ වගේම දිගට තුන් පාරක් හෝන් කරල කෝච්චිය නැවැත්තුව. ආයෙමත් එන්ජිම රේස් කරල කෝච්චිය අද්දන සද්දෙ ඇහුනෙ 3.10ට කිට්ටු කරල.
    දැන් මට හිතෙන්නෙම කවුරුහරි කෝච්චියට පැන්න කියල. ඔය සිතිවිල්ල එක්ක එතනින් එහාට එළි වෙනකල් නින්ද ගියේම නෑ...

    පස්සෙ කිරියෙ පැත්තෙ රවුමක් දාල ඒ සිද්දිය අමතක කරන්න ට්‍රයි එකක් දුන්න. හරි ගියේ නෑ...

    පහුවදාත් හිතට හෙන අවුල්. ලඟ නෑයෙක් මැරුන වෙලාවකවත්, ඔච්චර අවුලක් දැනිල නෑ...

    මට අවුල තියෙන්නෙ, දැකලවත් නැති මනුස්සයෙක් හෝ සතෙක් කෝච්චියට පැන්න කියල හිතෙන සැකේට විතරක්, එච්චරට මාව සංවේදී වුණේ කොහොමද කියන එක....
    වෙන්නත් පුළුවන්. මිනිස්සුන්ට එහෙම සමහර දේවල් දැනෙනවා.

    ඔයා පේරා කැම්පස් ද
    නෑ බ්‍රෝ මම කැම්පස් සිලෙක්ට් නෑ
    ------ Post added on Jan 24, 2022 at 6:46 PM
     
    • Wow
    Reactions: PHBhagya