වෙලාව රෑ 9ට වගේ ඇති. තරුණ ගෑණු කෙනෙක් සාලේ වාඩි වෙලා අම්මත් එක්ක කතා කර කර හිටියා. සුදු ගවුමක් ඇදලා. මතකේ විදියට ප්‍රියමනාප පෙනුමක් තිබුණ කෙනෙක්. ටිකකින් අම්මා ගේ ඇතුලට ගියා. ඔය අතරේ මගෙන් මේ ගෑණුකෙනා වතුර එකක් ඉල්ලුවා. මම කුස්සියට ගිහින් වතුර එකක් අරන් සාලෙට එනකොට අම්මත් ආයේ සාලෙට ඇවිත් හිටියා. මම වතුර එක දෙන්න ළඟට යනකොටම ඒ ගෑණුකෙනා හිට ගත්තා. ඒත් එක්කම මේ ගෑණු කෙනාගේ ඇස් ලොකු වෙලා භයානක පෙනුමක් තියෙන කෙනෙක් ( අපි සාමාන්‍යයෙන් film වල දකින යක්ෂණියක් වගේ) බවට පත් වුණා. මේක දැනට අවුරුදු දයකට විතර කලින් මම දැකපු හීනයක්. හැබැයි අදටත් ඒ මූණේ භයානකකමට බය වුන තරම් බයවිල්ලක් වෙන කිසිම film එකක photo එකක මූණකට බය වෙලා නෑ. ඒ මූණ ඒ තරම් භයානක එකක් විදියට මතකේ තියෙන්නේ. මේකෙදී මෙහෙම වෙන්න හේතුව විදියට මට හිතුන කාරණා දෙකක් තියෙනවා.
1.එක්කෝ මේක ඇත්තම සිද්ධියක් විදියට මොලේට තාවකාලිකව හරි වරදවා තේරුම් ගිහින් ඒ බය ඇති වෙලා තියෙනවා.
2.එක්කෝ මගේ මොලයේ ආවේනික භයට හරියටම සෙට්වෙන මාව හොඳටම බයවෙන පෙනුම මොලෙන්ම හීනයක් විදියට මට පෙන්නලා තියෙනවා.
හීනයක් වුණ නිසා අවුලක් නොවුනට හිතා ගන්න පුළුවන් ද ඔය දෙවනියට කියපු හේතුව ඇත්ත ජීවිතේට කරන්න පුළුවන් පට්ට අවුල මොකක් ද කියලා?
ඔයාගේ ආවේනික බය ආසාව වගේ දේවල් වලට සෙට් වෙන දෙයක් ඇත්ත සමාජේ ඔයාට දරාගන්න බැරි වෙලාවක සෙට් වුනොත් ඒක ඔයාට අනිවාර්යයෙන්ම ලොකු බලපෑමක් ඇති කරනවා. හිතන්න කෙනෙක් ඔයාගේ ආවේනික බය නැත්තන් ආවේනික ආශාවක් වගේ දෙයක් හරියටම දැනගත්තා කියලා(එහෙම මීටරේ තියෙන ඩයල් ඉන්න පුළුවන්. දේශපාලකයෝ වගේ
).පොරට පුළුවන් ඔයාව යම්තාක් දුරකට පාලනය කර ගන්න. ඒ වගේම අහම්යකින් ඔය වගේ ආවේනික බයකට ආශාවකට අහුවුන කෙනෙක් අමාරුවේ වැටෙන්නත් ඉඩක් තියෙනවා.