හීන පිරුණු හිත අද්දර

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
හීන පිරුණු හිත අද්දර

හීන පිරුණු හිත අද්දර
ආල හැඟුම් හැමතිස්සෙම
කෝල බැලුම් හෙලනා
නුඹ නමින් මැවෙනවා

පිණි ඉහිරුණු තණ බිස්සක
සඳවත නැග එන යාමෙක
නුඹේ හිනා බලන් ඉන්න
පෙරුම් පුරනවා..



සීත පිරුණ හිමිදිරියක
පාට පිරුණු මල් ගොමු වල
සියුම් සුලඟ ඔබේ සුවඳ
අරගෙන එනවා

සසර පුරා හැම භවයෙම
සෙනෙහෙ පිරුණ මතකය ගෙන
නුඹත් එක්ක තොඳොල් වෙන්න
බලන් ඉන්නවා..
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මචන්..ඔයාලියපු එකක්ද.. මට ඕකට මියුසික් දාන්න පුලුහන්ද...හැබැයි ශුවර්ම නෑ...මේ දවස්වල මගෙ ඔලුව පොඩ්ඩක් කචල්..ඔයාව කොන්ටක්ට් කරගන්න ක්‍රමයක් තියනවද...එලකිරි එකේ හැමදාම ඉන්නවද
     
    Sep 4, 2015
    3,212
    269
    0

    රූකඩ මඩු යාය කෙනේ කෝල නොවී රුවට නුබේ.. :lol:
    ආල පිරුණු මා ගැන දැන් නැද්ද නිනව්වක්..

    පට්ට බන් සින්දු රචකයෙක් වෙයන්කො..
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    මචන්..ඔයාලියපු එකක්ද.. මට ඕකට මියුසික් දාන්න පුලුහන්ද...හැබැයි ශුවර්ම නෑ...මේ දවස්වල මගෙ ඔලුව පොඩ්ඩක් කචල්..ඔයාව කොන්ටක්ට් කරගන්න ක්‍රමයක් තියනවද...එලකිරි එකේ හැමදාම ඉන්නවද


    ඔව් මචං ඉන්බොක්ස් බලන්නකෝ PM කලා

    :love:
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන

    රූකඩ මඩු යාය කෙනේ කෝල නොවී රුවට නුබේ.. :lol:
    ආල පිරුණු මා ගැන දැන් නැද්ද නිනව්වක්..

    පට්ට බන් සින්දු රචකයෙක් වෙයන්කො..

    අඩේ තැන්කු බං උඹ කලිනුත් කිව්වා චාන්ස් නැති ඒකයි බං තියෙන්නේ :love: