ගැස්ට්‍රයිටීස්වල�� � � සහනය දෙන හීල්බත්වල විටමින් B අඩංගුයි
රෑ ඉතුරු වූ බත් ටික ශීතකරණයේ නොතබා පසුදා උදේ ආහාරයට ගන්න
හීල්බත් කිව්වාම ගැමියාට නම් නුපුරුදු දෙයක් නොවන බව කවුරුත් දන්නවා. උදෑසන ආහාර වේලට, පෙරදා රාත්‍රියේ පිසූ බත්වල ඉතිරියෙන් තමයි හීල්බත් සකස් කරගන්නේ. ඇත්තෙන්ම විශේෂ සකස් කිරීමක් සිදුවන්නේ නැහැ. නම පමණයි වෙනස් වන්නේ.
ගොවීන් ගොවිතැන් කටයුතු කරන්නට යන්නේ මේ උදයේ ආහාර වේලෙන් පසුවයි. දහවල ආහාර වේල තෙක් ගොවිපළේ කැත්තේ උදැල්ලේ වැඩ කරන්නේ මේ ශක්ති ජනක ආහාර වේල ගෙනයි. ඔවුන්ගේ ක්‍රියාශීලී ජීවිතයට හීල්බත් කොතරම් ගුණාත්මක වටිනාකමක් දී ඇත්ද යන්න මින් අපට පැහැදිලි වෙනවා.
නමුත් නාගරික ජනතාවගෙන් මේ හීල්බත් ආහාර කෙමෙන් කෙමෙන් ඈත් වන වග අපට පෙනී යන කරුණක්. කෙටි කෑම වර්ග පිටි ආශි‍්‍රතව ජනපි‍්‍රය වී ඇති නිසා හීල්බතට අභියෝගයක් වෙනවා. ඉතින් එවැනි කරුණු කාරණා නිසා හීල්බතට නව ප්‍රබෝධයක් ලබා දෙන්නට ඒ ගැන කරුණු විමසන්නටත් පුරාතන සමාජයේ මෙතරම් ජනපි‍්‍රය වී තිබුණු හීල්බත් ගැන තොරතුරු බිඳක් ඔබ හමුවට ගෙන එන්නට වෛද්‍ය චන්ද්‍රිකා වැලිවිිටිගොඩ විස්තර සැපයුයේ මෙසේයි.
හීල්බත ශීත ගුණ ආහාරවලට අයත් වෙනවා. අද කාලයේ මෙය හැමෝටම කෑමට බැරි වෙනවා. කාලීනව පවතින ශාරීරික විෂමතා ඊට හේතුවයි. සමහරුන්ට ශීත අධික ආහාර ගුණ දෙන්නේ නැහැ. එයට හේතුව සෙම අධික වන නිසා.
නමුත් මහන්සි වෙලා, පයින් ඇවිදලා වැඩ කරන අයට හීල්බත් ශක්ති ජනක ආහාරයක් වෙනවා. ඒ වගේම ආමාශගත දැවිල්ල (ගැස්ට්‍රයිටීස්) ඇති අයට ගුණදායක වෙනවා. සිරුරේ දාහ ස්වභාවය සමනය කරනවා.
පෙරදා රාත්‍රී ආහාර ගත් පසු ඉතුරුවන බත් අතින් පොඩි නොකර එය හැන්දක් ආධාරයෙන් කලවම් කර හොඳින් පිරිසිදුව වසා සතුන්ට කන්න බැරිවෙන්න ප්‍රවේශම්ව තබා ගත යුතුයි. පාරම්පරිකව එන සමාජය එය සකසා ගන්නේ මැටි වළඳේය. උයන ලද දර ලිප මතම එය තබා අඟුරුවල රස්නය වැදි වැදී එය කිසිදු අපි‍්‍රයජනක සුවඳක්වත් ඇලෙන සුළු ගතියක්වත් නැති ප්‍රසන්න ස්වභාවයෙන්ම පසුදින ඔවුන්ට හීල්බත් ලෙස ගැනීමට පුළුවන් වෙයි.
නමුත් අද සමාජයේ එය Rice cooker එකේ පිසින විට හීල්බත් ලෙස ගන්නට පහසු කාර්යයක් නොවේ. පෙර කිවූ පරිදි අතින්වත් පොඩි නොකර දිය ගතිය නැතිව Rice cooker එක වසා තබන්නට මතක තබාගන්න. ඒ වගේම දැන් ශීතකරණයේ ඉතුරු බත් තබන්න පුරුදු වී සිටින නිසා හීල්බත් කන්නට ඔබට අවස්ථාව සැලසෙනවා අඩුයි. මන්දයත් එහිදී ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය අවම වන නිසයි. බත සීතල වීමක් මිස මැටි වළඳක මෙන් හොඳින් හීල්බත් වන්නේ නැහැ.
මැටි වළඳක තබා තැබීමෙන් හිතකර ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය නිසා විටමින් B වර්ග හීල්බත්වල ඇතිවෙනවා.
මේවා ශරීරයට සෞඛ්‍ය හිතකරභාවයක් ඇති කරයි. ඊට අමතරව හීල්බත් ස්වභාවික රසකාරක (ගොරකා, කරපිංචා, සුදුළූණූ, ගම්මිරිස්) දමා හැදූ ඇඹුල් තියල් සහ හොඳට දෙහි ඇඹුල් දමා හැදූ කිරි හොදි සමඟ ගැනීමෙන් ආහාර රුචිය පවා වැඩිකර ගන්නට හැකියි. එවිට පෝෂණය වැඩි වෙනවා. ස්වභාවික රසකාරක සමඟ ගන්නා හීල්බත් නිසා සිරුරේ රෝග පවා නැතිවී යයි.