හුක#න_ආසද? 11 හැවිරිදි දැරියකට? Join today
එකොලොස් හැවිරිදි දැරියක 41 හැවිරිදි පුරුෂයෙකුට විවාහ කරදීම සම්බන්ධයෙන් මැලේසියාවේ ප්‍රබල ආන්දෝලනයක් මතුවෙමින් පවතී.
විවාහ විය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා සංශෝධනය කරන ලෙස ඒ සමග ඉල්ලීම් ඉදිරිපත් වේ.
16 වෙනි විය සම්පූර්ණ වන තෙක් දැරියට සිය නිවසේ රැඳී සිටිය හැකි බවට එකඟතාව මත ඉහත කී පුද්ගලයාගේ තෙවන බිරිඳ ලෙස විවාහපත් වීමට තැන අවසර දුන් බව දැරියගේ තායි ජාතික දෙමව්පියෝ පවසති.
තායිලන්තයේ සිදු වූ විවාහය සම්බන්ධයෙන් තමන් සතුව වාර්තා නොමැති බව පවසන මැලේසියානු ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව සඳහන් කරයි.
ඉහත කී විවාහය "කම්පනය දනවන සුළු සහ පිළිගත නොහැකි" බව ළමුන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය පවසයි.
"ළමයා කැමතිම දේ එය නොවෙයි," යනුවෙන් යුනිසෙෆ් ආයතනයේ මැලේසියානු නියෝජිතවරිය මැරියන් ක්ලාර්ක් හැටින්ග් පැවසුවාය.
විවාහය පිළිබඳ දන්නා කරුණු මොනවාද?
විවාහ උත්සවයෙන් පසු වැඩිහිටි මනාලයා දැරියගේ අත අල්ලා සිටින ආකාරය දැක්වෙන ඡායාරූප ප්‍රකාශයට පත්ව තිබිණි.
ඔහු තවත් කාන්තාවන් දෙදෙනෙක් සමග දැනටමත් විවාහ වී සිටින අතර ඔහුට අවුරුදු 5 සිට 18 දක්වා වයසේ පසුවන දරුවන් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
දැරියගේ දෙමව්පියන් මැලේසියාවේ ඊසාන දිග පිහිටි කෙලන්ටන් ප්‍රාන්තයේ රබර් කිරි කැපීමේ නිරත යුවලක් බවත් වාර්තා වේ.
දැරියගේ දෙමව්පියන් දුගී ජීවිතයක් ගෙවන අතරතුර මනාලයා සමෘධිමත් වෙළෙන්දෙකු බව මැලේසියාවේ ක්‍රියාකාරීහු පවසති.
මැලේසියාවේ පවතින නීතිය කුමක්ද?
මැලේසියාව තුළ නීත්‍යානුකූලව විවාහ වීමේ වයස් සීමාව අවුරුදු 18 ය. අවුරුදු 16 ට අඩු දැරියන්ගේ මුස්ලිම් විවාහ සඳහා ඉස්ලාමීය ෂරියා අධිකරණවලට අනුමැතිය ලබා දිය හැක.
කෙසේ නමුත් ඉහත කී විවාහය සම්බන්ධයෙන් පළාතේ ආගමික අධිකාරිය සතුව වාර්තා කිසිවක් නොමැති බව මැලේසියානු ආණ්ඩුව පවසයි.
ආගමික අධිකරණයක අනුමැතිය නොමැති නම් ඉහත කී විවාහය නීත්‍යානුකූල නොවන අතර මනාලයාට මාස හයක් දක්වා වූ සිර දඬුවමක් නියම කළ හැකි බව කාන්තා, පවුල් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය පැවසීය.
"අවුරුදු එකොළහක ගෑනු ළමයෙක් බඳිනවා කියන්නේ බාල වයස් අපරාධකරුවෙකුගේ වගේ හැසිරීමක්," යනුවෙන් ක්‍රියාකාරිනියක වන සයිඩ් අස්මි අල්හබ්ෂි ඒඑෆ්පී පුවත් සේවයට අදහස් දක්වමින් සඳහන් කළාය.
වයස අවුරුදු 15 ට අඩු දැරියන් 16,000 දැනටමත් විවාහපත් වී සිටින බව ක්‍රියාකාරීන් පෙන්වා දෙන බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කරයි.
මැලේසියාව පසුගිය වසරේදී ළමුන්ට එරෙහිව ලිංගික අපරාධ සම්බන්ධයෙන් නව නීතියක් සම්මත කළ නමුත් ළමා විවාහ අපරාධයක් ලෙස ඊට ඇතුළත් කර නොමැත.
ළමා විවාහ පිටුදැකීම තේමා කර ගනිමින් "දැරියන් මනමාලියන් නොවේ" යන මැයෙන් ක්වාලාලම්පුර් අගනුවර පසුගිය සතියේදී සමුළුවක් පැවැත්විණ.