හුණහපුලුවා

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    pc25gamageetal.jpg

    pc25gamageet.jpg

    loristardigradusnyct.jpg


    මේ තමා හුණහපුලුවා,රතුදත්ත පොතේ වදවී යන සතෙක් හැටියට නම් කරල තියෙන්නේ,මෙයාව හොයාගෙන තියෙන්නේ හෝටන් තැන්නෙන් වසර 72 පස්සෙ,හෝටන්තැන්නේ පැය 200 නිශාචර පරීක්ශනයකින් තමා හොයාගෙන තියෙන්නේ,කොළබ විශ්ව විද්්‍යාලයේ ආචාර්ය සමන් ගමගේ,ලන්ඩනයේ සත්ව විද්යා සòගමයෙන් ආචාර්ය ජේ.ටි.රියර්ඩොන්,ආචාර්ය සරත් කොටගම කියන මහත්වරු තමා මෙයාව හොයන්න මූලිකත්වය අරගෙන තියෙන්නේ,මීට ඉස්සල්ලා 1937 සහ 1942 තමා මීට ඉස්සල්ලා හෝටන් තැන්නෙන් වාර්තා වෙලා තියෙන්නේ. ඔන්න හුණහපුලුවා....
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    හුණහපුලුවා නෙවෙයි බන් උනහපුළුවා
     

    ekwikum

    Banned
    Sep 26, 2008
    108
    1
    0
    මේ සතාගේ පිංතූරයක් මීට කලින් රතුදත්ත පොතේ තිවිල නෑ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    :rolleyes: මම හිතන්නෙ මේ කඳුකර උණහපුලුවා කියන සතා. උණහපුලු වර්ග කීපයක්ම ඉන්නව ඇතිනෙ ලෝකෙ.

    හෝර්ටන්තැන්න ප්‍රදේශයේ දිවිගෙවා වඳවී ගිය බවට සැලකූ කඳුකර උණහපුළුවා (mountain loris) වසර 72 කට පසු යළිත් හඳුනාගන්නට ශ්‍රී ලාංකික පර්යේෂක කණ්‌ඩායමක්‌ සමත්ව තිබේ.

    1939 වසරේදී ප්‍රථම වරට මෙම උණහපුළුවා හෝර්ටන්තැන්න ප්‍රදේශයේදී වතු නිලධාරිවරයකු විසින් අල්ලා ගැනීමෙන් පසු
    Hortan plains Slender loris යන ඉංග්‍රීසි නමින් හා Loris tardigradus nucticebodides යන විද්‍යාත්මක නමින් නම්කරනු ලැබ ඇති අතර මෙසේ මෙවර යළිත් අල්ලාගනු ලැබීමෙන් පසු මෙම සත්වයාගේ ප්‍රථම ඡායාරූපය ලොවට නිකුත් කරන බව ශ්‍රී ලංකා උණහපුළුවන් පිළිබඳ සංරක්‌ෂණ ව්‍යාපෘතියේ පර්යේෂණ කණ්‌ඩායම් නායක සමන් ගමගේ මහතා "දිවයින" ට පැවසීය.

    නුවරඑළිය කොනිකල්හිල් ප්‍රදේශයේදී මෙම සත්වයා මෙවර සොයාගෙන ඇත.

    ශ්‍රී ලංකාවේ උණහපුළුවන් පිළිබඳව කටයුතු කරන මෙම ව්‍යාපෘතිය ආචාර්ය පද්මලාල් සහ මහාචාර්ය සරත් කොටගම මහත්වරුන් යටතේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලය එක්‌ව සිදුකරනු ලබයි.
    දිවයින