හැම සතෙක්ම උපදින්නේ තනියම. බෞද්ධ ඉගැන්වීමට අනුව ආකාර 4කට ජීවය ඇති වෙනවනේ. ඒ ආකාර 4න් කොයි විදියට වුනත් ඒක එහෙමමයි. ඒ වගේම තමයි මැරෙන්නෙත් තනියම. කොයි තරම් ලොක්කෙක් වුනත් පුංචි මිනිහෙක් වුනත් ඒ ඕනාම කෙනෙක් මැරෙන්නෙත් තනියම. නමුත් සත්ව ස්වභාවය තමයි සාමූහිකව ජීවත් වෙන එක. ඒ තුලදී බලාපොරොත්තු වෙන්නේ තනියම ඉපදුන තනියම මැරෙන සත්වයා අනිකුත් අය වෙනුවෙන් ජීවත් වීම. අදටත් අපි කවුරු හරි කෙනෙක්ගෙ ගුණ කථා කරනවානම් ඒ කථා කරන්නේ ඒ කෙනා අනිත් අය වෙනුවෙන් ජීවත් වූ නිසාමයි. ස්වභාවිකවම අපි ජීවත් වෙන්නේ හුදකලාවමයි. ඒත් අපේ මානසික මට්ටම් නිසා අපිට ඒත තේරුම් යන්නේ නෑ. අපි දන්න එකම දේ නම් මේ ලෝකෙට අපි ආවේ කොහෙන්ද කියන්න අපි නොදන්න බවයි, මේ ලෝකෙන් අපි යන්නේ කොහේටද කියන දේ නොදන්න බවයි, නමුත් මේ ලෝකෙට ආපු අපි නැවත අපි නොදන්නා තැනකට යන තෙක් මේ අහස යටයි පොළොව උඩයි අතරේ අපිට ඉන්න ඉඩක් තියෙන බවයි, අපි ඇවිත් යනතෙක් ඒ අතරේ ඉන්න ඕනා කියන එකයි විතරයි.