හුරුල්ලන්ගෙන් වැසුනු නොර්වේ වෙරළ

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    හුරුල්ලන්ගෙන් වැසුනු නොර්වේ වෙරළ

    Herring_290px_12_01_04.gif

    Srilankamirror - වෙරළට ගොඩගැසූ මසුන් දහස්ගණනකින් උතුරු නෝර්වේ හි පිහිටි මුහුදු වෙරළක් වැසී ගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
    මේ ආකාරයෙන් වෙරළට ගොඩගසා ඇත්තේ හුරුල්ලන් ?නකි.

    මියගිය හුරුල්ලන් ටොන් 20ක් පමණ වෙරළතීරය පුරාවට විසිරී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    මීට නිෂ්චිත හේතුවක් තවමත් සොයාගෙන නොමැති නමුත් මීට හේතු විය හැකි මත කිහිපයක් පලවී ඇත.

    මෙම මසුන් ඔක්සිජන් නොමැති ප‍්‍රදේශයකට පිහිනීම, ඔවුන්ව ගොදුරු කරගන්නා තවත් මසුන් විසින් ඔවුන්ව වෙරළතීරය දෙසට ලූහුබැඳීම, කුණාටුවකට අසුව ගංමෝය ප‍්‍රදේශයකට ගසාගෙන ඒමෙන් අනතුරුව මිරිදිය හේතුවෙන් මිය යාම මෙලෙස පලවී ඇති මත කිහිපයකි.

    කෙසේවෙතත්, මෙම මසුන් කිසියම් රෝගයකින් මියගියේද යන්න සොයාබැලීමට පරීක්‍ෂණ පැවැත්වීමට හැකි වෙතැයි විද්‍යාඥයින් බලාපොරොත්තු වෙයි.

    එහෙත්, වසර 2012 දී ලෝක විනාශය සිදුවන බවට මායා ගෝති‍්‍රකයන් පළ කර ඇති මතය විශ්වාස කරන ඇතැමුන් පවසන්නේ මෙය ලෝක විනාශයේ පෙරනිමිත්තක් බවයි.

    මෙය, නව වසර උදාවීමත් සමග වාර්තා වූ මෙවැනි පළමු සිදුවීම නොවේ.

    හිටිගමන් අහසින් කඩාවැටී මියගිය කවුඩු පනික්කියන් 200ක් පිළිබඳව පසුගිය 01දා ඇමෙරිකාවේ ආකන්සා ප‍්‍රාන්තයේ කුඩා නගරයකින් වාර්තා විය.
    Herring1.gif










     
    Last edited by a moderator: