හුවාහින්-දුම්රිය-පොළේ

sanumadu

Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    හුවාහින්-දුම්රිය-පොළේ

    හුවාහින් දුම්රිය පොළේ රාජකීය විවේකාගාරය


    2016-11-26-ent-13.jpg


    ජනතාවට එදිනෙදා ගමනාගමන පහසුකම් සපයා ගැනීමට තිබෙන දුම්රිය ස්ථානයක් සංචාරකයින් පිනවන ආකර්ෂණීය නැරඹුම් මධ්‍යස්ථානයක් වුවහොත් එය කෙතරම් අපූරුවට තියෙයිද? මගී ප‍්‍රවාහනයෙන් ඔබ්බට ගොස් ආකර්ෂණීය සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් මේ අපූරු දුම්රිය මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ තායිලන්තයේ ය.

    බැංකොක් අගනගරයේ සිට කිලෝමීටර් 200ක පමණ දුරකින් පිහිටි හුවාහින් නගරය එරට ප‍්‍රසිද්ධම සංචාරක මධ්‍යස්ථානයකි. හුවාහින් නගරය සංචාරකයින් අතර වඩාත්ම ආකර්ෂණයට ලක්ව පවතින්නේ මේ අපූරු දුම්රිය ස්ථානය නිසාය.

    තායි දකුණු දිග දුම්රිය මාර්ගයේ අංක එකේ දුම්රිය ස්ථානය ලෙස හැඳින්වෙන හුවාහින් දුම්රිය ස්ථානය තායිලන්තයේ සේම මේ වන විට මුළු ලෝකයේම ජනප‍්‍රියම දුම්රිය ස්ථානය වශයෙන්ද වාර්තා ගත වී තිබේ.

    පසුගිය දා අභාවප‍්‍රාප්ත තායිලන්තයේ භූමිබෝල් අදුල්යාතේජ් රජු ගිම්හාන කාලය විවේකිව ගතකරන රජ මාලිගයද හුවාහින් දර්ශනීය මුහුදු තීරය අද්දර පිහිටා තිබෙන අතර ඒ හේතුවෙන් මෙන්ම රජුගේ විවේකය සඳහා ඉදිකෙරුණු රාජකීය දුම්රිය විවේකාගාරයක් සහිත දර්ශනීය ගොඩනැගිල්ල නිසාද හුවාහින් දුම්රිය ස්ථානය බෙහෙවින් ප‍්‍රසිද්ධව පවතී.

    වර්ෂ 1911 දී අරඹන ලද හුවාහින් දුම්රිය ස්ථානය සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන්නේ 1940 වසරේදීය. 1967 වසරේදී එවකට තායිලන්තයේ රාජ්‍ය දුම්රිය අමාත්‍යවරයාව සිටි කර්නල් සියන්ග් චූලාචෙරිට් මහතා විසින් රාජකීය දුම්රිය විවේකාගාරය ඉදිකරනු ලැබීය. මෙය ‘‘ප‍්‍රා මොන්කුට් ක්ලැමේ’’ නමින් නම්කර ඇත.

    එම කාලයේදී මෙම දුම්රිය ස්ථානය අලංකාර කිරීම පිණිස භාවිතා කළ තද රෝස පැහැය සහ ක‍්‍රීම් වර්ණය හේතුවෙන්ම හුවාහින් දුම්රිය ස්ථානය බෙහෙවින් ජනප‍්‍රිය වූ අතර අද වන විට එම වර්ණයන් හුවාහින් නගරයේ මංමාවත්වල විවිධ නාම පුවරු මෙන්ම රාජ්‍ය ගොඩනැගිලිද වර්ණ ගැන්වෙන පොදු වර්ණයක් බවට පත්ව තිබීම විශේෂ කරුණකි.​

    2016-11-26-ent-12.jpg


    දිනපතාම විදෙස් සංචාරකයින් දහස් ගණනක් මෙම ස්ථානය දැකබලා ගැනීම සඳහා පැමිණෙති. එහි අපූරු වර්ණවත්භාවය, පිරිසිදුභාවය සමග ඡුායාරූප සඳහා තිබෙන අලංකාර පසුතලය හැරුණු විට වෙන කිසිදු විශේෂත්වයක් එහි දක්නට නොමැත. නමුත් වර්තමාන ලෝකයේ සංචාරක ප‍්‍රවර්ධනය සඳහා ගැලපෙන දේ ප‍්‍රවර්ධනය කොට ඒ පිළිබඳව මුළු ලොවටම ප‍්‍රචාරයක් ලබාදීමට තායි රජයේ සංචාරක අමාත්‍යාංශය ගන්නා වෙහෙසේ ප‍්‍රතිඵලයක් ලෙස හුවාහින් දුම්රිය ස්ථානය හැඳින්විය හැකිය.

    මේ අදහස පෙරදැරිව මේ අපූරු දුම්රිය ස්ථානය නැරඹීම සඳහා සවාරි සංචාරක සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි නාලක කරුණාකලගේ මහතා අපව රැගෙන ගියේ බැංකොක් නුවර සිට ඒ සඳහා ඇති අධික දුර ද නොසළකමිනි. ඒ ඔහු තායිලන්තයේ විසුවද ශ්‍රී ලාංකිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමට දක්වන අතිමහත් කැමැත්ත නිසා ම ය.

    ‘‘වසරකට තායිලන්තයට ලක්ෂ දෙසීයකට වැඩි විදෙස් සංචාරකයින් පිරිසක් ඇදිලා එන්නේ තායි ජාතිකයෝ තම රට ලෝකයට මාර්කටින් කරන්න තියෙන නිර්මාණශීලි දක්‍ෂ පිරිසක් නිසයි. අපේ රටේ තිබෙන ඇල්ල, බණ්ඩාරවෙල, ඔහිය, ඉදල්ගස්හින්න, දෙමෝදර, බදුල්ල, නානුඔය, මහනුවර, පේරාදෙණිය දුම්රිය ස්ථාන හුවාහින් දුම්රියපොළට වඩා කොච්චර ලස්සනද? අදටත් මේ දුම්රිය ස්ථාන හරහා විදේශිය සංචාරකයෝ ගමන් කරනවා. මේ දුම්රිය ස්ථාන හරිම අපිරිසිදුයි. ඒවගේම අක‍්‍රමවත්. මේ ස්ථානවල පිරිසිදු බව ඉහළ නංවලා, අපේ රටට ගැලපෙන ආකාරයට අලංකාරවත් විදිහට සකස් කළොත් හුවාහින්වලට වඩා මුළු ලෝකයේම ප‍්‍රසිද්ධ වෙයි. ඒ සඳහා නිර්මාණශීලි මිනිස්සු අපේ රටේ නැද්ද? ‘‘මේ නාලක මහතා අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ බලධාරින්ට යොමුකළ ප‍්‍රශ්නයයි. මේ අපූරු දුම්රිය ස්ථානය හා වැඩිදුර විස්තර , "Savaritravels.com", වෙබ් අඩවියෙන් බලා ගැනීමට පුළුවන.​

    2016-11-26-ent-19.jpg


    2016-11-26-ent-17.jpg


    2016-11-26-ent-16.jpg


    2016-11-26-ent-15.jpg


    2016-11-26-ent-14.jpg

    http://www.saaravita.lk/travel
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හුවා-හින් රජ මාළිගාවට නම් ගිහින් තියෙනවා. ෂා!! දුම්රිය ස්ථානය බලන්න බැරිව ගියානේ.