හූ.....හූ.....හූ.....හූ.....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජනපතිවරණයේදී පොහොට්ටු ලකුණින් තරග වදින ගෝඨාභය රාජපක්ෂ දිනවීම සඳහා පසුගියදා ශ්‍රීලනිප සහාය ලබාදෙන බවට සභාපති මෛත්‍රී ස්වාධීන වීමෙන් පසු පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කරන ලැබූ නමුත් පක්ෂයේ මතය එය නොවන බවට විවිධ අදහස් පළ විය. ඊට දින දෙකකට පසු පැවැත්වූ ඇල්පිටිය පුංචි ඡන්දයේදී
    පොහොට්ටුව ලකුණ පෙනි පෙනී එයට ඡන්ද නොදා තමන්ට පුරුදු පක්ෂ සලකුණ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නට ඇල්පිටියේ ඡන්ද දායකයින්ද ක්‍රියාකර තිබුනේ මෙම පක්ෂ මාරුවට හැමෝම කැමතිදැයි යන්න ප්‍රශ්නාර්ථයක් තබමිනි.
    ජනපති මෛත්‍රී මෙම තීරණය ගන්නට බැරිව අවසන් මොහොත දක්වා

    විවිධ පසුබෑම් ඇති කරගත්තේද සංවිධායකයින් වැඩි පිරිස ඉතා තදින්ම මෙම තීරණයට නොකැමති බැවිනි.
    අනෙක් අතට පොහොට්ටුවට සම්බන්ධ බිම් මට්ටමේ රාජපක්ෂවාදීන් ශ්‍රීලනිපයෙන් හැලී එන අයටද සිය විරෝධය පෙන්වා තිබුණි.

    දුමින්ද දිසානායක අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදි හූවකට ලක්වූ අතර
    අනතුරුව ජෝන් සෙනවිරත්න මන්ත්‍රිවරයාට ද රත්නපුර රැලියකදි හූ තැබීමට ලක් වීමට සිදුවිය. තත්ත්වය සමනය කිරීමට පවිත්‍රා වන්නිආරච්ච් හා වාසුදේව නානයක්කාර ට මැදිහත් වීමට පවා සිදුව තිබුණි.

    ඊයේ කුරුණෑගල පැවති ජන රැලියට ආ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ටී බී ඒකනායක මන්ත්‍රිවරයා රැස්වීම ඇමතීම ආරම්භ කිරීමත් සමඟ රැස්ව සිටි පාක්ෂිකයන්ගෙන් ඔහුට හිමි වූවේ නොනවතින හූ හඬකි.
    එසේම ගල්ගමුව සති පොළ භූමියේදි තාරානාත් බස්නායක මන්ත්‍රිවරයාට පොහොට්ටු සාමාජිකයන් විසින් හූ තැබු අතර එම අවස්ථාවේදි තත්ත්වය

    පාලනය කිරීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා මැදිහත්ව තිබුණි.

    මෙම තත්වයන් තුළ ඉදිරි මහමැතිවරණයකදී මේ ආකාරයට ශ්‍රීලනිපයෙන් ශ්‍රීපොජපෙට යන අයට ඡන්දයෙන් මන්ත්‍රී ධූර ලැබීම පවා අවිනිශ්චිත තත්වයක පවතින අතර පසුගිය මහමැතිවරණයේදී එස්බී,අමුණුගම,මහින්ද සමරසිංහ ආදීන්ට සිදුවූ පල විපාකයන්ට මුහුණදීමට සිදුවනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයින් මත පළ කර තිබේ.
    මේ අතරවාරයේ තමන්ට යළි රාජපක්ෂ කණ්ඩායම සමග ගමනක් නැති බව ප්‍රත්‍යක්ෂ කරගත් පිරිසක් අද සජිත්ට සහාය පළ කිරීමේ අදහස දන්වා සිටින මාධ්‍ය හමුවක් කොළඹදී පවත්වන්නට නියමිත බව වාර්තාවේ.

    මේ සඳහා එක්වන අය තවම අප්‍රකටය. එක්සත් ජාතික පක්ෂය විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර ඇති අතර එක්වන පිරිස පිළිබඳව අවසන් මොහොත දක්වා හෙළි නොකරන බව දන්වා ඇත.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Huu kiyanna kattiya UNP eken set karalalu neda.
    SLFP and pohottuwa kotawana plan eka kageda.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,761
    113
    ......... ජෝන් සෙනවිරත්න මන්ත්‍රිවරයාට ද රත්නපුර රැලියකදි හූ තැබීමට ලක් වීමට සිදුවිය. තත්ත්වය සමනය කිරීමට පවිත්‍රා වන්නිආරච්ච් හා වාසුදේව නානයක්කාර ට මැදිහත් වීම
    තාරානාත් බස්නායක මන්ත්‍රිවරයාට පොහොට්ටු සාමාජිකයන් විසින් හූ තැබු අතර එම අවස්ථාවේදි තත්ත්වය

    පාලනය කිරීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා මැදිහත්ව තිබුණි.
    .

    :rofl::rofl:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    යුඇන්පී යට මුක්කු ගැහීම හින්ද පැහැදිලි මත ගැටුමක් තිබ්බනෙ පොහොට්ටුවෙයි නිදහස් පක්ශයෙයි.. නායකයො පක්ශ වසයෙන් කොහොම තීරන ගත්තත් සාමාජිකයො 100 සීයක් ඒමතයේ නෑ නෙ.. ඒකෙ වාසිය අරන් කොටවන්න වැඩපිලිවක් යනවා.. හැබැයි බොරු මාද්‍ය සාකච්ඡා තිය තිය නිදහස් පක්ශෙ බේරගන්න. යූඇම්පියට සහය දෙනව කියන එක තනිකරම විහිලුවක්...
    ජොන්ට කරනදේ හරි කට්ටිය පාලනය කරල අරමුන හා අවශ්‍ය මොකක්ද කියල කියනවා...
    අනික යූඇම්පී උන් රිශාඩ් හිටිය කියලා හූ කියුවද නෑ නෙ.... හුරේ කියුව මිසක්