ජාඇල සුපිරි බූරුපොළ වැටලීමට ගිය
පොලිස් නිලධාරීන්ට නිරුවතින් 'හූ' කියමින්
බාධා කළ කාන්තාවට සහ දියණියන්ට ඇප නැහැ
මීගමුව සමූහ - විමල් කීර්ති
ජාඇල දඬුගම ඉතා සංවිධානාත්මකව කාන්තාවක් සහ ඇගේ දියණියන් දෙදෙනා විසින් පවත්වාගෙන ගිය මහා පරිමාණයේ සුපිරි බූරු පොළ වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඇඳුම් උනා දමා පොලිස් නිලධාරීන් ලැඡ්ජාවට පත්කරමින් "හූ" කියමින් නිරුවතින් නැටූ බව කියන එම සූදු පිටිය මෙහෙයවූ කාන්තාව හා දියණියන් දෙදෙනා සහ බූරු ගැසීමට පැමිණි සුපිරි පැළැන්තියේ පුද්ගලයන් පස්‌දෙනාට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා එම සැකකරුවන් අටදෙනා දෙසැම්බර් මස 18 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.
ජාඇල පොලිසිය මගින් අධිකරණය වෙත ගොනු කළ පැමිණිල්ලේ සැකකරුවන් වූයේ ජාඇල දඬුගම, කිඳිගොඩ, බදුල්ල සහ සීදුව බණ්‌ඩාරවත්තේ පදිංචිකරුවන් වන බී. ඒ. සුනේත්‍රා රොද්‍රිගු, එස්. ඒ. ශාලිකා, එස්. ඒ. ගයානි නිදීශා, ගයාන් දනුෂ්ක ප්‍රනාන්දු, ඩී. සුජීව, සුනිල් ජයරත්න, නිරෝෂන් අසේල ප්‍රනාන්දු සහ නිලංග කුමාර නමැත්තන්ය.
එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් ජාඇල පොලිසිය මගින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව මෙම වැටලීම මෙහෙයවා ඇත්තේ පෑලියගොඩ දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්‍ෂක මහවත්ත මහතාය. ඔහු සහ පොලිස් නිලධාරීන් බූරුපොළ වැටලූ අවස්‌ථාවේ එය මෙහෙයවූ කාන්තාවන් තිදෙනා සහ බූරුවා සූදුවට පැමිණි පිරිමි සැකකරුවන් පස්‌දෙනා ඔවුන්ගේ ඇඳුම් උනා දමා හූ කියමින් නටන්නට පටන් ගත් බව අධිකරණය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඉන් වික්‍ෂිප්තභාවයට පත් වූ පෑලියගොඩ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් ඔවුන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව ජාඇල පොලිසියට වහා දැනුම් දී තිබේ.
එම අවස්‌ථාවේ ජාඇල පොලිසියේ පොලිස් පරීක්‍ෂකවරුන් වන විඡේරත්න සහ ප්‍රනාන්දු යන පොලිස් නිලධාරීන් එම ස්‌ථානයට කාන්තා පොලිස් නිලධාරීනියන් පිරිසක් සමඟ පැමිණ ඇත. මෙම සිද්ධිය කටින්කට යැම නිසා මෙම අපූරු සිද්ධිය බැලීමට බූරුපිටිය අසල විශාල පිරිසක් එක්‌රොක් වූ බව පැමිණිල්ලේ සඳහන් වේ. පසුව කාන්තා පොලිස් නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තැත් කළ අවස්‌ථාවේ ඔවුන් පොලිස් නිලධාරීන්ගේ අත් සපා කා යළි හූ කියමින් නටන්නට පටන් ගත් බව පැමිණිල්ලේ සඳහන් වේ.
පසුව පෑලියගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සහ ජාඇල පොලිස් නිලධාරීන් එක්‌ව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විභාගය දෙසැම්බර් මස 18 වැනි දින පැවැත්වේ.
පොලිස් නිලධාරීන්ට නිරුවතින් 'හූ' කියමින්
බාධා කළ කාන්තාවට සහ දියණියන්ට ඇප නැහැ
මීගමුව සමූහ - විමල් කීර්ති
ජාඇල දඬුගම ඉතා සංවිධානාත්මකව කාන්තාවක් සහ ඇගේ දියණියන් දෙදෙනා විසින් පවත්වාගෙන ගිය මහා පරිමාණයේ සුපිරි බූරු පොළ වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඇඳුම් උනා දමා පොලිස් නිලධාරීන් ලැඡ්ජාවට පත්කරමින් "හූ" කියමින් නිරුවතින් නැටූ බව කියන එම සූදු පිටිය මෙහෙයවූ කාන්තාව හා දියණියන් දෙදෙනා සහ බූරු ගැසීමට පැමිණි සුපිරි පැළැන්තියේ පුද්ගලයන් පස්‌දෙනාට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා එම සැකකරුවන් අටදෙනා දෙසැම්බර් මස 18 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.
ජාඇල පොලිසිය මගින් අධිකරණය වෙත ගොනු කළ පැමිණිල්ලේ සැකකරුවන් වූයේ ජාඇල දඬුගම, කිඳිගොඩ, බදුල්ල සහ සීදුව බණ්‌ඩාරවත්තේ පදිංචිකරුවන් වන බී. ඒ. සුනේත්‍රා රොද්‍රිගු, එස්. ඒ. ශාලිකා, එස්. ඒ. ගයානි නිදීශා, ගයාන් දනුෂ්ක ප්‍රනාන්දු, ඩී. සුජීව, සුනිල් ජයරත්න, නිරෝෂන් අසේල ප්‍රනාන්දු සහ නිලංග කුමාර නමැත්තන්ය.
එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් ජාඇල පොලිසිය මගින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව මෙම වැටලීම මෙහෙයවා ඇත්තේ පෑලියගොඩ දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්‍ෂක මහවත්ත මහතාය. ඔහු සහ පොලිස් නිලධාරීන් බූරුපොළ වැටලූ අවස්‌ථාවේ එය මෙහෙයවූ කාන්තාවන් තිදෙනා සහ බූරුවා සූදුවට පැමිණි පිරිමි සැකකරුවන් පස්‌දෙනා ඔවුන්ගේ ඇඳුම් උනා දමා හූ කියමින් නටන්නට පටන් ගත් බව අධිකරණය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඉන් වික්‍ෂිප්තභාවයට පත් වූ පෑලියගොඩ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් ඔවුන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව ජාඇල පොලිසියට වහා දැනුම් දී තිබේ.එම අවස්‌ථාවේ ජාඇල පොලිසියේ පොලිස් පරීක්‍ෂකවරුන් වන විඡේරත්න සහ ප්‍රනාන්දු යන පොලිස් නිලධාරීන් එම ස්‌ථානයට කාන්තා පොලිස් නිලධාරීනියන් පිරිසක් සමඟ පැමිණ ඇත. මෙම සිද්ධිය කටින්කට යැම නිසා මෙම අපූරු සිද්ධිය බැලීමට බූරුපිටිය අසල විශාල පිරිසක් එක්‌රොක් වූ බව පැමිණිල්ලේ සඳහන් වේ. පසුව කාන්තා පොලිස් නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තැත් කළ අවස්‌ථාවේ ඔවුන් පොලිස් නිලධාරීන්ගේ අත් සපා කා යළි හූ කියමින් නටන්නට පටන් ගත් බව පැමිණිල්ලේ සඳහන් වේ.