මනුෂ්‍ය රුධිරයේ දිය වී ඇති ප්‍රධාන තෙල් වර්ගය කොළෙස්ටරෝල් යනුවෙන් හඳුන්වනු ලබයි.අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් රුධිරයේ කොළෙස්ටරෝල් ඇති වු විට එම කොළෙස්ටරෝල් ප්‍රමාණය රුධිර නාලිකාවල තැන්පත් වේ.එලෙස රුධිර නාලිකා ඇතුළත කොළෙස්ටරෝල් තැන්පත් වු විට ධමනි කුහර සිහින් වී යයි. ඇතැම්විට සම්පූර්ණයෙන් ම වැසී යයි.එවිට රුධිර හීනතා තත්ත්වයක් උද්ගත වේ.
මැදි වියේ පුද්ගලයෙකුගේ රුධිරයේ කොළෙස්ටරෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 220% ට වඩා අඩු නම් එම පුද්ගලයාට හෘදයාබාධ වැළදීමේ අවධානම අඩු ය. පුද්ගලයෙකුගේ රුධිරයේ කොළෙස්ටරෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 250% දක්වා වැඩි වුවහොත් හෘදයාබාධ වැළදීමේ අවධානම දෙගුණ වේ. රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලි ග්‍රෑම් 250% සිට 300% දක්වා වැඩි වුවහොත් හෘදයාබාධ වැළදීමේ අවධානම නැවත දෙගුණ වේ. රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලි ග්‍රෑම් 160-180% දක්වා හෝ ඊට අඩු ප්‍රමාණයක් දක්වා හෝ අඩු වුවහොත් තෙල් තැන්පතු පවා මඳින් මඳ දියවන්නට ඉඩ ඇත. කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලි ග්‍රෑම් 180% ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් වුවහොත් එය යෝග්‍ය වේ.
පුද්ගලයෙකුගේ ශරීරයේ මේද තැන්පතුවක් ඇති වීමට බලපාන අවධානම් සාධක මොනවා ද?
හේතු සාධක රාශියක් පුද්ගලයෙකුගේ ශරීරයේ මේද තැන්පතුවක් ඇති වීමට බලපායි. ළබාල වියේ පටන් ම ශරීරයේ මේද තැන්පතු ඇති වීමේ ක්‍රියාවලිය ආරම්භ වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇත. තව ද මේද තැන්පතු ඇති වීම සඳහා ජානමය පසුබිම ද බලපානු ලබයි.අධික කොලෙස්ටරෝල් ( මෙය LDL කොලෙස්ටරෝල් ලෙස පවතින්නේ නම් අවධානම් තත්ත්වය වැඩිය. HDL කොළෙස්ටරෝල් වැඩි වීම ගුණදායක වන අතර,එය අඩු වීම අනතුරුදායක වේ.ට්‍රයිග්ලිසරයිඩ නම් වු මේදය මඳක් වැඩි වුවාට ගැටලුවක් නොවන අතර අධිකව වැඩි වුවහොත් ස්වාධින අනතුරුකාරක සාධකයක් වේ.)එමෙන් ම දියවැඩියාව,අධික රුධිර පීඩනය,ස්ථුලතාවය,දුම්වැටි ඉරීම,ව්‍යායාම මඳකම,රුධිරයේ හෝමෝසිස්ටීන් සංයෝගය වැඩි වීම,රුධිරයේ ලයිපොප්‍රෝටීන නම් සංයෝගය වැඩි වීම,මෙන් ම රුධිර කැටි ගැසීමපහසු කරන ෆයිබ්‍රිනෝජන් ප්‍රෝටීනය රුධිරයේ වැඩි වීම,ඉතා තියුණු මානසික ආවේග ඇති වීම,ඇතැම් ක්ෂුද්‍ර ජීවි ආසාදන නිසා අන්තශ්ඡදය තුවාල වීම. යනාදිය පුද්ගලයෙකුගේ ශරීරයේ මේද තැන්පතුවක් ඇති වීමට බලපාන අනතුරු කාරක සාධක වේ.
වර්තමානයේ පවතින අධික කාර්යය බහුල සමාජ රටාවත් සමඟ මිනිසුන්ට මානසික ආතතිය වැළදීමේ ප්‍රවණතාවය වැඩි වී තිබෙනවා. මානසික ආතතිය හෘද රෝගයට බලපාන්නේ කෙසේ ද?
කායික ව්‍යායාම තරමටම මානසික විවේකය ද හෘද රෝගියෙකුට අවශ්‍යය. මානසික අවිවේකය, එසේත් නැතහොත් අසහනය කරණ කොට ගෙන ශරිරය තුළ යම් යම් රසායනික ද්‍රව්‍ය ශ්‍රාවය වේ.මේ හේතුවෙන් රුධිර පීඩනය වැඩි වීම,නාඩි ගැස්ම වැඩි වීම,රුධිර සීනී වැඩි වීම ආදී වු වෙනස්වීම් සිරුර තුළ ඇති වෙයි. එම වෙනස්කම් හේතුවෙන් මානසික අවිවේකයට මුහුණ පෑමට ශරීරය වඩාත් සුසුසු බවට පත් වේ.එලෙස ස්‍රාවය වන ඇඩ්රිනලීන් නම් වු ස්නායු උත්තේජකය මගින් රුධිර ධමනිවල අන්තශ්ඡදයට හානි පැමිණෙයි. මෙහි දී හානි වු ස්ථාන මත රුධිරයේ පට්ටිකා කැට ගැසෙන්නට පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් විශාල ලේ කැටියක් බවට වැඩෙන්නට පුළුවන. මානසික අසහනය ඇති වීම හෘදයාබාධ වැළදීම වැඩි වීමට හේතුවක් බව වෛද්‍ය විද්‍යාඥයන් පෙන්වා දී ඇත.
තව ද මානසික අසහනයෙන් පෙළෙන්නන් බොහෝ විට මත් පැන්වලට හා දුම්පානයට ඇබ්බැහි වී සිටී.මේ හේතුවෙන් ද හෘදයාබාධ වැළදීමේ අවධානම වැඩි වේ.

meka hari , gdk aya hitan inne colestrol wadi unama nahara wala badenawa kiyala eka waradi, naharayak athule podi thuwala wage hadunama tamai cholesterol e awata badenne , ekai samaharunta kochara cholesterol wadi unath nahara wala badenne natte saha samaharunta cholesterol niyamitha mattame tilath heart attack enne